ඉන්දියා අගමැති මන් මෝහන් සිං ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් සුජාතා සං පැවසූ බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියා අගමැති ලංකා ජනපති හමුවන්නේ පොදු රාජ්‍ය මාණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් තුන් මාසයකට පසුවය.
මාර්තු හතර වැනි දා මියන්මාරයේ දී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවේ දී මේ දෙදෙනා හමුවන බව සුජාතා සං මහත්මිය පැවසා ඇත.
මාර්තු මාසයේදි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සහය දක්වනවා දැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරියගෙන් මාධ්‍ය වේදියෙකු විමසා සිටි අතර එයට විදේශ ලේකම්වරිය සෘජු පිළිතුරක් දීමට අපොහොසත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝරුන් සමග ගැඹුරු දියේ පිහිනන ඉන්දියාව අප දිහා බලන්නේ හාල්මැස්සෙකු දෙස බලන ආකාරයටයි. අපි කතාවෙන් මෝරු වෙලා හරියන්නේ නැහැ. වැඩත් ඒ විධියට තියෙන්න ඕනේ. (නදී)
ඉන්දියන් කාරයෝ කටින් සහ පස්ස පැත්තෙන් දෙපැත්තෙන්ම කතාකරන අය. මුනට එකක් යටින් එකක්.(නදී)
කොහෙන් ගියත් මොනා කලත් ඉන්දියාව කොලේ වහල කඩේ යාවි.(නදී)
ඉන්දියාවේ දැන් තියෙන්නේ වැඩි හරියක් ජයලලිත නෝනගේ කැමැත්තට තැනනේ. මගේ රටට,දැයට,රණවිරුවන් ජනපති ඇතුළු රට වැසියන්ට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදයයි.(නදී)
මොනවද ගිවිසුමේ තියෙන්නේ.(නදී)