පහ වසරේ ශිෂ්‍යත්වය අවලංගු කිරීමට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ගෙන ආ යෝජනාව ජනපති විසින් අවලංගු නොකළේ නම් ආණ්ඩුව පවා පෙරළීමට ඉඩ තිබිණැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සන්නිවේදන අංශයේ පීඨාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මාතලේ දිසාපති කාර්යාලයයේ පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළේය.
ප්‍රතිපත්ති සම්පාදකයින් මිශ්‍ර පාසල්, ජාතික පාසල්, දෙමළ පාසල්, මුස්ලිම් පාසල් ආදිය ගැන නිසි අවධානය යොමු නොකිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල ඔය වැඩේ කළේ ජනපතිට ජනප්‍රිය තාවය අරන් දෙන්න. මිනිහ අතින් කයිට්. දැත් ශක්තිමත් කරන්න ආවනම් ඔය අවදානමටත් මුහුණ දෙන්න වෙනවා මහත්තයෝ.(අ)
අනේ අපොයි ! (නදී)
මේ වගේ සිද්දීන් වලට කියන එක නමක් තියෙනවා. (අ)
මහාචාර්ය තුමාට අනුව බන්දුල ඇමති තුමා උදව් දෙන්න උත්සාහ කරලා තියෙන්නේ විප්ලවයකට. අවාසනාවකට ඔහුගේම ආණ්ඩුවේ ඉහලම තැනකින් ප්‍රතිවිප්ලවය දියත් කරලා බන්දුලව කවන්ධ රුපයක් කරලා. ( අප දන්නා තරමින් හිස ගසා දමන්න වත් ඔහුට හිසක් තිබුනේ නැහැ) (අ)
මහදුරුතුමත් ඡන්දෙ ඉල්ලන්න යනවද? (නදී)
අශේන් ,දියුණු රටවල මෙවැනි විභාග නැහැයි කියන්නම බැහැ. සාමානයෙන් එම විභාගය පවත්වන්නේ 8 වසරේදීයි. හැබැයි ඉතින් ලංකාවේ දෙමවුපියන්ට වගේ දැගලිල්ලක් නම්,මේ රටවල දෙමව්පියන්ගෙන් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාවේ, දරුවෝ නෙවෙයි දෙමව්පියෝ තමයි පහේ ශිෂ්‍යත්වයට වාඩි වෙන්නේ.ඒ තරමට උනන්දුයි. (නදී)
ඇත්ත ඇති සැටියෙන් කියනවා නම් දේශපාලකයෝ රට කාබාසිනියා කළහ.(නදී)
ජනාධිපති තුමා ජාමේ බේරගත්ත. මහාචාර්ය තුමා කඩේ ගිය. බන්දුල පීචන් උනා. (අ)
මහාචාර්ය තුමත් කඩේ යන්න පටන් අරන්ද? (නදී)
මමනම් කියන්නේ බන්දුල ඇමති හරි. පහේ ශිෂ්‍යත්වේ නිසා ළමයින්ට ළමා කාලයක් නැතිවෙලා. අද දියුණු රටවල මෙවැනි විභාග නැහැ. (අ)
ඇමතිට අස්වෙන්න කියමු.(නදී)
කවුරුකවුරුත් බොරු රගපෑම් නොකට සිටියොත් හොද යි. අධ්‍යාපන ඇමතිව පත්කළේ කවුද ? අපිද ?ඔයා මෙහෙම කියන්න, මම මෙහෙම කියන්නම් . අපි එකතු වී රට ගොනාට අන්දමු (අ)
අනිවාර්යයෙන්ම එක එහෙමම වෙනවා. (අ)
ඉතුරු ඔක්කොම කරන්න දැනුවත්ව හෝ නොදැනුවත්වම ආණ්ඩුවත් ලබාගත් ජයග්‍රහණත් කාල දමන එක තමා. අන්තිමට මන් දන්නේ නැහැ කියනවා. (අ)
පළාත් සබා ඡන්දෙ ඉවර වුණාම ශිෂ්‍යත්වය අහෝසි කරනවට මොනවද ඔට්ටු.(නදී)
දැන් හිතන් ඉන්නේ ආණ්ඩුව පෙරලෙන්නේ නෑ කියලද? ජනාධිපතිවරණයක් තියල බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඒකේ පළමු පියවර බස්නාහිර ඡන්දෙන් බලාගන්න පුළුවන් වෙයි.(නදී)
මම මහාචාර්ය තුමාගේ දැනුමට අභියෝග කරන්නේ නැහැ. නමුත් මෙතන සිද්ධ උනේ රඟපෑමක් කියලා මටනම් විස්වාසයි. බන්දුල ඇමතිතුමා නැති ප්‍රශ්නයක් ඇතිකළා. ජනාධිපතිතුමා ඒ ප්‍රශ්නය විසඳුවා. හොඳට හොයලා බැලුවාම විසදන්න ප්‍රශ්නයක් තිබුනේ නැහැනේ. (අ)
අපරාදේ (අ)
මේවගේ යෝජනා වලට ලකුණු වැටෙන ක්‍රමය මහාචාර්ය තුමාට නොදැනීම කණගාටුවක් .(අ)
මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා නොහිටින්න මේ ආණ්ඩුව පෙරළිලා බොහෝකල්. මේ හාල්පාරුවොත් එක්ක ආණ්ඩුවක් ගෙනියන්න එතුමාට හැර මේ ලෝකේ කිසි කෙනෙකුට හැකිවේ යැයි මා නම් හිතන්නෑ. (නදී)