ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සමග සම්බන්ධවෙමින් එම කටයුතු සිදුකිරීමට කැපවන බව ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ගැන අද (30)අදහස් දක්වමින් හෙතෙම පැවසීය.
මෙම කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සභාගත කළ යෝජනාව පිළිබඳව විවාදය අද පැවැතියේය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා මෙසේ ද කීවේය.
‘රටක් ලෙස ශ්‍රී ලංකාව අද එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් අපේක්ෂා කරන්නේ මානව හිමිකම් ආරක්ෂා කරමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැඟීමටයි.
ජගත් සංවිධානයේ වගකිව යුතු සාමාජික රටක් ලෙස නිදහස පිළිබඳ විශ්වීය වටිනාකම්, සමානාත්මතාවය හා යුක්තිය ආරක්ෂා කිරීමට බැඳීසිටිනවා.
අපේ නව දැක්ම අප මෙම කවුන්සිලයේ කටයුතු කරන ආකාරයෙන් පෙන්නුම් කරනවා.
පසුගිය මහමැතිවරණයෙන් පසු ජනපති හා අගමැති එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනඟමින් සංහිඳියාව සඳහා පියවර තැබුවා. ජනාධිපති හා අගමැති රජයේ උසස්ම ප්‍රමුඛතාවය ලෙස සංහිඳියාව මෙන්ම සංවර්ධනය ගැන අවධානය යොමු කර තිබෙනවා.‘‘
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘ජනපති/අගමැති සංහිඳියාවට මුල් තැන දෙනවා‘
මාලික Wednesday, 30 September 2015 04:28 PM
අපිට හරිම සන්තෝෂයි (නි)
හේමන්ත Wednesday, 30 September 2015 09:28 PM
වෛරය වෙනුවට සංහිඳියාව ගොඩනගමින් දරුවනට රටක් ඉතිරි කිරීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම ගොඩක් පින්. බඩු මිලත් පහත දැම්මොත් තවත් ගොඩාක් පින්. (නි)
සේන Thursday, 01 October 2015 08:48 AM
බටහිරයන්ගේ ඔය සියලු සෙල්ලම් රට බෙදා දෙමල අයට ස්වයං පාලනය දෙන තුරු පමණ යි .මෙය මහා ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලකි .අවසානයේ සිංහලයා තම රට තුලම අනාථ භාවයට පත්වනු ඇත (අ)
සම්පත් Wednesday, 30 September 2015 11:04 PM
බොහොම සන්තෝෂයි (නි)
දුමින්ද Thursday, 01 October 2015 09:07 AM
සියලු දෙයට පෙර රට පෙරට. (ර)
නිමල් ලාලිත Thursday, 01 October 2015 02:07 AM
කතා වලින් වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ රට සිංහල අයිතිය බොදු අයිතිය විනාශ කිරීමට ගන්නා පියවරයන් වළක්වන්න. මේ රටේ සියලුම පුරවැසියන්ට එකම නීතියක් යටතේ ජීවත්වීමට සළස්වන්න. (නි)
අවිශ්ක Thursday, 01 October 2015 03:06 AM
මරේ මරු
රුවන් Thursday, 01 October 2015 04:29 AM
දෙන්නම එකතුවෙලා බඩු මිල පහත දානවද? (ස)
කිත්සිරි Thursday, 01 October 2015 04:40 AM
අපිටත් ඕනෑ කොහොමහරි මේ ප්‍රශ්න වල අවසානයක් දකින්න (නි)