(නිමල කොඩිතුවක්කු)
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය අද (9) තීරණය කරනු ලැබීය.
මෙම වාර්තාව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති විපක්ෂයේ පක්ෂ නායක සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
ඒ අනුව, මෙම ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ පිළිබඳව සමස්ත ජනතාව දැනුවත්කර එය පරාජය කිරීමටත් සමගි ජනබලවේගය තීන්දු කළ බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය සඳහන් කළේය.
එම නිවේදනය තවදුරටත් මෙසේද සඳහන් වේ.
"දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපති වරයාට ඉදිරිපත් කළ බව මාධ්‍ය වාර්තා කරන ලදී.
එකී වාර්තාවෙහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති වරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිපත් කර අනුමැතිය ලබාගෙන ඇත.එමෙන්ම එම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනය කර අවශ්‍ය නිර්දේශ මාස තුනක් තුළ ලබා දීමට දෙවන විශේෂ ජනාධිපති කොමිසමක් ද ගැසට් මගින් පත්කර ඇත.
එම වාර්තාවේ කරුණු අනුව ඒ නිර්දේශවල මෙම පාර්ලිමේන්තුවේ තේරීපත්ව සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි බරපතල නිර්දේශ අඩංගු අතර එම ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ සමස්ත අධිකරණ පද්ධතිය හා සමාජයම ව්‍යාකූලත්වයට පත්කරන සුළුය.
මෙය හුදෙක් අන්තනෝමතික දේශපාලන පලිගැනීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් ගොඩනැගූ වාර්තාවක් බවත් ඒ හරහා ආණ්ඩුවට තර්ජනයක් වන චරිත නිහඩ කිරීමට සහ ඔවුන්ගේ ප්‍රජා හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ගනු ලබන බියගුලු වැඩපිළිවෙළක් බවත් අප විශ්වාස කරමු.
මේ තත්ත්වය තුළ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායක සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.
එහිදී විශේෂ තීන්දු කිහිපයක් ගත් අතර ඒ අනුව, මෙම ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, මේ අත්තනෝමතික ක්‍රියාවලිය පිළිබඳව සමස්ත ජනතාව දැනුවත්කොට එය පරාජය කිරීමටත් සමගි ජනබලවේගය තීන්දු කරනු ලැබීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති විමර්ශන කොමිසන් වාර්තාවට සජබ නඩු මඟට
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 February 2021 02:56 PM
මේ දෙපාර්ශවයේම දේශපාලන බල අරගලය ගැන අපට කිසි ඇගයීමක් කිරීමට වුවමනාවන් නැහැ. ඒත්, පවතින රටේ නීති පද්ධතියට හා අධිකරණ ක්‍රමයට පරිබාහිරව කෙරෙනා දේශපාලන උපදෙස් හා වුවමනාවන් කෙරෙන පක්ෂග්‍රාහී තීන්දු ගැන අපේ ඇත්තේ දැඩි පිළිකුලක්. ඒ කෙසේ වෙතත්, සැබෑ අධිකරණයෙන් මේ ව්‍යාජ වඩා හා තීන්දු ගැන හොඳ ප්‍රතිචාරයක් රටට ජනතාවට දැකගැනීමට හැකිවේවි.
asdfg Wednesday, 10 February 2021 03:38 AM
"වරදක් කරලා නැත්නම් බය වෙන්න ඕන නෑනේ..."
Raveendra Wednesday, 10 February 2021 05:58 AM
ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. ඔබට පාර්ශව දෙකක් පිළිබඳව ඇගයීමක් නොතිබුණත් අපට නම් ඇත්තේ රටේ තිබෙන සියලුම පක්ෂ පිළිබඳව ඉතාමත්ම පහත් වචනවලින් සඳහන් කිරීමට අපහසු හැඟීම් සමුදායකි.