IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජනපති රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා රට යයි

 (අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී කපිල)

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් - එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියේය.

මේ අනුව ජනාධිපතිවරයා අද (16) සිට 20 වැනිදා දක්වා චීනයේ සිව් දින නිල සංචාරයකට එක් වනු ඇත.

ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

ඒ අනුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙසත් පත් කර ඇත.

 



අදහස් (8)

ජනපති රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා රට යයි

ගජමිතුරු Monday, 16 October 2023 07:48 AM

මේ ඔක්කොමලා බුලත්විට හපමින් නෙලුම් පොහොට්ටු අරගෙන විහාරස්ථානයට ගොස් පුටුවේ වාඩිවෙලා වැදගෙන හිටපු කට්ටිය කියලා නැවතත් කියන්නෙ මොකටද .ඒත් ඒ කාලයේ ඔවුන්ගේ නායකයො විදේශවල එළිබහින්න යද්දී මෙහෙම කරන්න කියලා බාර දීලා ගියාද නැහැනේ ඒත් ඔවුන්ට දැන් කාලයේ දිනක දෙකක හරි ඇමති පුහුණුවක් ලැබෙනවා

:       0       5

මුදිත් Monday, 16 October 2023 08:45 AM

ඇයි දෙය්යනේ ආපහු එන්නේ නැද්ද

:       3       3

Perera Monday, 16 October 2023 09:20 AM

මෙයාට ඉස්සර ඉඳන්ම පුදුම පිස්සුවක් තියෙන්නේ... මහජන මුදලින් රටසවාරි ගහන්න.

:       5       5

කිරිපුතා Monday, 16 October 2023 09:27 AM

ව්‍යවස්ථානුකූලව ලැබුණු ධුර කාලය තුල වැඩිම වාර ගණනක් සහ වැඩිම රටවල් ගණනක සංචාරය කළ සහ මහා ධනස්කන්ධයක් වැයකළ ජනාධිපතිවරයා ලෙස ගිනස් වාර්තාවක් තියන්නයි හදන්නේ...

:       5       7

Nimesh Monday, 16 October 2023 11:59 AM

එයාම ගෙවන්න බරිවිදිහට ණය අරන් එයම බංකොලොත් කරලා ,දැන් අපහු මේක හදන්න කියල ලෝකේ වටේ යනවා ,කොහොම ගියත් අපේ පින්පති තුමා දිනුම්

:       5       7

Rata Perata Monday, 16 October 2023 12:19 PM

භාර දෙන්න වැඩ තියෙන්න එපෑ නේ .මෙයා කරන්නේ සාකච්චා තියන එකයි ,කතන්දර කියන එකයි විතරයි .තවම ජනතාවගේ පව් ඉවර නෑ

:       5       6

fairoos Monday, 16 October 2023 12:41 PM

නියමයි බයියන්ට දැන් සැපද????

:       0       8

ගමේ එකාලා Monday, 16 October 2023 03:27 PM

දූෂිත පවුල් පාලනේ උන්ව රකින්ඩ ආපු පින් ජනපතියා . රට සවාරි, කමිටු පත්කිරීම හැර වෙන වැඩක් නෑ වගේ?

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 58 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 614 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 1563 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 682 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 607 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 329 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39829 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25868 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 96 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 394 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1262 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site