IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘ජනතා අවශ්‍යතා ඉටු කරන්න බැරිනම් ආණ්ඩුවෙන් යනවා‘

‘ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීමට බැරි වුණොත් ආණ්ඩුවෙන් යනවා‘ යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේ පැවැති උත්සවයකදී පැවසීය.

‘අප විසින් නිර්මාණය කරපු දේශපාලන නායකයන් පිරිසක් මෙතැන ඉන්නවා. හැබැයි ඒ අයගේ දේශපාලන විඥානය පිළිබඳව ඉදිරියේ දී අපට කල්පනා කරන්න සිදුවෙයි. තමා විසින් තමාගේම බඩ කපාගන්නා දේශපාලන නායකත්වයද එහෙම නැත්නම් දේශපාලන විරුද්ධවාදීන්ට උඩගෙඩි දෙන දේශපාලන ව්‍යාපාරද අපට අවශ්‍ය වන්නේ කියලා. එහෙම නැත්නම් සමගි වෙලා දේශපාලන පන්නරය රැකගෙන ජනතාවට සේවය කරන අයද අවශ්‍ය කියන කාරණය පිළිබඳව නිවැරදි තීරණයක් ජනතාව ගත යුතුයි‘ යැයි ද ඇමැතිවරයා කීය.

තමන් ඒකාබද්ධ රජයකට බැඳී කටයුතු කරන්නේ ප්‍රතිපත්ති පාවා දී නොවන බවත් ආණ්ඩුවට බැඳී පළාතට සේවයක් කිරීමේ අරමුණින් මිස ආණ්ඩුවේ කටු ලෙවකෑමට නොගිය බවත් ඇමැතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

‘ජනතා අවශ්‍යතා ඉටු කරන්න බැරිනම් ආණ්ඩුවෙන් යනවා‘

සරත් Sunday, 26 June 2016 07:42 AM

ගිහින් පෙන්වන්න කියා කියා ඉන්නේ නැතුව (බ)

:       0       0

සිරි Sunday, 26 June 2016 07:53 AM

කොළඹට එකක්, බදුල්ලට වෙන එකක්,හැබැයි කොහොම වුනත් ලබන පාර ගෙදර? (බ)

:       0       0

සත්‍යපාල Sunday, 26 June 2016 07:56 AM

මියෝ පනිනවා කියන්නේ නැව ඉලෙන්න ළගයි. (බ)

:       0       0

තිලක් - නුවර Sunday, 26 June 2016 08:09 AM

මමනම් හිතන්නේ ඔබතුමා දැන්ම ගෙදර ගියොත් හොඳයි කියල. මොකද, ඡන්ද දායකයා හුස්මගන්න, නාඩි වැටෙන, හිතන්න පුළුවන් කට්ටියක් වග ඡන්දෙට ඉස්සෙල්ලම තේරුම් ගන්න එක හොඳයි. (බ)

:       0       0

ජයසිරි Sunday, 26 June 2016 08:22 AM

ඕවට අහු වෙන්න එපා මිදී වලට උඩ පැන්න නරියෙකුත් ඔහොම කිව්වලු (බ)

:       0       0

උපාලි Sunday, 26 June 2016 08:31 AM

මට නම් කිසි දෙයක් තේරුම් ගන්න බැරිවුනා. ජනතා අවශ්‍යතාවය කිව්වේ මොකක්ද? ප්‍රතිපත්ති පාවා දීම වගේ බරපතල දේවල් නම් මට තේරෙන්නේම නෑ. ඔක්කොටම හපන් අර අර අනුමත වෙලා තියෙන කාර් වලටද කටු කියල කියන්නේ හිතනකොට සම්පුර්ණයෙන්ම මොළේ විකල් වෙනවා. (බ)

:       0       0

කමනි Sunday, 26 June 2016 09:16 AM

අපේ අවශ්‍යතා සිල්ලම ඉටු වෙනවා. අපි දාලා යන්න එපෝ! (බ)

:       0       0

කරු Sunday, 26 June 2016 09:33 AM

කොහෙත්ම අපිට විශ්වාස නැහැ ඔබලා ගැන (බ)

:       0       0

රජිත් මංජුල Sunday, 26 June 2016 10:15 AM

අපි එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් මහත්මයාව දුටුවෙමු අපි ලංකාවේ දේශපාලන කෙරුමන්ලාව දකින්නෙමු දැක ඇත්තෙමු (බ)

:       0       0

අසංග Sunday, 26 June 2016 10:41 AM

ඇයි එහෙනම් තාම ඉන්නේ? (බ)

:       0       0

චතුරි Sunday, 26 June 2016 11:12 AM

මහින්දගේ කාලේ ඉඳල යන්න. ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා එ්ත් දැන් යහපාලන ආණ්ඩුව නිසා යන්න. හිටපු කට්ටිය ගේ ඇස් ඇරිලා ජනතාවට වැඩ කරනවා බොහොම. හොඳයි ,ජනතාව අවදියෙන් බව සිතන්න (බ)

:       0       0

නන්ද Sunday, 26 June 2016 11:20 AM

ඔන්න අපේ නිමල් සිරිපාල ඇමතිතුමා, අපිට සතුටුවිය හැකි හොඳ තීරණයක් ගන්න වගෙයි යන්නේ. ඒ සඳහා අපෙනුත් සුබපැතුම්..! (බ)

:       0       0

කරීම් Sunday, 26 June 2016 12:42 PM

ඔයාල ගෙදර යන්න. ආයේ මොකද ඡන්දෙකින් දිනන්න කියලද? ඔය කන කටු රස නැහැ කියල අපි දන්නවා. එකනේ මේ අඬන්නේ. (බ)

:       0       0

දිල්ෂාන් Monday, 27 June 2016 10:57 AM

එහෙනම් තවත් ඇයි බලන් ඉන්නේ... (ර)

:       0       0

කුමාර Sunday, 26 June 2016 07:24 AM

අනේ හොදා (බ)

:       0       0

අර්ජුන රණවන Sunday, 26 June 2016 07:27 AM

මොන බොරුද. යනවානම් යන්න අනේ පම්පෝරි ගහන්නේ නැතුව . ගියොත් දහයක් එන්න ඉන්නවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 30 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2079 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1073 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 940 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 728 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2470 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site