
(අංජුල මහික වීරරත්න)
ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට නිදහස ලබාදීම ගැන සෞදි අරාබි රජයට අවංක කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් සටහනක් තබමින් සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ එම සටහනේ මෙසේද සඳහන් වේ.
ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට නියම කරන ලද මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණය සාදරයෙන් පිළිගනිමු. මෙය අනෝජන්ට, ඔහුගේ පවුලේ අයට සහ ඔහුගේ නඩුව ගැන ගැඹුරු සැලකිල්ලකින් කටයුතු කළ සියලුම ශ්රී ලාංකිකයින්ට ඉමහත් සහනයකි.
ඉවසිලිවන්ත රාජ්ය තාන්ත්රිකභාවයේ වටිනාකම, මිත්රශීලී ජාතියක නීති ක්රියාවලීන්ට ගරු කිරීම සහ විදේශයන්හි ශ්රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් පෙනී සිටි අයගේ වෙහෙස නොබලා වැඩ කිරීම මෙයින් පිළිබිඹු වේ.
මෙම ප්රතිඵලය සඳහා සෞදි අරාබි රජයට මගේ අවංක කෘතඥතාව පළ කරමි. බොහෝ සෞදි අරාබි සහ ශ්රී ලාංකික රාජ්ය තාන්ත්රිකයින්, සිවිල් සේවකයින් සහ නීති කණ්ඩායම් ඔවුන්ගේ කැපවූ උත්සාහයන් සඳහා ද මම ස්තූතිවන්ත වෙමි. ඉතිරි නීතිමය ක්රියාවලීන් අවසන් කර ගැනීම සඳහා මගේ රජය අනෝජන් සහ ඔහුගේ පවුලේ අයට අවශ්ය සියලු සහයෝගය ලබා දෙනු ඇත. ජීවනෝපාය සොයමින් අපගේ මවුබිමෙන් පිටවන කිසිදු ශ්රී ලාංකිකයකුට තමන් තනිව සිටින බව කිසි විටෙකත් හැඟිය යුතු නැත යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd