ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වැනි උපන්දිනය වෙනුවෙන් එතුමන්ටත් ශ්‍රී ලාංකික ජනතාවටත් සෙත්පතා පිංකම් කිහිපයක්ම ලන්ඩන් නුවරදී පැවැත්විණි.
ඉන් පළමුවැන්න සංවිධානය කර තිබුනේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂා ශාඛාව මඟිනි.
කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති එම බෝධිපුජාමය පිංකම සඳහා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ චමින්ද කුලරත්න සහ ප්‍රදීපා සේරම් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ නිලධාරී මඬුල්ල සහ සාමාජික සාමාජිකාවන්ද විහාරස්ථ දායක දායිකාවන්ද විශාල පිරිස සහභාගී වුහ.
මෙයට අමතරව මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද පරිත්‍රාන ධර්ම දේශනයක් සහ හීල් දානමය පිංකමක්ද ඉරිදා රාත්‍රියේ සහ ජනාධිපති තුමන්ගේ උපන්දිනය දවසේ උදෑසන මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වනු ලැබිය.
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධ විහාරධිපති බෝගොඩ සීලවිමල නාහිමි, ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි, බර්මින්හැම් බෞද්ධ මහා විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමි ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහො ගනනක් නියෝජනය කරමින් මහා සංඝරත්නය 18 නමක් පිංකම සඳහාවැඩම කළහ.
වැඩ බලන මහකොමසාරිස් නෙවිල් ද සිල්වා ඇතුළු මහා කොමසාරිස් කාර්යාලයීය සේවක සේවිකාවන් සියලුම දෙනාත් සිංහල, දෙමල, මුස්ලිම් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්ද එම පිංකම සඳහා සහභාගිව සිටියහ.
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ජනපති උපන්දිනට ලන්ඩනයේත් පිංකම්
ධම්ම Friday, 22 November 2013 03:16 PM
ඉතාම හොඳ වැඩක්. කාටවත් මතක තියෙනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ තුමන්ගේ උපන් දිනය හෙම.(ස)
සිරි Friday, 22 November 2013 03:21 PM
පිස්සුද? (ස)
ශ්‍රියාලතා Friday, 22 November 2013 03:51 PM
නම ගන්න කරපු වෙඩක්,කෝ කට්ටිය (ස)
කළු Friday, 22 November 2013 10:09 PM
සෙනග නම් එපමණට නැහැ නේද? (නි)
පුක්කුස වීරේ එඩ්මන්ටන් Friday, 22 November 2013 05:15 PM
එංගලන්තයේ ලංකාවේ මිනිස්සු ඇත්තෙම නැද්ද? මෙච්චරද ආවේ? (නි)
ඉඳුනිල් කින්ග්ස්බරි Friday, 22 November 2013 05:41 PM
දැන් ලංකාවේ අයට එම්බසිය අරහං වෙලා වගෙයි. පැමිණ ඉන්න පිරිස දුටුවහම මට ඒ බව හිතුණා. (නි)
මධු Friday, 22 November 2013 06:29 PM
ලංකාවේ ඇත්තෝ ගැන නොසිතා ඔය ඇත්තොවත් පින්කම් කරගන්න. (නි)
සරත්- ක්‍රොයිඩන් Friday, 22 November 2013 06:46 PM
ආ! මේ හැමදාම ෆොටෝ වලට ඉන්න කැමති කට්ටියනේ ඇවිත් ඉන්නේ.මෙච්ච්රද ආවේ? එම්බසියේම 50 විතර වැඩ කරනවනේ. (ස)
ඩිංගි Saturday, 23 November 2013 04:54 AM
අපි මෙහෙ සීතලේ ගැහෙනවා (නි)
සඳරුවන් Friday, 22 November 2013 07:45 PM
බලය ඇතිකොට එතනට කවුරුත් ඇබලයෝ වගේ පොරකනවා.බලය නැතිකොට කවුරුවත් නැහැ. (නි)