( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ අද (09)රිට් පෙත්සමක් ගොනු කළේය.
මෙම කොමිසම සිය විමර්ශන සිදුකළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය රිට් පෙත්සමින් පෙන්වා දේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා ලෙස නම් කරනු ලැබ ඇත.
(පුස්තකාල ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න’යි අභියාචනාධිකරණයෙන් ඉල්ලයි
siri Tuesday, 09 March 2021 03:54 PM
ආයෙත් පාරක් ආණ්ඩුවේ උළුගෙදර ලගින්නද මේ දඟලන්නේ?
Demuni Uduwara Tuesday, 09 March 2021 06:08 PM
එය අත්‍යවශ්‍ය දෙයක්.
බද්රානි Tuesday, 09 March 2021 09:04 PM
අපේ රටේ අම්බරුවන්ට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා එංගලන්තයේ බකිංහම් මාලිගාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා එහෙ ගොසිප් වටිනවා ෆොන්සේකා මහත්තයෝ.. එවුන්ට ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන හිතන්න වෙලාවකුත් නැහැ, ඒවලින් වැඩකුත් නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 March 2021 01:59 AM
මෙන්න.. දේශපාලකයන් පත්කරන කොමිසම්වල සැබෑ තත්වය. අපි නෙමෙයි කියන්නේ.. ඒ අයමයි. රටේ නීතිය පසෙකට දමා තමන්ට අවශ්‍ය ආකාරයට විශ්‍රාමලත් විනිසුරුවරුන් හා තමන් කැමති තවත් අය පත්කොට මේ වැඩවලින් රටේ නීතිය හෑල්ලූවට ලක්වෙනවා නොවේද? එසේම සමහර මිනිසුන් තුන්වේලෙන් එකවේලක් කා ඉන්නා රටක, මේ වැඩකට නැති කොමිසම් සඳහා රටේ මුදල් නැති නාස්තිකරන දේශපාලකයින්ට දඬුවම් දී එම මුදල් ඔවුන්ගෙන් අයකරගත යුතුයි නේද? පාට, පක්ෂ නොබලා මේ වැනි දේට ක්‍රියාකිරීමට කාලය පැමිණ ඇත.