මහින්ද රාජපක්ෂ ජනපති ගංගොඩවිල දෙල්කඳ පොළ අද විවෘත කළේය.
අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත,අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ,ජල සම්පාදන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහරගම නගර සභාපතිනි කාන්ති කොඩිකාර,හිටපු පළාත් ඇමැති උපාලි කොඩිකාර සමඟ ජනපති පොළේ ඇවිදිමින් වෙළෙඳුන් සමඟ ද කතා බහ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලොකු පිනක් කලේ කාලින අවශ්‍යතාවයක් (දී)
රනිල් මහත්තයා ආවේ නැද්ද අද?(දිල්)
අද ගොඩ යන්න නම් ඔය එළලවලු පලතුරු විකුණලා වැඩක් නැහැ. රටට කිසිම ප්‍රස්නයක් නැතිව ආනයනය කරන කුඩු විකුනුවා නම් රටත් ගොඩ. තමනුත් ගොඩ අනාගත දරු පරම්පරාවත් ගොඩ.(නදී)
ඇල්පිටියේ විතරක් නෙමේ මුළු රටේම කැල සහ අලි ඇතුන් ආරක්ෂා කරන්න ඒකාබද්ද සැලැස්මක් හදන්න ඕනේ. වැඩක් වෙන්න නම්.. පළාත් වලට ඕනේ විදියට කැලැ කපන්න, සංවර්දනය කරන්න දීල තියෙන එකෙන් තමයි මහා විනාසයක් වෙන්නේ අද. .. ජනාධිපති සහ ඇමතිවරු මීට වඩා උපදෙස් දෙන්න ඕනේ නීති ක්‍රියා කරන්න බල කරන්න ඕනේ. හොඳට වැඩ කරන නිලධාරීන්ට බෝනස් හා ආරක්ෂාව දෙන්න ඕනේ. ඉරිසියා කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්න ඕනේ... මේවා මුළු රටේම වෙන්න ඕනේ පරක්කු වෙලා වුනත්..? නිලුපුල් වගේ මිනිස්සු මෙහෙම තව ඉල්ලීම් කරන්න ඕනේ ලැබෙනකල්ම.. මේ චූටි රට විතරයි අපිට තියෙන්නේ. හතේ කණුවේ එහෙම උතුරන කානු දැක්කේ නැද්ද එතුමා? (නදී)
මේ පොළ වසර 120 ඉදන් තියෙන පොලක්ලු. අලුතින් විවෘත කලේ අලුත් ජාතියේ එළවලු දාල වෙන්න ඇති.(නදී)
මට තේරුනේ නෑ දෙල්කද පොළ අපි දන්නා දවසේ ඉදන් තියෙන පොළක්නේ. මේක වැඩි දියුණු කරා කිවනම් පිළිගන්න තිබුණා. (දිල්)
අතිගරු ජනධිපති තුමනි, නිලුපුල් කියන පුරවැසිය ගේ ඉල්ලීමට කරුණාවෙන් සවන් දෙන්න. ඔබතුම වටේට ඉඳගෙන නාම යෝජනා ගත්ත උදවිය ගෙන් බොහොම ටික දෙනෙක් ඇරෙන්න අනෙක් සියලු දෙන රට ගැන ඔබතුම ට දක්වන්නේ වැරදි පින්තුරයක් . පුළුවන් නම් හැම ගමටම වෙස් වලා ගෙන ගිහින් හරි කමක් නැහැ ඇත්ත තත්වය සොයා බලන්න. (අ)
පොලවල්වල එළවලු පලතුරු බිම අපිරිසිදු ගෝනි පඩන්ගු වල තබා විකිණීම තහනම්කරන්න. වෙළෙන්දන්ගෙන් අයකරන ගාස්තුවලින් අකුලන මේස වැනි දෙයක් පොළ දිනට අදාළ ආයතනවලින් ලබාදී පිරිසිදු එළවලු මිනිස්සුන්ට කන්නට දෙන වැඩපිළිවෙලක් රට පුරා ඇතිකරන්න. (අ)
ඔය පොළ ඉස්සරත් තිබුණ.. ජනාධිපති තුමාටත්, බන්දුල ගුනවර්දන මහත්තයටත් මතක එතිනේ විද්‍යොදයේ ඉන්න කලේ ඔය පොලට එවිත් බඩු ගත්ත. (අ)
නිලුපුල්, ඔයාගේ කට ටිකක් අරින්නකෝ මසුරමක් දාන්න. (අ)
මෙතන ඉන්න දේශපාලන බලධරයෝ ඔක්කොම වාගේ ගමේ අහල පහල අපි දන්නා කියන ප්‍රභුවරුනේ. අපේ සභාපති තුමිය කාන්ති මැතිනියත් ඉතින් හැම තැනටම රිංගනවනේ. මෙතෙනට බැසිල් ඇමතිතුමා අඩුයිනේ. එතුමාගේ උනන්දුව නිසා තමයි අද රටේ එළවලු නිෂ්පාදනය වැඩි වෙලා තියෙන්නේ. අද හොරණ පොලේ හැම එළවලුවක්ම 500 රුපියල් 30 යි. (අ)
මේ දවස්වල බස්නාහිරයි දකුනෙයි විවෘත කිරීම් වැඩියි.(නදී)
දැන් 138 පාරේ වාහන තද බදය අඩුවෙයි (දී)
අපි දෙල්කද ජිවත් වන මිනිස්සු බොහොම හොද වැඩක් තමයි මේ කලේ (දී)
පුළුවන් නම් අපේ මේ වනාන්තර ටික බේරලා දෙන්න ... අපි වගේම අපේ අනාගතයත් රැකෙන්න ඕන..අපි කුහක ජාතියක් නෙමේ..අපිටත් ඕන නම් ඕන විදියේ ගහක් කපා ගන්න පුළුවන්.සත්තු විකුණලා සල්ලි හම්බ කරන්න පුළුවන්.ඒත් ආත්මයක් ආත්මයක් පාසා අපේ පස්සෙන් එනවා ඕව..අපි ගහක් වවන්නේ අපිට නෙමේ අනාගත පරපුරට..ඔයාලගේ අදහස් වලට බොහොම තුති.ස්භාවදර්මයත් එක්ක තවමත් මිනිස්සු ඉන්න එක ගැන මගේ හද පිරි ප්‍රණාමය.ලංකාදීප මගේ විශේෂ ප්‍රණාමය ඔබට. (දී)
නිලුපුල්ගේ ප්‍රකාශය ගැන ජනපති තුමාගේ අවධානය යොමුවේවා! ජනපති තුමාට , ජයවේවා!..... (දී)
නිලුපුල් , ඔයාගේ ආයාචනය ගැන දුක හිතෙනවා දැක්කම , නමුත් ඔය කතාව ප්‍රසිද්ද රහසක් ජනාදිපති තුමා විතරක් නොදන්නා.(නදී)
නිලුපුල් ගේ ප්‍රකාශයටත් එය පලකල ලංකාදීප එසැණටත් මගේ ප්‍රණාමය! (නදී)
නිලුපුල් ගේ කතාව ඇත්ත. මමත් ගාලු පළාතේ මල ගෙදෙරක ගිහින් එනකොට ඇල්පිටිය පහු කළා. තව පොඩ්ඩෙන් ගියපු වාහනේ කෙලින්ම ගරාජ් එකට ගෙනියන්න වෙන්නේ. පාරවල් ගන්න දෙයක් නැහැ. උගත් අවංක කෙනෙකුට නාම යෝජනා දෙන්න තිබුනා. වට්ටි අම්මල වගේ කෑගහනවා ඇරෙන්න සමහර උදවිය රටේ වෙන්නේ මොනවද කියල වත් දන්නේ නැහැ.(නදී) .
ජනතාව සමග එදත් අදත් ඉදිරියටත් ඉන්න එකම ජනපති අති ගරු මහින්ද රාජපක්‍ෂ මහාතාට ජයවේවා! (නදී)
දකුණේ ඇල්පිටියේ පාරවල් ටිකත් කාපට් කරලා දෙන්න. උදේට යන්න විදියක් නෑ. බස් එකක් තිබුනත් අවාරෙට වගේ. ඉගෙන ගන්න ළමයෙකුට අඩුම තරමේ ඉන්ටනෙට් පහසුකම් වත් නෑ. ඇවිත් බලන්න පොරවගමට, වත්තහේනට, අපි ගම් වල නිසාද මෙහෙම කරන්නේ ? මාපලගම පොරවගම හරහා ඇල්පිටිය මාර්ගය, කහදුව මාර්ගය ඔබ තුමා මේ ලගදි ආවා කිව්වා. ඒත් ඔය කුහක දේශපාලුවෝ ඔබ තුමාව එක්කන් ගියේ නෑ ඔය පාරවල් වල. එක වලක වැටුනොත් වාහනේ එරෙනවා. දැන් ඡන්දෙ ලග නිසා වැස්ස අල්ලලා ටික ටික හදන් යනවා. ඔය ගීතල මොකවත් කරන්නේ නෑ මෙහෙට.අනිත් අයත් එහෙමයි.රන්දීම ගමගේලා ගිය පාර දැක්කට පස්සේ දැක්කෙවත් නෑ. ශාන් ලත් ඇවිත් මහා ඇමතිලා උනාට මෙහෙට කිසිම දෙයක් කරන්නේ නෑ. ඔබ තුමා ඇවිත් බලන්න. ඔබ තුමා හොදයි. වටේ ඉන්න උන් නිසයි ඔබ තුමාගේ නම කැත වෙන්නේ. ලංකාදීප බොහොම තුති.පුළුවන් නම් මේක ජනපති තුමාගේ අවදානයටයොමු කරන්න. මොනවා නැති උනත් මෙහෙ වනාන්තර නම් ඉවරයි , වල්ලපට්ටයි , කිබුල් හූනන් නිසා.මේවා ගැන බලන්න කවුරුත් නැද්ද ? ප්‍රසිද්දියේ කථා කරොත් මරල දාවි.පොලිසියක් ගැන විශ්වාසේ තියන්න බෑ. දේශපාලුවෝ වනාන්තර බදු අරන්. ලංකාදීප මේවා පල කරන්න.ඔයාල ඇවිත් මෙහෙ වාර්තා වැඩ සටහන් කරන්න. ඔයාලටම දැනෙයි මේවයේ ඇත්ත නැත්ත. පින් සිද්ද වෙයි මේවා පල කරන්න.ජන පති තුමෙටම මේවා යොමු කරන්න. අනිත් අය සල්ලි වලට යට වෙලා.(නදී)