IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 අතුරුදන්: ප්‍රවාහන අධ්‍යක්ෂකත් නොදනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29 ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් පැය හය හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වර්තමාන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පොලිස්පතිවරයාට ලිඛිතව කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

මෝටර් රථ නවයක් යතුරුපැදි 12 ක් කැබ් රථ 6 ක් හා ට්‍රැක්ටර් දෙකක් එම වාහන අතර වේ.

2022 වසරේ විගණන දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විගණනයකදී ජනාධිපති කාර්යාලයේ භාවිතය සඳහා ලබා දී තිබූ වාහන 800 කට අධික ප්‍රමාණයකින් 51 ක් අස්ථානගතවී ඇති බවට වාර්තාවකින් අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව වාහන 22 ක් සොයා ගැනීමට කටයුතු කර තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ මහේෂ්. හේවාවිතාරණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය හයහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්ත ද අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට තරම් වැදගත් තොරතුරක් ඔහුගේ ප්‍රකාශවලින් අනාවරණ වී නැතැයි ද දැනගන්නට ඇත.

ඔහු ප්‍රවාහන අධ්‍යක්ෂවරයා ලෙස එවකට වැඩ භාර ගත් දිනයේ සිට ගොනු නිසියාකාරව පවත්වාගෙන යන බවත් පැරණි ගොනු කිසිවක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බවත් එනමුත් සති තුනක කාලයක් ඒ සඳහා ලබා දෙන මෙන් ඔහු ඉල්ලීමක් ද කර ඇතැයි දැනගන්නට ඇත.

ප්‍රවාහන අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයෙන්, අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් අනාවරණය නොවුණත් එලෙස අස්ථාන ගත වී තිබෙන එම වාහන විකල්ප ක්‍රමවේද ඔස්සේ විමර්ශන සිදු කර සොයා ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (8)

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 අතුරුදන්: ප්‍රවාහන අධ්‍යක්ෂකත් නොදනී

මැක්ස් Wednesday, 23 October 2024 05:16 AM

මෙය සැබෑවක් නම් වහාම ඒ ගැන පරීක්ෂා කර වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුමයි. එම වාහන නැවත සොයා ගත යුතුමයි. මෙය කොට්ටහච්චි නෝනාගේ උගන්ඩා ඩොලර් වැනි නාටක පිටපතක් නොවනු ඇතැයි ද අපි විස්වාස කරමු.

:       0       3

බකල ජයා Wednesday, 23 October 2024 05:36 AM

හැංගි මුත්තං සෙල්ලම ඉවරවුණා කියලා දන්නැතුව තාම හැංගිලා ඉන්න විසිනමයක්...

:       0       3

ගුණරත්න Wednesday, 23 October 2024 07:42 AM

පරණ හොරකම් දූෂණ අල්ලන එක ඉතා හොඳයි, එත් ඔය වාහන රෙද්ද්දවල් නෙවේ මේ රටේ මූලිකම ප්‍රස්නය. ආනයන සීමා නිසාත් අධික බදු නිසාත් නොවටිනා ගණන් වලට මෙහෙ වාහන විකිණෙනවා තමයි නමුත් ඔය තරම් අවධානයක් ඒ සඳහා දිය යුතුද? සහල් මාෆියාව, එළවලු මාෆියාව, බිත්තර මාෆියාව, අස්වනු බෙදාහැරීමේ ප්‍රස්න, පාස්කු ප්‍රහාරය, ණය අර්බුදය ආදී නොයෙකුත් ප්‍රස්න තියෙනවා. කෝ ඒවාට විසඳුම්. මිනී මැරුම් ආදීයත් වැඩි වී තිබෙනවා. ඒවාට හේතු සොයා විසඳුම් දිය යුතුයි

:       8       4

Lsa Wednesday, 23 October 2024 08:27 AM

වාහන 800කින් රටට කරපු සේවය තමා අපේ බදු මුදලින් වාහනයි ඉන්ධනයි පුද්ගලයන් 800 කට වඩායි නඩත්තු කරපු එක. ඉතිං අපි මෙහෙම හරි ඉතුරු උන එකයි පුදුමේ

:       2       11

Priyantha Dissanayake Wednesday, 23 October 2024 09:42 AM

බොහෝම අපූරුයි බලධාරීන්ගේ ක්‍රියා කලාපය. හරියට ඉදිකටු වගේ හරි සියුම් දේවල්නේ එනිසා ඔය හැම එකක් ගැනම කොහොමද අවදානෙන් ඉන්නේ, ඔය කොහේ හරි මඟහැරිලා ඇති.

:       0       9

monaravila Wednesday, 23 October 2024 10:11 AM

ප්‍රවාහන අධ්‍යක්ෂක පඩි ගත්තේ ජිල් ගහන්නද ?

:       0       9

don Wednesday, 23 October 2024 10:35 AM

ට්‍රැක්ටර් 2 ක්ද v8 දෙකක්ද ?

:       0       5

don Wednesday, 23 October 2024 10:39 AM

වහාම ගරාජ් නම්බර ටහනම් කර විදිමත්ව වාහන ලියාපදිංචි නම්බර ගන්න කිව්වා නම් ඔය වාහන පමණක් නෙමෙයි තව ගොඩක් හොර වාහන අල්ලගන්න පුළුවන්

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 185 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 147 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 288 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 128 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site