IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


’’ජනතාව දුකේ: ආණ්ඩුව ඔහේ බලාගෙන ඉන්නවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වතුර බිල,විදුලි බිල, ගෑස් මිල වැඩිවී ජනතාව දැඩි පීඩාවකට පත්ව  සිටියත්  ආණ්ඩුව ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට වගේ වගක් නැතුව ඔහේ බලාගෙන  සිටින බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5)  පැවසීය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

උද්ධමනය අඩු වී ඇතැයි ආණ්ඩුව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දුන්නද එවැනි දෙයක් ජනතාවගේ ඇඟට බඩට කටට දැනී නැතැයි පැවසූ විපක්ෂනායකවරයා ජනතාවට ජීවත්වීමට නොහැකි අන්ත අමාරු පරිසරයක් නිර්මාණය වී ඇතැයිද  ප්‍රකාශ කළේය.

ජනතාවට වහා සහන අවශ්‍ය බවද ඔහු කීවේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ආණ්ඩුවේ  දර්ශනය  ආර්ථිකය පුළුල් කිරීම නොව ආර්ථිකය කුඩා කිරීමයි. අද ජනතාවගේ ආදායම් මාර්ග නැති වෙලා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ. ජනතාවට වහා සහන අවශ්‍යයි.

රටේ මහ ලොකු කඩාවැටීමක් තියෙනවා. මේ මාස නවයට අලි 290 ක්  නැති වෙලා. මහ පරිසර  විනාශයක්. වනජීවි අමාත්‍යාංශයේ කුලිය ගෙවල නැහැ. විදුලි සෝපාන කඩා වැටිලා. ගෙවුණු පැය 48 තුළ පුද්ගල අතුරුදහන්වීම්  එකොළහක් වාර්තා වෙනවා. බාල වයස්කාර 11 ක් ඊට ඇතුළත් වෙනවා. මේ රට කුඩු පාරාදීසයක් බවට පත්වෙලා. රජය ගාණක්  නැතුව ඔහේ ඉන්නවා. ගෑස් මිල වැඩි කළේ හෘද සාක්ෂියට එකඟවද. ආර්ථිකය කුඩා කර  ජනතාවගේ හිස මත බර පටවනවා. ආණ්ඩුව මීට වඩා සංවේදී විය යුතුයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිතුමා දැන් කියනවා. නමුත් එතුමාම තමයි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන කිව්වේ. ජනාධිපති වුණාට  පස්සේ ඒක වෙනස් වෙන්නේ කොහොමද. කාදිනල් තුමා සහ  බිෂොප් සමුළුව අතර කිසිම පරස්පරයක් නැහැ. ආගමික නායකයන් අතර මතභේද ඇති කිරීම හොඳ වැඩක් නොවෙයි.

සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

පාස්කු ප්‍රහාරය  ගැන ජනාධිපති කොමිසම් සභා වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. පාස්කු ප්‍රහාරය අවාසනාවන්ත සිද්ධියක්. ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවයි කියන්නෙ අපි ජාත්‍යන්තරයට අහිතකර ආකාරයට  නිරාවරණය වෙනවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ  කඩිනම් කර ක්‍රියාත්මක කළ යුතුයි.



අදහස් (3)

’’ජනතාව දුකේ: ආණ්ඩුව ඔහේ බලාගෙන ඉන්නවා’’

අරවින්ද මොනරවිල Thursday, 05 October 2023 02:21 PM

ආණ්ඩුව විතරක් නොවේ. පණ නැති, වැඩකටත් නැති විපක්ෂ නායකයෙක් එක්ක විපක්ෂයකුත් ඉන්නවා බකම් නිලාගෙන...

:       0       0

Bamunuarachchi Thursday, 05 October 2023 05:19 PM

කිව්වොත් මැටි මෝල් කතාවක්

:       0       0

fairoos Thursday, 05 October 2023 05:51 PM

කමක් නැහැ රාජපක්ෂලාට කඩේ යන බූරුවෝ තාමත් ජීවතුන් අතර ඉන්නවනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 129 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5532 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1180 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2123 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2061 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site