IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනපති බසයක් පදවයි

කොළම පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ඉදිකළ කොට්ටාව අන්තර් පිවිසුමේ සිට කඩුවෙල දක්වා මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද විවෘත කළේය. කොට්ටාව පිවිසුමේ සිට  කඩුවලෙ දක්වා කිලෝමීටර් 11 ක් පමණ වන දුරක් බස් රථයක් පදවමින් පැමිණි ජනාධිපතිවරයා කඩුවෙල කොතලාවල අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ගමන නිම කළේය. නුගේගොඩ සිට කඩුවෙලට ළඟාවීමට විනාඩි 15ක් පමණ ගතවිය.

මෙම මාර්ගයේ දෙවන අදියර වශයෙන් කඩුවෙල සිට කඩවත දක්වා ද තෙවන අදියර වශයෙන් කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ද  නිම කිරීමට නියමිතය.

මෙහි සම්පූර්ණ දුර කිලෝමීටර් 29කි.

ගාල්ල සිට මාතර දක්වා කොටස ද ලබන 15 වැනි දා විවෘත කිරීමට නියමිත අතර මාතර සිට  පැය එකකුත් විනාඩි 30කින් පමණ කඩුවෙලට ළඟා විය හැකිය. 



අදහස් (0)

ජනපති බසයක් පදවයි

සිංහ Wednesday, 12 March 2014 10:15 AM

ස්වාභාවික දායාදයෙන් ශ්‍රී ලංකාවට උරුම වී ඇති හරිත අසිරිය පසුබිම මැදින් දිවෙන මේ අධිවේගී මාර්ගවල ගමන්කිරීමේදී නෙතට හසුවන ඒසා වූ මනස්කාන්ත දර්ශන හේතුවෙන් මේ සා වූ ගතට ද දැනෙන ප්‍රබෝධය විශ්මය දනවන සුළුය. (නධී)

:       0       0

රකිත Monday, 10 March 2014 07:23 AM

රියදුරු අසුනේ පිටුපස එල්ලිලා සිටින මහත්වරු කවුද හැබෑටම? ප්‍රවාහන අමාත්‍යංශයේ නම් වෙන්න බැහැ.(දිල්)

:       0       0

සම්පත් ප්‍රියංකර Sunday, 09 March 2014 01:15 PM

ඉතා අනර්ඝයි. සුභ පැතුම්! (නදී)

:       0       0

ජිලෝ Monday, 10 March 2014 10:06 PM

රට සංවර්දනය වෙනවනම් අපගේ සහයත් රජයට .රට විදේශිකයන්ට විකුනනවාන්ම් අපේ විරෝදය සහ සාපය රජයටත් වචනයකින් හරි උදව් කරන්නටත් .(අ)

:       0       0

කළු Tuesday, 11 March 2014 04:21 AM

බොරුවට මිනිස්සු ආණ්ඩුවට බනිනවා එක්කෙනෙක් ලක්ෂ 3.5 නයයි. තවත් නය ගන්නවා කිය කියා. කරන හොද වැඩ පෙනෙන්නේ නැහැ.(නදී)

:       0       0

කළණ Monday, 10 March 2014 11:03 AM

නියමයි! (නදී)

:       0       0

සුජීව එදිරිසිංහ Sunday, 09 March 2014 03:32 PM

ජනාධිපතිතුමනි, අරනායක දෙබත්ගම පාර මිනිහෙකුට පයින් යන්නත් බැරි තරමට කැඩිලා අපිට අධි වේගය වැඩක් නෑ. මේ පාර හදලා දුන්නොත් ලොකු පිනක්.(නදී)

:       0       0

කුමාර Sunday, 09 March 2014 04:42 PM

ඒක ඇත්ත මේ පාරේ පයින් යන්නත් බෑ. බීරි අලින්ට වීණා වයනවා වගේ හදන්නේ නැහැ.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 11 March 2014 10:51 AM

බොහොම සන්තෝෂයි ඔබ තුමාට දීර්ගායු ප්‍රර්ථනා කරමි,හැබැයි අරකවුද කිවුව වගේ සිංහ කොඩියක් බේතකටවක් හොයා ගන්න නැති එක ගැන හරිම දුකයි?? (අ)

:       0       0

චමිල රාජකරුණා Sunday, 09 March 2014 05:01 PM

ඔබ තුමාට අපගේ ආචාරය.(නදී)

:       0       0

ප්‍රසන්න රත්නායක Saturday, 08 March 2014 08:35 PM

ජනාධිපතිතුමනි, වැඩේ නම් ඉහලයි. ලස්සනයි එත් සීට් බෙල්ට් දාලා බස් එක එලෙව්වනම් නේද වඩා හොඳ? (නදී)

:       0       0

සෙන Thursday, 13 March 2014 12:47 PM

ඔබතුමාගේ මේ වැඩ අගය කරනවා.....(දී)

:       0       0

ප්‍රදීප් Saturday, 08 March 2014 08:41 PM

හරි ලස්සනයි නිමකර ඇති අධිවේගේ රැකගමු අපේ සම්පත් දී සහයෝගේ කොපමණ විවේචන තිබුනත් මිනිසුන්ගේ කාලය හොඳයි මහින්ද ජනපතිදුන්ගේ(නදී)

:       0       0

නුවන් Saturday, 08 March 2014 08:43 PM

රටම ආඩම්බර විය යුතු දෙයක්නේ. ඒත් මොකෝ සිංහ කොඩි දාලා නැත්තේ පාර චිනට බදු දීලා වත්ද? (නදී)

:       0       0

සදුනි Saturday, 08 March 2014 08:48 PM

ජනපතිතුමනි නියමයි, ඔබතුමාට බුදු සරණයි. ඔහොම ඉස්සරහට යමු. බල්ලෝ බුරාවී. ඒත් තවලම ඉදිරියට.(නදී)

:       0       0

චාමර Saturday, 08 March 2014 09:18 PM

ප්‍රසන්න ඔබගේ ඇස් පෙනීම ගැන මම ගොඩක් සතුටු වනවා. විවේචනයට කියනවා කියලා හිතන්න එපා.(නදී)

:       0       0

සමන්ත Saturday, 08 March 2014 09:41 PM

කොන්දොස්තර කව්ද දන්නේ නෑ? (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 08 March 2014 09:47 PM

පෙනුමෙන් නම් දැන් ලංකාව හරිම දියුණුයි වගේ. මම හිතන්නේ දැන් ඉස්පිරිතාලවල හොදට බේතුත් ඇති ගම්වල ඉස්කෝලවල හොද පහසුකනුත් ඇති. කාන්තාවෝ ගෘහ සේවයට මැද පෙරදිග යන්නෙත් නැතුව ඇති. රැකියා ඕනෑ තරම් ලංකාවේ ඇති. මිනිස්සු බොරුවට පෙළපාලි යනවා මෙච්චර පහසුකම් ලංකාවේ තියෙද්දී. මම ඉන්න රටේ ඉන්න ලංකාවේ අය සල්ලි එකතු කරනවා අනුරාදපුරේ ඉස්පිරිතාල වලට වකුගඩු රෝගීන් සදහා අවශ්‍ය ලේ පිරිසිදු කරන මැෂින් ගන්න සහ ඉස්කෝල වලට අවශ්‍ය දේවල් ගන්න කියලා. හැමදාම අපි මේ වැඩ කරනවා දැන් ඉතින් නවත්වන්න ඕනා. ලංකාවට පිටරවල් වලින් එකතු කරලා සල්ලි එවන්න ඕන නැහැ දැන්. ජනාදිපති හැම පැත්තම දියුණු කරලා ඇති. නැහැ නැහැ කියල මිනිස්සු බොරු කියනවා වෙන්ඩ ඇති.(නදී)

:       0       0

නසාර් Saturday, 08 March 2014 09:49 PM

අදිවේගී මාර්ගයේ මැද වැට කෝ?  රියදුරු ගේ සීට් බේල්ට් කෝ? (නදී)

:       0       0

ධම්ම Saturday, 08 March 2014 10:06 PM

පැයට කිමී 44ක සාමාන්‍ය වේගයකින් බසය පදවලා තියෙනවා. (නදී)

:       0       0

ඕෂධී Sunday, 09 March 2014 07:10 PM

සුභපැතුම් ශ්‍රී ලංකා (දී)

:       0       0

බුද්ධි Sunday, 09 March 2014 07:10 PM

අධික වියදමක් යන්න ඇති නේද (දී)

:       0       0

පුෂ්ප කුමාර Sunday, 09 March 2014 07:12 PM

ඔය පාර හදන්න අධික වියදමක් යන්න ඇති නමුත් රටක සංවර්ධනයට මේවා අත්‍යාවශ්‍ය දේවල් (දී)

:       0       0

පුෂ්ප Sunday, 09 March 2014 07:14 PM

රටක දියුණුවට ගරහන්න එපා (දී)

:       0       0

නලින් Sunday, 09 March 2014 07:15 PM

රටක් දියුණු වෙන කොට කාලා ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා (දී)

:       0       0

ටිකිරි බන්ඩා Sunday, 09 March 2014 07:16 PM

දුලිප් 2014-03-08 23:15:47.ලගම ඉන්න මානසික දොස්තර කෙනෙක් ලගට ගිහින් බලව ගත්තොත් හොද නැද්ද? (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 09 March 2014 07:18 PM

අධිවේගී මාර්ගය විවෘත කලේ ලංකාවේද,නැතිනම් චීනෙද?සිංහ කොඩියක් බෙහෙතකට හොයා ගන්න නැහැනේ. (දී)

:       0       0

බුද්ධි Sunday, 09 March 2014 07:19 PM

චීනය නිසා ලංකාව සංවර්ධනය වෙනවා (දී)

:       0       0

පිටිගල Saturday, 08 March 2014 10:33 PM

නරක දේ නරකයි කියල මම හැමදාම කැගැහුවට හොඳ දේ හොඳමයි. ලස්සනයි. ලංකාවේ තරමට විශිෂ්ටයි. ජනපති තුමාගේ අධිවේග මාර්ග සංකල්පයට සහ ඒ සඳහා සහභාගී වන සැමටම සෙතක්ම ශාන්තියකම සැලසේවා !ජයවේවා! (නදී)

:       0       0

චින්තා Sunday, 09 March 2014 07:28 PM

අපෙන් සුභපැතුම් (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 12 March 2014 05:42 AM

මටනම් සැකයි මෙහෙම ඉරි කපන්නේ බස් රියදුරු බලපත්‍රයක් ඇතුවද කියල? (අ)

:       0       0

දුලිප් Saturday, 08 March 2014 11:15 PM

ජාතියේ පියාණනි අපි ඔබට සදා ණයගැතියි ඔබතුමාට දීර්ගායුෂ පතමි. (දී)

:       0       0

කොඩිතුවක්කු-කොක්මාදුව Saturday, 08 March 2014 11:18 PM

අතිගරු ජනාධිපතිතුමනි.ගාල්ල සිට මාතර අතර කොක්මාදුව අන්තර් හුවමාරුව අසලම සිටින මා පිඩාවට පත්වූ අයෙක්මි.අදිවේගී මාර්ගය සෑදීමේදී සිදූවූ අලාබහානි ඉතා පහත් ලෙස ගිණුම් ගතකර ඇත.15 වෙනි දිනට පෙර මා හට සාදරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමි. මගේ නම අදිවේගී මාර්ගයේ නිළදාරි සැවොම දනී. ජයෙන් ජය .. (දී)

:       0       0

ප්‍රදීප් සුරංග Sunday, 09 March 2014 12:28 AM

බස් එකක් එළවන්න ලයිසන් ඕනා නේද? (නදී)

:       0       0

රොචි Sunday, 09 March 2014 12:33 AM

අතිගරු ජනාධිපතිතුමාට කලනොහැක්කක් නොමැත. ආඩම්බර නැති රදළ ගතිනැති ජනතාව ලගින්ම ඉන්න අවංක නායකයා.(නදී)

:       0       0

සෙන්පති Sunday, 09 March 2014 10:30 PM

හොද දේට හොදයි කියන්නයි නරක දේට නරකයි කියන්නයි කොන්දක් තියෙන්න ඕනේ කවුරු කළත් . (අ)

:       0       0

මෛත්‍රී Monday, 10 March 2014 06:46 PM

ජනාධිපති තුමාට ජය වේවා (දී)

:       0       0

සිල්වා Monday, 10 March 2014 02:45 AM

ටිකිරි බණ්ඩා චීනයට යවමු ..රටක සංවර්ධනය බලාගෙන එන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 27 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 26 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3431 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2492 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3103 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18730 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site