ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කටයුතු කළ යුත්තේ ජනතා පරමාධිපත්‍යය රැක ගැනීමට මිස එක් එක් අයගේ බලය පෙන්වීමට නොවේ යැයි මහින්ද රාජපක්ෂ ජනපති රත්නපුරයේ දි ප්‍රකාශ කෙළේය. රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ජනපති පැවැසූයේ ජනතා පරමාධිපත්‍යය කිසිවකුටත් උදුරා ගත නොහැකි බවයි. ජනතා පරමාධිපත්‍යය රැකගැනීමට කළ හැකි හැම දෙයක්ම කළ යුතු යැයි ද ජනපති කීවේය. රජයේ සංවර්ධනයේ දී ගමත් නගරයත් දියුණු කිරීමට ප්‍රාදේශීය සභාව හා පළාත් සභාව පමණක් නොව ඇමැතිවරුන් හා මුළු රටම එක් විය යුතුය යැයිද ජනපති සඳහන් කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි කිව්වලු (ස)
මුදු රටේම මැතිඇමතිවරු ඔබතුමා එක්ක එකට පොදිගැහිලා ඉන්නේ. මොකටද? රට හදන්නද? නැහැ. එහෙනම්...? (නි)
http://www.lankadeepa.lk/index.php/articles/69146 වැඩිදුර තොරතුරු සඳහා ඉහත ලින්ක් එක බලන්න. (නි)
ජනතාව වන අපට ඉතාම වටිනවා මේ කතා...(නු)
මේ අක්නාජ්, ඔයා දන්නෙම නැද්ද, කවුද පරමාධිපත්‍යය හොරකම් කරලා තියෙන්නේ කියලා, අර කම්පනය හැදෙන්න ගැහුව එක්කෙනාගේ තාත්තා වාගේ අයනේ(නු)
ඔයා දන්නෙම නැද්ද, කවුද පරමාධිපත්‍යය හොරකම් කරලා තියෙන්නේ කියලා? (නි)
කියනකොට මෙහෙමයි. කරනකොට එහෙමයි. (නි)
චන්දන ඔයා සමහර විට ලංකාවෙ ජීවත් නොවෙන කෙනෙක් වෙන්න ඇති..!(නු)
මේවා කියන්න ඕන ඔයාටම තමයි..!(නු)
චන්දන මහත්තයා ඉහත අනෙක් අයගේ කමෙන්ට් අතර ඔයාගේ කතාව ගැන ලජ්ජා විය යුතුයි. ඔබතුමා කියන විදියට වාහනේකට එන්ජිම හා රෝද මිස බ්රේක් අවශ්‍ය නැහැ. හැබැයි ඔබ වගේ කෙනෙක්ම මිස මොලයක් ඇති කෙනෙක් එවැනි බ්රේක් නැති වාහනයක් ගන්න හිතන්නේ නැහැ. (ස)
සත්‍ය කියමනක්. රටේ නායකයාට අවශ්‍ය තීරණ ගැනීමටත් එය ක්‍රියාත්මක කිරීමටත් විව්‍යස්ථාදායකයත් අධිකරණයත් අනුගත වියයුතුය. අධිකරනයට බලය නොපෙන්වීමට විධායකයත්, විව්‍යස්ථාදායකයත් කටයුතු කරන්නේනම් අප වඩාත් දියුණු ජාතියක් වනු ඇත. (ස)
එහෙම නොකරන එකනේ ඉතිං අපිටත් තියෙන එකම ප්‍රශ්නේ. ඒ අයට දැඩි දඩුවම් දෙන්න බලමු. (නි)
එක එක්කෙනා ඕන විදියට බෑ අධිකරණයත් වැඩ කරන්න ඕන මට ඕන විදියට විතරයි. ජනතා පරමාධිපත්‍යය කියන්නේ මට.(ස)
මාව අදුරනවද ?(ස)
ලස්සන වචන ටික , වචන වලට කල නොහැක්කක් නැත ..සුබ අනාගතයක් (ස)
මේක මට නම් විහිලුවක්. (නි)
ඒ කියන්නේ සමෘද්ධියත් ඉවරයිද? (නි)
අපිට තව විහිලු කරන්නත් හදනවද ?(ස)
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව (ස)
මේවා ඇහුවහම පරණ උපහැරණ මතක්වෙනවා ආයුබෝවන් (ස)
"චාලි චැප්ලින්" යලි ඉපදේ .......(ස)
මට හරි හිනහයි ආයුබොවන්ඩ. (නි)
ජනතාව දන්නවා හැරෙනකොට මේ එන්නේ පොල් පැලේ කන්නයි කියලා..!(නු)
මෙයාටත් මොකුත්ම මතක නැහැ..!(නු)
අපට තමයි වැරදුනේ..!(නු)
මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
මුලු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ.... (නි)
කරනවා විහිළු... කිව්වට තරහද යාළු...(නු)
අපි දන්නවා දැන් කට්ටිය පොල් පැලේ කන්න හදන්නේ කියලා. (නි)
කවදා ඉදන්ද? දැන් කාටද ඕවා ඔය කියන්නේ? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට කවුද පරමාධිපත්‍යය හොරකම් කරලා තියෙන්නේ? (නි)