IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ජනාධිපතිවරණයට අපේක්‍ෂයකන් බුරුත්තක් ආවොත් රට කපෝති

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයෙක් පත්කිරීමට අපේක්‍ෂකයන් 10 ක් ඉදිරිපත් කර ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් රට මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි බවත් එසේ වුවහොත් නිදහස ජනතා සන්ධානය ප්‍රතික්ෂේප කරන දේශපාලන සහ අර්ථික වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා අද (5) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (5) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.

වර්තමාන රජය ගෙනියන ආර්ථික වැඩපිළිවෙළ අසාර්ථක නිසා එය පරාජය කිරීමට නම් ඊට විරුද්ධ සියලුම බලවේග එකරාශී වියයුතු බව කී ගුණපාල රත්නසේකර මහතා යම් ආකාරයෙන් විසිරී සිටින එම පිරිස ඒකරාශී කිරීමේ කටයුත්තේ නිදහස ජනතා සභාවේ ඉතිරිව සිටින කණ්ඩායම නිරතව සිටින බව ද සඳහන් කළේය.

නිදහස ජනතා සභාව පක්‍ෂ නොවන්නාක් මෙන්ම ළමා සමාජයක් ද නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වූ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් බවත් එම කණ්ඩායම රජයේ පිළිවෙතටත් විරුද්ධ වෙමින් ස්වාධීන අදහස් පළකරමින් පාර්ලිමේන්තුව තුළ නිදහසේ කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීය.

එම කණ්ඩායමේ සාමාජිකයන් තුළ ද නිදහස් සිතුවිලි තිබීම නිසා තමන් කැමති දේශපාලනයක නතර වී ස්ථානගත වීම සඳහා සියලු දෙනාට නිදහස ඇති බවත් නිදහස ජනතා සභාවේ ඉතිරිව සිටින පිරිස යම් වැඩපිළිවෙළකට එකඟ වී ජනාධිපති අපේක්‍ෂකයෙක්ට සහයෝගය දක්වන්නේ යැයි මතයේ සිටින බවත් ඒ මහතා කීය.  

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු ගෝඨභය රාජපජෂ මහතා ජනාධිපති කර ආසාර්ථක වූ කණ්ඩායමක් බව කී ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේ  කිසියම් ජනාධිපති අපේක්‍ෂකයෙක් සිය වැඩපිළිවෙළට එකඟ වෙන්නේ නම් ඔහුට සහයෝගය දක්වනවා මෙන්ම මහ මැතිවරණයකදී සන්ධාගත වන බවත්ය.   



අදහස් (4)

ජනාධිපතිවරණයට අපේක්‍ෂයකන් බුරුත්තක් ආවොත් රට කපෝති

ABARAN Monday, 05 February 2024 02:33 PM

ඔහෙලට මුළු ලංකාවේම චන්ද 50,000 ක් නැහැ . ඉතින් කවුද ඔහෙලව සන්ධානයකට එකතුකරගන්නේ ?

:       2       35

Kazi Shajahan Monday, 05 February 2024 02:46 PM

ඔව් පේපර් එකේ ඉඩ මදි , පේපර්ත් දැන් නැහැ අඩුයි නේ .

:       0       19

Hemachandra Tuesday, 06 February 2024 12:31 PM

දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මහළු සමාජය ඉවත්කරලා තරුණ දක්ෂ, බුද්ධිමත් පිරිසකට තමයි රට පාලනය භාරදිය යුත්තේ.

:       0       2

CHATHURA LAKSITHA Tuesday, 06 February 2024 02:04 PM

රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙළ හරි ඒ වැඩපිළිවෙළ නිසා දැන් රට තරමක් ඉස්තාවර වෙමින් පවතිනව දැනට ගැටලුව තියෙන්නේ රටට අවශ්‍ය ආහාර පාන පවා පිටරටින් ආනයනය කරන එක ඒකට කර යුත්තේ රටේ වෙලදුන් සාදාරනන අවම මුදලකට තම වෙලදාම් කිරීමයි එතකොට ආහාර අනයනය නතර කිරීම කල හැකි

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 852 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2735 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2161 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2680 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1357 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1034 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site