(ඉන්දිකා රාමනායක)
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර පිංවත්ත නිවසට අද (30) දහවල් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකු පින්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු නිවසේ තාප්පයෙන් පැන වත්තට ඇතුලු වන අයුරු එහි ආරක්ෂක කටයුතු සදහා අනුයක්ත කර පොලිස් නිලධාරියකු දැක ඔහු අල්ලා ගත් අවස්ථාවේ සැකකරු පොලිස් කොස්තාපල්වරයා සමග පොරබදා පලාගොස් ඇත.
මෙම පොලිස් නිලධාරියා විසින් සිද්ධිය පින්වත්ත පොලිසිය වෙත කළ දැනුම් දීමකට අනුව පොලිස් කණ්ඩායමක් පැමිණ අවට සෝදිසි මෙහෙයුමක් සිදුකර පාළු නිවසක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි තරුණයකු බවත්, ඔහු තදින්ම මත්කද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින බවද පොලිසිය පවසයි.
මොහු සොරකම් කිරීම සදහා මෙලෙස ඇතුලු වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (31) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පිංවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති ලේකම්ගේ නිවසට පැන්න අයෙක් මාට්ටු