යුද ජයග්‍රහණය වෙනුවෙන් නම් කළ 'දිනූදා' අලි පැටවා දකුණු කොරියාවට යැවීම මහින්ද රාජපක්ෂ ජනාධිපති අණින් නවතී. 'ලංකාදීප එසැණ' වෙබ් අඩවියේ මේ පුවත දුටු විශේෂ ව්‍යාපෘති ඇමති හා හිටපු වනජීවී ඇමති එස්.එම්.චන්ද්‍රසේන මහතා ජනපතිට මේ බව සැළ කළේය. ඒ අනුව ජනපති නියෝග කළේ එම අලි පැටවා යැවීම වහාම නතරකළ යුතු බවයි.
අද මේ අලි පැටවා කොරියාවට යැවීමට නියමිතව සිටියේය. 'දිනූදා' වෙනුවට වෙනත් ඇත් පැටවකු යැවෙනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිදුවන සත්ව හිංසාවට හොදම නිදසුනක් . යකඩ දම්වැලක් කෙලින්ම කකුලට දාල. ලංකාව දවසින් දවස අගාධයට යන්නේ මේ වැඩ නිසා (දී)
දිනුදා තියාගන්න අනිත් පැටවා යවන්නත් එපා ඔබතුමාලා කැමතිද මුළු ජීවිත කාලයම පිටරටක ඉන්න (දී)
ගරු ජනාධිපති තුමාට කෘතඥ තාවය පුඵකරමි. අදාළ ඇමතිඅරයා හෝ වගකිවයුතු අය නොඇන මේ වගේ දේවල් සිදුවන්නේ කොහොමද. (අ)
කොරියාවේ අපි සිතලයෙන් පුදුම පිඩාවක් විඳින්නේ . සතුන් කොහොම දරා ගන්නද ? (අ)
ඓතිහාසික අලිපැටවා කොරියාවට දෙන්න තීරණය කළ බව අසා අප ඉමහත් සංවේගයට පත් වූයෙමු හැමදෙයකටම ජනාධිපතිතුමා මැදිහත් වෙන්න සිදු වී තිබීම කනගාටුයි. අදූර දර්ශී නිලධාරීන්ගේ වැඩ හරි සංවේගයි මෙයද එක් උදාහරණයෙකි. 'දිනුදාද ' අපද, නැවත දිනුවේ ජනපති තුමා නිසාවෙනි. (එසැනට තුති ) (අ)
පුදුමයි කවුරුත් දැනගෙන ඉදල නැහැ. (අ)
පක්ෂයේ ඉන්න ඕලමොට්ටලයෝ ටික හදාගත්තනම් ඔබතුමාට දීර්ඝ ගමනක් යන්න පුළුවන්, ඒ සඳහා අපි ඔබතුමාට සුභ පතනවා...(අ)
දැන් ඔය දිනුද වෙනුවට යවන ඇත් පැටිය රට පැටෙවුවට කමක් නැත්තෙ ඌ ප්‍රසිද්ධ එකෙක් නොවන නිසාද (අ)
ජනාදිපති තුමා කළේ අතිශයින්ම හොඳ වැඩක් මේවා අනික් අයටත් හොඳ පාඩමක් ,අපගේ මේ වන ජීවින් කොහේ පටවන්නද ? රැකබලා ගන්න ඕනේ (අ)
එය ඉතා අගය කොට සලකමි (දිල්)
දුප්පත්,කාගේවත් අවධානයක් නැති අහිංසකයින්ට කවදත් අඩු සැලකිලි. මේ අලිපැටියා ප්‍රසිද්ධ එකෙක් නිසා බේරුනා.(දිල්)
එතකොට ඒ වෙනුවට යවන ඇත් පැටියා පව් නැද්ද...??? (දී)
වනජීවී ඇමති ජනපතිට මේ බව සැළ කළේ අද ද? අලි පැටවා කොරියාවට යැවීමට නියමිතව සිටියේ වනජීවී ඇමති නොදැන ද? ඔබතුමා අකටයුතුකම් කළේ ඔබතුමාම නොදැන සිටියේ ද? (දී)
අපේ ඇතුන් පිට රට පටවන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. (දිල්)
ජනපති තුමනි අපිට ඔබ ගැන ආඩම්බරයි ඔබ අදත් හෙටත් අපේම රජතුමා වේවා යන්න මගේ එකම පැතුමයි සුබ අනාගතයක් (දී).
නම විතරක් සලකලා වෙන පැටියෙක් යවපුවහම මේ ප්‍රශ්නෙ හරි යනවද ?? (දී)
දිනුදා ගැන සතුටුයි හැබැයි අනිත් අලි පැන්චා (දී)
ජනපති තුමනි, සමහර ගෝල අදබාලයන්ගේ වැඩ මින් පෙනෙනවනේද? දැන්වත් මේගැන හිතුවොත් හොදා, ජයවේවා!... (දී)
රටේ හැම දේම ජනාදිපති තුමාට හොයල බලල කරන්න වෙලා තියෙන්නේ .අනිත් නිලදාරීන් තමන්ගේ වගකීම ,රාජකාරිය හරි හැටි අවබෝද කරගෙන නැති නිසයි .ජනාදිපති තුමනි , ඔබ තුමාට ජයෙන් ජය !!!!!!!. (දී)
අලි පිටරට යවන්න එපා කියන අය සතියකට අලි කීයක් මෙහෙ මැරෙනවද කියල දන්නවද ? (අ)
ඇත්තටම හරිම සතුටුයි දිනුදා ඔබට දිර්ඝායුෂ (දී)
මේවා ඡන්ද ගුණ්ඩු. නුගත් මිනිස්සුන්ට මේවා ඉතින් ලොකු දේවල්. ජනාදිපතිතුමා අලි ගැන හොයනවා. සත්තුන්ට අපි කරුණාව දක්වන එක වැරදි දෙයක් නෙමෙයි . නමුත් මැද පෙරදිග අපා දුක් විඳින අපේ අම්මල, අක්කල , නංගිලා ගැන හොයන්නේ කවුද ?(නදී)
අපේ සත්තු අපේ රටට දෙන්න (අ)
ගරු ජනාධිපතිතුමනි ඔබට මෙය කියවන සියලුම පාටකයන්ගේ ස්තුතිය හිමිවේවි.ඒ මන්ද යත් 'දිනුදා' ව කොරියාව වැනි නිරයකට යැවීම නැවැත්වීමට ක්‍රියා කිරීම නිසාය.ඔබට සුබ අනාගතයක් (දී)
දිනුදා ව විතරක් බේරාගෙන මදි. හැම ඇත් පැටවාම දිනුදා වගේ. එක නිසා හැමෝම අපේ රටේ තියා ගන්න ඕනේ (දී)
ජනපති තුමනි, ඔබට ගොඩාක් පිං (දී)
කොරියා .,ජපන් වගේ රට වලට සත්තු යවන්න එපා . යකඩ කුඩුවල මැරෙන තුර දුක්විදිනව සතුන්ට කට කරන්න පුළුවන් නම් කියයි මාව බේරාගෙන යන්න කියල , (දී)
අනේ දිනුදා බේරා ගත්තා වගේම අනිත් අලි පැටව වත් බේරා ගන්න (දී)
ලංකාදීප එසැනට අපේ උත්තමාචාරය . (දී)
හුඟක් දෙනෙක් ලියල තියෙන්නේ අලි පැටියට අනුකම්පා කරලා නොවෙයි.(නදී)
අතිගරු ජනාදිපති තුමාට ගොඩක් පිං 'දිනූදා' බේරාගත්තට. දිනුදා ඉන්න තෙක් රටට හොදයි.(නදී)
ලංකාදීපය හරිම අවිහිංසාවාදයෙන් කටයුතු කල නිසා අලිපැටියා බේරුනා වගේම අපිට ඉතුරු උනා. ලංකාදීපයට මාගේ ප්‍රණාමය. (නදී)
මේවා චන්ද කාලෙට කරන සෙල්ලම් අපිත් මෝඩයෝ වගේ ඕවට ජය වේවා කියනවා. වන ජීවී ඇමතිගේ අවසර නැතුවද අලියා රට යවන්න හැදුවේ ? ඕවා කියන්න ඕනේ කොණ්ඩේ බැදපු චීන්නුන්ට.(දී)
'දිනුදා" ද දන්දිනා ද ? හරිම ගැටළුවක්.(දී)
අලි පැටවුන් අවරුදු හතරක් යන තුරු මවගෙන් වෙන් කිරීම ඉතාම වැරදි වැඩක්. එය ස්වභාව ධර්මයට විරුද්දව කරන වැරද්දක් (අ)
ජනාදිපතිතුමා මේ විදියට කුඩුත් අල්ලන්න (අ)
අනේ මන්දා යවන දවස වෙනකම් දන්නේ නැද්ද මේ පැටියව යවන්නේ කියලා (දී)
මේ ඡන්ද අස්සේ ඔහොම නොකලානම්.(නධී)
ඇමති දන්නෙත් නෑ.(දී)
පින් සිද්ධ වෙනවා (දී)
මේ අලිපැටිය කොරියාවට යැව්වත් වෙන පැටියෙක් යැව්වත් අපේ සම්පතක් නැතිවෙන එක නවත්තන්න බෑ(දී)
කොඩිතුවක්කු අනේ පව් බබා...(දී)
දෙවැනි අලි පැටියා යවන එකත් නවතන්න කෙනෙක් නැති හැටි. (දී)
ජනදිපතිතුමනි . මේ විදිහට ඔබතුමා නොදැන කරන හැමදේටම අපේ මෝඩ සමහරක් ජනතාව සහ දේශපාලකයෝ ඔබ තුමාට තමයි බනින්නේ මං ආඩම්බරයි ඔබතුමා ගැන (දී)
මේ අලි පැටියව ලක්ෂ දහයකට විකුනන්නද දන්නේ නැහැ තියාගන්න ඕනේ කියල හිතිලා තියෙන්නේ. (නධී)
සාමාන්‍යෙයන් බලදාරින්ට විතරක් අලියෙක් රට යවන්න බැහැනේ.(නදී)
ආඩම්බරයි ජාතියේ පියාණෙනි ලංකාදීප කවදත් ලංකාවට ආදරෙයි ලංකාදීප ඔබටත් අපේ උපහාරය.(නදී)
එෙතිහාසික අලිපැටවා කොරියාවට දෙන්න තීරණය කළ බව අසා අප ඉමහත් සංවේගයට පත් වූයේමු. හැමදෙයකටම ජනාධිපතිතුමා මැදිහත් වෙන්න සිදු වී තිබීම කනගාටුයි. අදූර දර්ශී නිලධාරීන්ගේ වැඩ හරි සංවේගයි මෙයද එක් උදාහරණයෙකි. 'දිනුදාද ' අපද, නැවත දිනුවේ ජනපති තුමා නිසාවෙනි. (එසැනට තුති )(දී)
හැමදේටම ජනාදිපතිතුමාට මැදිහත් වෙන්න වෙලා.(නදී)
එතකොට දැන් කාගේ නියමයෙන්ද අලි පැටියා මුලින් යවන්න තීරණය කරලා තිබුනේ. ජනාධිපතිතුමා දන්නෙත් නැතිනම්, වන ජීවී ඇමතිතුමා දන්නෙත් නැති නම් කාගේ දැනීමෙන් ද ? රටේ සම්පත් ගැන තැකීමක් තියන ජනතාව වශයෙන් අපි දැනගන්න කැමතියි.(නදී)
ජනාදිපති තුමාට ඇත්තේ දිගු දැක්මක්. කලගුණ දන්නා ජනපතිවරයෙක්.(නදී)
ලංකාවේ මිනිස්සු අලින්ට කරන හානිය දකිනකොට මේ සත්තු පිටරටවල් වල වත් හොඳින් ඉන්නවනම් හොඳයි. ජනාධිපතිතුමා මේ සත්තුන්ට හානි සිදුකරන වරදකරුවන්ට දඬුවම් දියහැකි නීති ගේනවානම් තවත් හොඳයි.(නදී)
දිනුදා බේරුනා... ඒත් අනිත් අලි පැටියා.. ගැන කතා කරන්න කවුරුවත් නැද්ද? (නදී)
ලංකාදීපයට බොහොමත්ම ස්තුතියි.(නදී)
ජනපතිතුමනි ඔබතුමා ගැන අපිට හරි ආඩම්බරයි . ඔබතුමා නොදැන රටේ අනෙකුත් නිළධාරීන් කොපමණ අකටයුතුකම් අපිට කරනවද? (අ)
කොරියාවට අලි පැටව් එවන්න එපා.දැනට සෝල් සත්ව උද්‍යානයේ අලි දෙන්නෙක් ඉන්නවා.උන් දෙන්න පුදුම දුකක් විදින්නේ (අ)
විහිළුවක්.. රටේ අලි ඇතුන් යවනකොට ඒ ගැන පාර්ලිමේන්තුවෙන් එහෙම දැනුවත් වෙන්නේ නැද්ද.. මොකද අලි ඇතුන් සීමිත ප්‍රමාණයක් ඉන්නේ රටේ.. හැමදාම කීදෙනෙක් හරි මැරෙනවා. (දී)
අනේ පව් මේ අලියව කොරියාවට යැව්වානම් කොයි තරම් සතුටින් ඉන්නවද? මේ ක්ලිප් එක බැලුවම මට හරියට දුක හිතෙනවා. http://www.youtube.com/watch?v=xdw98qGC6-M (දී)
හොද දෙයක් ජනාදිපතිතුමා කරලා තියෙන්නේ.., අපේ දේ අපි රැක ගත යුතුයි ...!!(දී)
අර ගම්පොල පැත්තේ ඉන්න අස් කරන්න බැරි එක්කෙනාව කොහේ හරි යවන්නකෝ(දී)
ජනාදිපති තුමනි ඔබතුම හැමදාමත් කරන්නේ හොද වැඩ ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ගායු වේවා (දී)
හරි පුදුමයි, ඔබතුමා මේ ගැන නොදන්න එක ගැන ??? රටේ අනෙකුත් නිළධාරීන්ට මේවගේ තීරණයක් ගන්න පුලුවන්ද? (දී)
යවන්න හදන්නෙත් එයාල, බේර ගන්නෙත් එයාල (දී)
අනේ වාසනාවන් !!!!!!(දී)
ඒ කියන්නේ රටේ වෙන සමහර දේවල් ජනාධිපතිතුමා දන්නේ නෑ නැත්නම් නිලධාරීන් ඔහුව දැනුවත් කරන්නේ නෑ.ජනාධිපති තුමා ගත් තීරණය අපි අගේ කරනවා.(දී)
මේවා අහල හිනා යනවා! (අ)
දිනුදා විතරක් නෙමේ අනික් සෑම ලංකාවේ අපිට අයිති අලින් පිටරට යැවීම තහනම් කල යුතුයි,අලියා කියන සතා වදවීගන යන සතෙක්,(දී)
කලින් පුවත දුටු ගමන් මට හිතුන දිනුද ලංකාවෙන් පිට යන්නේ නැහැ කියල..ලංකාදීපයට ස්තුතියි. (දී)
ඔබතුමා ගැන ආඩම්බරය් රටේ තවත් බොහොම අකටුතුකම් සිදුවෙනවා ඔබතුම ඒවා ගැනත් හොයල බලල කටයුතු කරනවානම් හුගක් පින් (දී)
මේ වගේ දෙයක්වත් හරියට තීරණය කරගන්න බැරි නිලධාරින් ගෙදර නොයවන්නේ ඇයි ?(දී)
'දිනූදා' වෙනුවට වෙනත් ඇත් පැටවකු ??(දී)
දිනුදා නොයවන එක හොදයි හැබැයි අනෙක් ඇත් පැටියා?(දී)
මොනම ඇතෙක් වත් යවන්න එපා (දී)
හොදයි සර් ඒ උනාට වෙන අත් වත් මෙහෙන් යවන්න එපා අපේ ඇත්තු අපිට (දී)