IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


’’ජනපතිගේ කතාව ඡන්දෙට හොඳ නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගය පිහිටවන පළාත් පාලන ආයතන වලට අත දිග හැර මුදල් දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන රැස්වීම් දෙකකදී කරන ලද ප්‍රකාශයෙන් යම් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.

මෙම ලිපිය යවා ඇත්තේ පෙරේදා(12) දිනයේය.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමු කළ බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමපනතේ 92සී( අනිසි බලපෑම්) සහ 82 ඩී ( උපරිම වාසි පොරොන්දු දීමනා) වගන්තිවල පැහැදිලිව නීති උල්ලංඝනයක් වන බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා කන්තලේ සහ මන්නාරමේ පැවති දේශපාලන රැස්වීම් අමතමින් ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවයි.

 



අදහස් (10)

’’ජනපතිගේ කතාව ඡන්දෙට හොඳ නෑ’’

ලාම්පු කලගෙඩි සෙල්ලම Monday, 21 April 2025 07:36 AM

ඡන්ද කොටින්ම තියන්නැති අය, පැරදෙන බව දැනගෙන කල්දාන අයනම් හරීම හොඳයි.

:       0       4

ගුණරත්න Monday, 21 April 2025 08:04 AM

ඉස්සර ආණ්ඩු මේ වගේ කතා කලොත් මරාගෙන මැරෙන්න ආපු, ප්‍රජාතන්ත්රවාදේ ගැන දේශනා කරපු මාලිමාවුන් අද ගලේ පැහැරපු බළල්ලු වගේ, හතර අතේ අසූචි ගාගෙන

:       4       0

Tiran Monday, 21 April 2025 09:15 AM

මැතිවරණ නීති කඩන එක මොකද්ද බං, ඡන්දෙ දාපු උන්ගේ අත් කපලා, බෙලි කපලා ඔලුව වැට ඉන්නේ ගහලා කඳ ටයර් සෑයේ දාලා පුච්චපු උන්ට. දැන් ඉතින් සාධාරණ ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා. ලොක්කා කිව්වේ මේක ගත්තේ දෙන්න නෙමේ කියලා. ඒකනේ පාස්කු විමර්ශනෙන් විපක්ශ වල ඉතුරු වෙලා ඉන්න සෙට් එකත් හිරේ දාලා තව අවුරුදු 30ක් බලයේ ඉන්න මෙයාලා ප්ලෑන් ගහන්නේ.

:       7       2

Asith Monday, 21 April 2025 09:19 AM

ජෙප්පොන්ගේ ජනප්‍රියතාව 28%යිලු දැන්. 69 ලක්ශේ දැන් අඩු වෙලාලු. ඒකනේ ඔය වගේ තර්ජන කරලා ඡන්දේ දිනන්න හදන්නේ. මේ ආණ්ඩුවේ සැලැස්මක් නැති එකටයි, බොරුවටයි පාඩමක් උගන්නන්න නම් අනිවාර්යෙන් විපක්ශෙකට ඡන්දෙ දාපල්ලා. ස්වාදීන එකකට හරි කමක් නෑ. නැත්තන් ඡන්දෙන් පස්සේ ලයිට් බිල්, වතුර බිල්, බදු, ගෑස්, තෙල් වලට දෙගුණ තෙගුන කරලා ගෙවන්න ලෑස්ති වෙයල්ලා.

:       6       2

Rathne Monday, 21 April 2025 09:22 AM

මිනිස්සු ජනාධිපතිවරණෙයි, මහ මැතිවරනෙයි ආණ්ඩුවට දුන්නේ උගන්ඩාවෙන් ඩොලර් බිලියන 19ක සල්ලි ගෙනෙයි කියලා. දැන් මිනිස්සු මාලිමා පච පිලිගන්නේ නෑ. ඉතින් කන පලාගන්නෙ නැතුව ඡන්දෙ දාන්න කියලා කියන මට්ටමට මාලිමාව ඇවිත් තියෙන්නෙ.

:       6       2

රම්බොඩ Monday, 21 April 2025 09:25 AM

මේ මිනිසුන් හදන්න බෑ. බල තණ්හාවෙන් පෙළෙනව මිසක වෙනත් ආකල්ප නෑ. පච කියන එකේ ඉවරයකුත් නෑ.

:       5       1

Janaa Monday, 21 April 2025 09:57 AM

හෙට කියයි මේවගේ ලිවුමක් යැවුවේ නැහැ කියලා. බොරු කියන්න ලජ්ජාවක් නැති උනත්, වෙන දේවල් වලට මහන්තත්තකම තියෙනවා.

:       5       0

එඩ්වඩ් Monday, 21 April 2025 09:58 AM

මින් පෙර මෙරට පත් වූ කිසිම රාජ්‍ය නායකයකු නොකළ අන්දමේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින්, අනෙකුත් නායකකාරකාදීන්ට අපහාස කරමින් සහ ඔවුන් පිළිබඳ බොරු බේගල් පතුරුවමින්, ඔවුන් පිළිබඳ ජනතාව තුළ වෛරය සහ ක්‍රෝධය ඇති වන අන්දමින් කටයුතු කරන වර්තමාන රාජ්‍ය නායකයා දේශපාලන වශයෙන් ඉතා සටකපට පුද්ගලයකු බව දේශපාලන ඉවක් ඇති ඕනෑම අයකුට මේ වන විට වැටහී යා යුතුය. ඔහුගේ මෙම ක්‍රියාකලාපයට ගැලපෙන ආකාරයේ විරෝධයක් නොවුවත්, මෙපමණින් හෝ ඊට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන කොමිසමට අපගේ ස්තුතිය පල කරමු.

:       5       1

අරවින්ද මොණරවිල Monday, 21 April 2025 10:34 AM

ජනාධිපති දේශපාලන වේදිකාවලට නගින්නේ තමන්ගේ දේශපාලන පක්ෂය ප්‍රවර්ධනය කරන්න කියලා නොදන්න, සජිත්ගේ ඉල්ලීමට මැතිවරණ පස්සට අදින රනිල් ගේ මැතිවරණ කොමිසමේ මහත්වරුන් නොදැන සිටීම පුදුමයට කරුණක් නම් නොවෙයි. ඒ වාගේම තමන්ගේ දේශපාලන පක්ෂය බලය හොබවන සභා කෙරෙහි තමන් තුල විශ්වාසයක් හා අවබෝධයක් තිබෙන නිසා එම සභා වලට නිසැක වශයෙන්ම මුදල් ලබා දෙන බවට රටේ නායකයා ලෙසත් මුදල් ඇමතිවරයා ලෙසත් ජනාධිපතිවරයා හැර වෙන කවුරුන් ප්‍රකාශ කරන්නද ?

:       1       4

යෝගා Monday, 21 April 2025 11:11 AM

එයාගේ කතා කවදත් මුලු රටටම හොඳ නෑ. 99.9%ක්ම පචනේ.

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 34 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 10 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 57 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 434 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 984 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා
2025 අප්‍රේල් මස 21 658 3

තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 413 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site