(අංජුල මහික වීරරත්න)
රටේ ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවකදී සියලු වාද භේද දුරලා ජනතාව බේරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සෑම විටම කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (18)පැවසීය.
එම දැක්ම මත සිට දැනුමෙන් සහ පළපුරුද්දෙන් පොහොසත් නායකයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී රට මුහුණ දී තිබෙන වත්මන් තත්වය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බව ද අබේවර්ධන මහතා සඳහන් කළේය.
රටේ ජාතික ව්‍යසනයක් තිබෙන ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවී ඇති අවස්ථාවක රටේ නායකයා හමුවී මහජනයා ආරක්ෂා කර ගැනීම සඳහා දැනුම සහ පළපුරුද්ද දීමට ක්‍රියා කිරීම ඉතා වැදගත් තීරණයක් බව ද අබේවර්ධන මහතා සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ජනතාව බේරාගන්න එජාපය හැම විටෙකම ඉන්නවා‘
සිරිබිරිස් Wednesday, 18 August 2021 04:42 PM
හොඳටම විශ්වාසයි නේද රනිල් ගැන? කොහොමද ගෝඨාභය එයාට අගමැතිකම දුන්නොත් එහෙම..?.
මුණසිංහ Wednesday, 18 August 2021 05:00 PM
අපොයි ඔව්. 88,89 කාලෙත් ජනතාව රැකගත් හැටි අපිට තාම මතකයි.
DM Wednesday, 18 August 2021 05:08 PM
අපිට නම් බේරෙන්න වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ගෙන් තමයි...
පප්ප Wednesday, 18 August 2021 05:30 PM
අපි බේරගන්න, අනේ කොල්ලෝ උඹලා අවුරුදු 72ක් තිස්සේ නුඹලා අපිව බේරගත්තා නම් අද අපි මෙහෙම ඉන්නේ නැහැ..
RaveendraWednesday, 18 August 2021 05:45 PM
කොල්ලෝ..? කොහේ ඉන්න කොල්ලොද ..? මේ වලපයයි, ගොඩපයයි ඉන්න අපට විහිළු කරනවද බොල? අපි බොරු තමයි කළේත්, කරන්නෙත්... ඒ වුණාට අපි කොල්ලෝ නෙවෙයි හොඳේ පුතේ.. අපි පට්ට නාකි හරක් රැලක්..
Raveendra Wednesday, 18 August 2021 08:21 PM
ජෙප්පන් සමගින් කෑමොර දුන් කාලේදී.... ප්‍රේම ඇවිත් බාගත් බව අදවගේ මතකයි නේද..... ඒ සියල්ල අතීතයේ රසමුසු තැන නොවේද.... දන්නෝ දනිති පැටිගිරිය මගෙ නොවේද.......
Ruwan R Wednesday, 18 August 2021 05:38 PM
හා ඒ පාර ඔයාලාට කොකාගේ කරුණාව පහළ වුණාද?
එරාන් Wednesday, 18 August 2021 05:41 PM
අැවන් ගාඩ් එකත් එක්ක එකතු වෙලා ද බේර ගන්නේ මහත්තයෝ..?
පිට්ගල මිලානෝ Wednesday, 18 August 2021 06:14 PM
පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ ඔක්කෝගෙන්ම ජනතාව බේරිය යුතු කාලය පැමිණ ඇත.
Asanga Wednesday, 18 August 2021 06:17 PM
කටින් විතරක් කියවලා වැඩක් නැහැ. ක්‍රියාවෙනුත් පෙන්නන්න.
Bernard Perera Wednesday, 18 August 2021 06:38 PM
එක්සත් ජාතික පක්ෂය නුඹලාගෙන් බේරගන්නේ කොහොමද කියලයි අපි බලන්නේ...! තවත් ලැජ්ජා නැතුව බයිලා ගහනවනේ...!!!
sali Wednesday, 18 August 2021 07:02 PM
ඔයත් හොඳටම කළා. පාස්පෝර්ට් එකත් හදලා දුන්නා... දැන්වත් පව් නොදී යන්න...
Sri Lanka Wednesday, 18 August 2021 07:25 PM
පුළුවන් නම් හදන්නකෝ... දේශීය වැඩපිළිවෙළක් රට ගොඩගන්න... බොරදියේ මාලු බාන්න එපා..
Lalith M Wednesday, 18 August 2021 07:51 PM
තමුන්ගේ නීච ක්‍රියා කලාපය නිසා නේද දිල්රුක්ෂි මහත්මිය කරදරේක වැටුනේ... ඔය වගේ අය නිසා තමයි UNP එක බිංදුවට බැස්සේ...
Lal Wednesday, 18 August 2021 08:03 PM
නොදකින් විතරක්... !!!
SUNIL MILANO Wednesday, 18 August 2021 09:12 PM
මට කියන්න දෙයක් ඉතිරිකරලා නැහැ.
Bandara Wednesday, 18 August 2021 11:53 PM
අම්මේ අපි දන්නවා. අපි හින්දනේ මේ දහදුක් විඳින්නේ. කන්න කෑමක්, යන්න වාහනයක්, ඇඟට වස්ත්‍රයක් නැතිව මොන දුකක්ද මේ ඔබතුමාලා විඳින්නේ...?
Bamunuarachchi Thursday, 19 August 2021 09:13 AM
අපි දැක්ක 2004 කලේ ජනතාව බේර ගන්න ගහපු ගිවිසුම් ගැන, 2018 ජනතාව පාස්කු ප්‍රහාරයෙන් බේරා ගන්න කරපු දේවල්. හරිම ප්‍රසංශනීයයි කියලා වැඩක් නැහැ.