ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරනු ලබන සුවිශේෂි වැඩපිළිවෙළ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍යය පිළිබද විශිෂ්ටතා සම්මානය හිමිවිය.
එම සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා ආචාර්ය පූනම් කෙහෙත්රාපල් සිං විසින් එම සම්මානය සඳුදා (05) පස්වරුවේ ජනාධිපති වෙත පිළිගැන්වූවාය.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ සංක්‍රමණිකයන්ගේ නීරෝගී සෞඛ්‍යය තහවුරු කිරීම ඇතුඑ මධ්‍යසාර දුම්කොළ හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සදහා ගෙන ඇති පියවර තුළින් ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම තහවුරු කිරීමට ගෙන ඇති සාධනීය තත්වයන් මෙම සම්මානය පිදීම සදහා නිමිති කොටගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර නායකයන් මෙන් ඔබතුමාත් නළුවෙක් වුවා නම් අපිට තවත් හොඳ රංගනයක් බලන්න තිබුණා. (බ)
අපේ දේශපාලකයෝ කාටවත් ඩෙංගු මර්දනය කරගන්න බැරි වුනාද ? සෞඛ්‍ය ඇමතිලා කීදෙනෙක් හිටියද ? කෝටි ගණනක් මහජන මුදලින් කියුබාවෙන් මොකක්ද එකකුත් ගෙනාවනේ. එ්කේ ප්‍රතිපලයක්වත් නැහැනේ (බ)
ඔබට සුබ පැතුම්.... පෙර නායකයන් මෙන් ඔබතුමාත් නළුවෙක් වුවා නම් අද රුපවාහිනී, අයිටීඑන් වල පුරාජේරුව බලලම එපා වෙනවා.... (බ)
ඔබතුමා බාරගත්ත වගකීම කරගෙන යන්න අපි ගත්ත තිරණය නිවැරදි බව අපිට විශ්වාසයි අපි නිවැරදි බව මහින්ද මැතිතුමා ම පිළිගත්ත බව හැමෝටම අමතක වෙන්න විදිහක් නැ (බ)
සම්මාන නම් ලැබෙනවා.රටේ මිනිස්සු මැරෙනවා ලෙඩවලින් (බ)
ලෝකයේ පිරිසිදුම රට ලංකාවනේ. එ්ක නිසා වන්න ඇති සම්මාන දෙන්න ඇත්තේ (බ)
මතට තිත තැබුවේ මහින්ද දුම්කොළ බදු අඩුකළ රජයට සම්මාන මට හිනා එ්ත් බදු අඩුකළ බව ජනදීපති නොදනී (බ)
තව ඒවා හම්බුවෙයි ඉස්සරහට (බ)
දුම්කොල බද්ද යට ගෑහු භූතයා කණින් දොට්ට දාලා සිගරට් බදු වැඩි කිරීම වහා සිදු කරන්න ජනාධිපතිතුමනි. සිල්ලරට සිගරට් විකීණීම තහනම් කරන්න. මෙන්න සිගරට් භාවිතය තරුණ පිරිස අතර අඩු කරන්න පිලියම් (බ)
මන්ජලී ඔච්චර මෝඩද රැවටෙන්න (බ)