IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනාධිපති කොමිසමේ සාමාජිකයෝ හිටපු ජනපති සොයා ගෙදරට යති

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජනාධිපති කොමිසමේ නිලධාරීහු පිරිසක් ඒ මහතා පදිංචි කොළඹ පිහිටි නිවසට පැමිණියහ.

පාස්කු ප්‍රහාර සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔවුන් මෙලෙස පැමිණ ඇතැයි දැනගන්නට තිබේ.  

ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයාට කොමිසමට පැමිණෙන ලෙස දැන්වුවද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම නිලධාරීන්ට නිවසට පැමිණ ප්‍රකාශය සටහන් කර ගන්නා ලෙසයි.

 



අදහස් (23)

ජනාධිපති කොමිසමේ සාමාජිකයෝ හිටපු ජනපති සොයා ගෙදරට යති

Anil Thirimanne Wednesday, 26 August 2020 05:48 AM

එයාට විතරක් මොකද? හොර හිත නිසා තමයි කොමිසමට යන්න බැරි, ගියොත් මාද්‍යට උත්තර දෙන්න වෙයි, පත්තරේ පොටෝ දායි.

:       0       402

mohamed Wednesday, 26 August 2020 05:53 AM

එකම නීතියක්, සර් ආවම නීතිය ඔක්කොටම එකයි කිව්වා නේද, 69 ලක්ෂයට සනීපද.?

:       719       1031

Raveendra Wednesday, 26 August 2020 06:12 AM

දැක්කේ නැති නිසා ආවා අපි "සර්" බලන්නට... ළඟපාතටම ආව නිසා හිතුනා "සර්ව" බලන්නට...

:       0       135

ana Wednesday, 26 August 2020 06:54 AM

ජනාධිපති ලෙස කටයුතු කිරීමේ දී කළ හෝ නොකළ දෙයක් සම්බන්ධව විරුද්දව නීතිය ඉදිරියට යා නොහැකිය. මෙයට පෙර සියලු ජනාධිපතිවරුන්ට මෙය වලංගු වුණා. මිග් ගණුදෙණුවේ නඩු කටයුතු නැවත්තුවෙත් ඒ නිසා. මෛත්‍රිපාල සාමාන්‍ය පන්තියේ කෙනෙක් නිසාද මේ විවේචන හා කෙනෙහිලිකම්...?

:       142       312

jagathWednesday, 26 August 2020 07:57 AM

සාමාන්‍ය කෙනෙක් නම් මොකටද රට හදන්න බාරගත්තේ 2015.., මුළු රටම අවුරුදු 5ක් එකතැන පල්වුණේ ගමරාල නිසා...

:       521       194

anaThursday, 27 August 2020 04:44 AM

මෛත්‍රිගේ වැඩ ගැන සොයන එකේ වරදක් නැහැ. දඬුවම් කරන එක ගැන ගැටලුවකුත් නැහැ. ජගත් ඔය කොමිටිය හොයන්නේ නැත්ද සහරාන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවපු අය ගැන. වලව්කාර පැලන්තිය රට විනාශ කරනවිට කරබාගෙන ඉන්න එකයි වරද...

:       19       2

Hafeel Wednesday, 26 August 2020 06:57 AM

මාරයිනේ... ගෝඨාභය ජනපතිගේ පාලනයේ නීති වෙට්ටු දාන හැටි.. දිනපතා අහන්න ලැබෙනවා.

:       516       1157

amila Wednesday, 26 August 2020 07:09 AM

රටේ ආරක්ෂාව බල්ලට දාලා මිනිස්සු තුන්සියගානක් මැරෙන්න ඇරලා තව නැලවෙන්නත් එනවා.

:       0       161

Koooralage Wednesday, 26 August 2020 07:13 AM

පාස්කු ප්‍රහාරයට එකම වගකිව යුත්තා මෙයාම තමයි. මේ සාක්කි අරගෙන මෙයාගෙන් අහලා වැඩක් නැහැ. ලැජ්ජයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා මේ කරන විහිළු ගැන... ජීවිත සිය ගණනක් විනාශ කළාට. නියම දඬුවම දෙන්න.

:       864       647

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 26 August 2020 07:16 AM

බැරක් ඔබාමා වැනි ලෝක බලවත් රාජ්‍යවල නායකයන් ඒසා විශාල බලයක් තියාගෙනත්, මොනතරම් චාම් නිහතමානී බවක් ප්‍රදර්ශනය කළාද? ලෝක සිතියමේ වැලි ඇටයක් තරම් පුංචි දූපතක සමහර නායකයන් හා ඉහතකී නායකයන් අතර මොනතරම් වෙනසක් තිබෙනවාද? එතකොට අපට හිතාගන්න පුළුවන් සමහර නායකයන් අපව පාලනය කළ කාලේ අපට තිබිලා තියෙන්නේ පිංබර කාලයක්ද, පව්කාර කාලයක්ද කියලා.. අනේ!!! හැබෑට..

:       0       204

Raveendra Wednesday, 26 August 2020 07:49 AM

පතෝල වැටකොළු තොග වශයෙන් ගන්නා අපි., ආවේ මුදලාලි සොයාගෙන තොගයට ගන්නටම... එදා පටන් පතෝල, වැටකොළු වෙළඳාමට ප්‍රසිද්ධයිනේ... එබැවින් දෙනවාද අදවත් අඩුවටම ...

:       0       56

සනත් ඉතාලිය Wednesday, 26 August 2020 08:00 AM

ගමරාල ග්‍රාමසේවක වී අසරණ ගොවියන්ගේ ඡන්දය භාවිතාකර කවුන්සලේට රින්ගා එතැන්සිට පාර්ලිමේන්තුවේ ඉහළම තනතුර පෙනි පෙනී ආප්ප කා වඳුරු පිම්මක් පැන රටේ පළමු පුරවැසියා වී රනිල්ගේ සුවච කීකරු රූකඩයක් වී රටේ ආරක්ෂාව පැත්තකට දා රණවිරුවන් සිරගත කොට ස්වාමින්වහන්සේලා සිරගතකොට, රනිල්ව යවලා මහින්දගේ පානෙන් එළිය බලන්න හදපු රනිල්ට වැඩේ දෙන්න ගිහින් යූඑන්පී අයගෙන් කෙලෝගෙන අන්තිමට බුකියේ කොල්ලගෙනුයි බල්ලගෙනුයි විදින්න තියන හැම අපහාසයක්ම විඳලා දේශපාලන මඩගොහොරුවේ ඉන්නේ හිටවපු පඹයෙක් ගාණට වැටිලා රාජ්‍ය දේපල කෝටි 800ක් වංචා සහගත අයුරින් තමන් සතුකරගෙන රටම වලපල්ලට යනතුරු රෑ 10ට නිදියලා පත්තරේ බලලා හැමදේම දකින කියන හිටන් පාස්කු බෝම්බ ගහන වෙලේ මොකුත් නොදන්න තොත්තබබා වගේ දරු පවුලම අරගෙන රටෙන් පිටවන හොරදෙටුවා දැන් කළකම් ඵලදෙනකොට ගෙදරට වෙලා හිටියට මේ රටට කළ විනාශයේ සාපය පස්සෙන් එනවාමයි..

:       1       354

Jayamal Wednesday, 26 August 2020 08:32 AM

මම නම් කියන්නේ ඔය බෝම්බ පුපුරුවන අයට වඩා ලොකු දඬුවමක් මේ පොලිටිකල් ගේම් ගහලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන අයට දෙන්න ඕනේ...

:       0       173

prabha Wednesday, 26 August 2020 10:53 AM

මෙයා එන්නේ නැති ගාම්භීරත්වයක් ආරූඪ කරගෙන.. හැබැයි කට ඇරිය ගමන් ඔක්කොම ඉවරයි.

:       0       62

බද්රානි Wednesday, 26 August 2020 10:53 AM

මොන කොමිසම් වලින් ගැලවුණත් ඔහුට, ඔහුගේ හෘද සාක්ෂියෙන් නම් ගැලවීමක් ලැබෙන්නේ නැහැ කවදාවත්... කළ කර්මය කවදා හෝ පඩිසන් දෙන එක නම් ඒකාන්තයි.

:       0       69

RaveendraWednesday, 26 August 2020 11:36 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. දේශපාලුවන් සියල්ලටම මෙන්ම අප සැමටද මෙය පොදුයි.

:       0       26

prabha Wednesday, 26 August 2020 04:13 PM

හෘදයක් තියෙනවා කියලා ඔබ හිතනවද?

:       0       8

Nihal Thursday, 27 August 2020 12:41 AM

හෘද සාක්ෂි තියෙන ඔබගේත් මගෙත් මළගමට රාජ්‍ය අනුග්‍රහය ලැබේද? රාජ්‍ය ගෞරව? අඩුම තරමේ මරණ සහතිකයවත් තෙහෙට්ටු නොකර ලබා දෙයිද?

:       0       1

විජේ Wednesday, 26 August 2020 12:04 PM

සිරා ගලා යයි, ටිකක් වෙලා යයි.

:       0       5

Kumara Wednesday, 26 August 2020 04:55 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... ඕවා ඔතැනින් එහාට යන්නේ නැහැ.

:       0       240

ටික්කා Thursday, 27 August 2020 01:23 AM

දැන් සැපද?

:       0       0

Rohana Thursday, 27 August 2020 08:25 AM

හිටපු සරල ජනාධිපති තාත්තාගේ ඉතාමත් සරල වැඩ. ඒකට ප්‍රකාශයක් ගන්නත් ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට ඔහුගේ සරල නිවසට එන ලෙස ඇරයුම් කිරීමත් කොතරම් සරල ක්‍රියාවක්ද? ජයවේවා !!!

:       0       2

Bamunuarachchi Friday, 28 August 2020 06:30 AM

හොඳම ජෝකර් කෙනෙක් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 767 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site