ජේසුතුමන් උපන් ස්ථානය ලෙස සැලකෙන පලස්තීනයේ බෙත්ලෙහෙම් නුවර ඉපැරැණි නේටිවිටි පල්ලියට ගිය මහින්ද රාජපක්ෂ ජනපති හා ශිරානි රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පල්ලියේ පුජකවරු රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.පලස්තීන ජනපති ආචාරිය මහමුඩ් අබ්බාස් ද ඊට එක් විය.
ජේසුතුමන් ඉපදුණු ප්‍රදේශය විදුලි ආලෝකයෙන් අලංකාර කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන පින්තුර ටිකක්, ලස්සන ප්‍රදේශයක් ලංකාදීපයට තුති (දී)
නන්දන පනාගොඩ (මිලානෝ), ඊජිප්තුවටයි, ලිබියාවටයි විනාශය අත් කල බලවත් රටවල් අපේ මව් බිමටත් එවැනිම විනාසයක් කරන්නට කැස කවන බව මගේ රටේ ඔලුවක් තිබෙන හැම දෙනාම දන්නවා. කොටි උගුලෙන් ගැලවුණා වගේ මේ උගුල් වලිනුත් ගැලවෙන්නට නම් හැමදෙනා එකාවන්ව රට ගැන හැගීමෙන් හා ශක්තිමත් කොන්දක් ඇතිව ඩොලර් වලට රට පාවා නොදී අවදියෙන් සිටිය යුතුමය.(නදී)
ඇත්තටම හොඳ වැඩක් අපේ ලොක්කා කොයි තරම් හොඳ රාජ්‍ය නායකයෙක්ද? (නදී)
ජාතින් කිහිපයක හමුවක් දැකීම සතුටක්.(නදී)
ලුම්බිණි ,බටහිර ඉවුර ,බෙත් ලෙහෙම (පලස්තීනය )යන ප්‍රදේශ වලට බෙහෙත් ,විදුලිය .යටිතල පහසුකම් සපයන්නේ ඊශ්‍රායලය විසින්. ජෙරුසෙලමේ සිට බෙත්ලෙහෙමට බස් එකෙන් විනාඩි 40 විතර ඇති. බොහෝ කතෝලික බැතිමතුනන්ව ගේත්සෙමන (ජේසුස් වහන්සේ කුරුසයේ ඇන ගැසීමට පෙර රාත්‍රිය ගතකල ස්ථානය )උන් වහන්සේ කුරුසය කරතබාගෙන යද්දී ඇති ස්ථාන 14 (පාද නමස්කාරය ) යන ස්ථාන මම නිවාඩු තියන වෙලාවට ගිහින් කියලා දෙනවා. (නදී)
ඉතාම ලස්සන දේවස්ථානයක්. කීප වතාවක්ම වැඳ පුදාගන්න අවස්ථාව ලැබුනා. ජනාධිපතිතුමා අද ඊශ්‍රායෙල් එනවා. ජේසු කුරුසේ ඇන ගසපු ඒ කල්වාරි දේවස්ථානය තියෙන්නේ මෙහෙ ජෙරුසලමේ. ඉතාම ලස්සන දේවස්ථානයක්. එතුමන්ලාට එම දෙවස්තානයද වැඳ පුදාගන්නට අවස්ථාව ලැබේවි. (නදී)
බේත් ලෙහෙමේ ජේසුස් වහන්සේ උපන් ස්ථානයට මීටර් 400 විතර උඩින් තියනවා මරිය තුමිය ජේසු බබාට කිරි දෙනකොට කිරි බිංදුවක් කළු ගල මතට වැටි කළුගල සුදු වූ ස්ථානය (මිලක් ග්රෝතෝ ). මරිය තුමිය ජේසු බබාට කිරිදෙන ඡායා රුපයක් මුළු ලෝකෙම තියෙන්නේ එතන විතරයි. කාට හරි ඕනෙ නම් මට ඊමේල් කරන්න. මගේ ලග වටිනා ෆොටෝ ගොඩක් තියනවා. (නදී)
පහන් මඩුගල්ල මහතාණෙනි මට ඔබ තුමා කියන ඒ ජායාරූප දකින්න ආසයි ,ඔබතුමාට පුලුවන්ද මට ඒ ටික ඊ මේල් කරන්න (දී)
අනේ සහන් ඒවා ඔයාගේ මුහුණු පොතේ දාන්නකෝ ස්තුති (දී)
මම හිතා උන්නේ බෙත්ලෙහෙම් නුවර තියෙන්නේ ඊශ්‍රායෙල් රටේ කියලා. (නදී)
අපේ ජනාධිපති තුමාට තව දිගු කාලයක් අපේ රට වෙනුවෙන් තම කාර්ය ඉටු කෙරීමට ශක්තිය දෛර්ය ලැබේවා,මඩුගල්ලේ මහත්තයෝ කරුණාකර මටත් ඔය කියන ෆොටෝ ටික එවන්න ඔබ තුමාට ජේසු පිහිට ලැබේවා (දී)
ඔක්කොම ෆොටෝ එවන්න කියලා තියනවා ඒත් කවුරුවත් ඊමේල් එකක් දීලා නැහැ. මටම තමයි ඒකත් දාන්න වෙන්නේ. pahan _725@yahoo .com
පහන් මඩුගල්ල, මම සේවය කරන්නේ ඊශ්‍රායලයේ. ඔබ කියන තොරතුරු ඉතා වටිනවා. ඒ මරිය තුමිය ජේසු බබාව හංගගෙන කිරි දුන්න ස්ථානය අදටත් ඉතාම පෞරාණික විදිහටම තියෙනවා. ගොඩාක් දෙනෙක් ගැටළු වලට එතනට බාර හාර වෙනවා. මම වැකේෂන් යනකොට මගේ කතෝලික නෑදෑයෝ, යාලුවෝ සියලු දෙනාටම ගෙනිහින් දුන්නේ ඒ (මිල්ක් ග්රටෝ) කියන පින්තුරය. ඒ වගේමයි කල්වාරි දෙවස්තානයත්. (දිල්)
සියලු දෙනාට ජේසු පිහිටයි (දී)
ඉතා ඇති පුජනිය තැනක් මටත් ආසයි යන්න (දී)
දෙවියන් වහන්සේට ප්‍රශංස වේවා (දී)
දෙවි පිහිටයි ඔබතුමාට (දී)
මේ ප්‍රදේශය වන්දනා කිරීමට ලැබීම කෙතරම් භාග්‍යක්ද,,හරිම ලස්සනයි,(අ)
ඔබේ ගමන සාර්ථක වේවා ජයවේවා (දී)
බෝජන සංග්‍රහ වලට සහභාගී වීම භයානකයි (දී)
සුභපැතුම් ජනාධිපතිතුමනි (දී)
ජනතා සේවයේ උපරිමය ඔබතුමාගෙන් පිළිබිබු වෙනවා (දී)
"අපේ ජනාදිපතිතුමාට ජේසු පිහිට ලැබේවා!" (දී)
ඔබගේ නිල සංචාරය සාර්ථක වේවා (දී)
අපේ රටේ නායක තුමාර නිරෝගී සුව අත් වේවා, චිරාත් කාලයක් අපේ රටේ පාලකයා වේවා (දී)
ජනාධිපති තුමනි. ඔබ තුමා කතෝලික විතරක් නොවෙයි සෑම අන්‍යාගමික නිකායකටම රිසිසේ ආගම අදහන්න නිදහස ලබා දී තිබෙනවා.(නදී)
අපේ රටට යහපතක් උදා වේවා, (දී)
ලඟම තිබෙන ඊජිප්තුවටයි, ලිබියාවටයි ඔය ගමන්ම ගිහිල්ලා ආවනම් හොඳයි නේද? (නදී)
ආගමික සහජීවනය තමයි වත්මන් ලෝකයට අවශ්‍ය (දී)
අපේ ජනාදිපතිතුමාට ජේසු පිහිට ලැබේවා! සියලු රැකවරණය පතමි.(නදී)
එදා බෙත්ලෙහෙමට මෙවැනි කාලෙක ගියා පෙරදිගින් රජවරු තුන් දෙනෙක්. මේ කාලේ ගියේ එවැනි සමයක පෙරදිගින් එක්කෙනෙක්.(නදී)
බුද්ධිමත් බෞද්ධයෝ එහෙම තමයි. ගරු ජනපතිතුමන්ට ශක්තිය දහිරියම ලැබේවා! (නදී)
ජනාධිපති තුමා, ජේසුතුමන් උපන් ස්ථානය බැලීමට ගොස් දේව මෙහෙයකට සහභාගී වීම වටිනා දෙයක්. ඒ වගේම ලංකාවේ සෑම නිකායකම කිතුනුවන්ට නිදහසේ දෙවියන් නමස්කාර කිරීමේ නිදහස ඇතිකර දීම ජනාධිපති තුමා කලයුතු ඉතා අගේ කලයුතු දෙයක්. ජනාධිපතිතුමාට ජේසු සමිඳු පිහිටයි.(නදී)