ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විවිධ ගැටුම් තිබෙන බවට සඳහන් කරමින් නැති දේවල් මවාපෑමට ඇතැම් මාධය මඟින් උත්සාහ ගත්තද ඔවුන් දෙදෙනා අතර එවැනි කිසිදු ගැටුමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
රට හමුවේ පවතින අභියෝගයන්ට මුහුණ දෙන්නට එම නායකයින් දෙදෙනා ශක්තිමත් මිත්‍රත්වයකින් අත්වැල් බැඳගෙන කටයුතු කරන බවද, එනිසා අද පවතින තත්ත්වයෙන් ප්‍රයෝජන ලබා ගත යුතු බවද විදේශ අමාත්‍යවරයා කීවේය.
ඉතිහාසයේ දෙපැත්තක සිටි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අද වන විට එක්ව කටයුතු කරන බවත්, විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් කටයුතු කිරීම සුවිශේෂි වන බවත් හෙතෙම පැවසීය.
යළිත් වරක් රටේ ඒකාධිපති පවුල්වාදයක් ඇති නොවන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළයුතු අතරම අනෙක් පැත්තෙන් රටේ සංහිඳියාව ඇති කළ යුතු බව ද සමරවීර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ දෙකම එකම පැත්තේ නිසා අද ජනතාව පීඩනයට යටත්වෙලා. තව තවත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළට යන එක වළක්වාගන්න බැහැ. මේවට විරුද්ධව ජනතාව පෙළ ගැසෙනවා. (නි)
අනේ දෙන්න කොහොම හරි රට මේ තිබෙන අගාදයෙන් ගොඩ ගන්න. එහෙම කළොත් කියන තැනකට වදින්නම්. ළගම ඉන්නම කට්ටියගෙන් බේරෙන්න දැනගන්නත් ඕනේ. (බ)
කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ. තිත්ත වගේද ගුණ (බ)
ඔය වගේ දෙන්නෙක් ලංකාවේ ඉන්නවද (බ)
එහෙනම් කොහොමද මහා බැංකු ලොක්ක පත් කරන එක ගැන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලොක්ක ජනාධිපති අමාරුවේ දාන නිවේදනයක් නිකුත් කළේ (බ)
මෙයා නැත්නම් එයාට තනතුර නැහැ. එයා නැත්නම් මෙයාට තනතුර නැහැ. ඕනේ කෙනෙකුට තේරෙනවනේ ඕක. පත් කරපු කට්ටියට වෙනස අගේට දැනෙනවා දැන්. බ)
පවුල්වාදය වෙනුවට රාජකීයවාදය ඇවිල්ලා. එ්ක ඇතුළේ තව තව වාදවල උපකුලක තියෙනවා. ප්‍රකාශ කරන්න හිරිකිතයි අස්වාභාවිකයි. අන්තිමට රට ඉවරයි. (නි)
අවුලක් ඇතිවෙන්න විදිහකුත් නැහැනේ. (නි)
මොන ගැටුම්ද? අපි නොදන්නවයැ (නි)
ගැටුමක් තියෙන්න බැහැනේ ඉතින් (නි)
2005 දී මෙතුමලා මහින්ද මහත්තයාටත් ඔහොම තමා කිව්වේ. (නි)
අනේ බඩු මිල අඩු කරන්න මහත්තයෝ, ජීවත් වෙන්න බොහොම අමාරුයි. (ර)
ඒ දෙන්න යාලු ඇති. හැබැයි, අපි නම් මහ බැංකු වැඩේ හින්දා තරහම තරහයි. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
අපිට නම් තිබුනත් එකයි, නැතත් එකයි. මේ විකාර බලල අපිට එපාවෙලා. රටට ආදරේ රට ඉදිරියට ගෙනියන කෙනෙක් ලැබෙනතුරු තව කොච්චරකල් මේ රට බලාගෙන ඉන්නද? (නි)
ඒක හරි. බලය ගත්තා. ඔබ අතරේ ගැටුමක් නැහැ. ජීවත්වීමේ ගැටුම තියෙන්නේ අපිට. දුප්පත් මිනිසුන්ට. (නි)
බඩුමිල වැඩිබව රජයක් හැටියට ජනාධිපතිතුමා පිළිගන්නවා. ඒ සරල බව මදිද? (නි)
හැමදාම බොරුවට වචන ටිකක් විතරක් කියලා කෑගහනවා (හේ)
ජාඩියට මුඩිය වගේ ඉන්න දෙන්න කොහොමද තරහා වෙන්නේ??(හේ)
අපි කොහොමද ඇත්ත දන්නේ.(හේ)
අපිට හිතා ගන්න පුළුවන් (හේ)