ෆේස්බුක් ඔස්සේ ජනපතිට,අගමැතිට හා විපක්ෂ නායකට මරණ තර්ජන එල්ල කරමින් හඬ පටියක් ප්‍රචාරය කළැයි කියන රත්ගම දිනූෂ් චාමර (26) නම් තරුණයකු දෙසැම්බර් 15 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(8) නියෝග කළේය.
ෆේස්බුක් ඔස්සේ ජනපතිට,අගමැතිට හා විපක්ෂ නායකට මරණ තර්ජන එල්ල කරමින් හඬ පටියක් ප්‍රචාරය කළැයි කියන රත්ගම දිනූෂ් චාමර (26) නම් තරුණයකු දෙසැම්බර් 15 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(8) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වෙන විනාශයට හඬ පටියකින් විතරක් තර්ජනය කළ එක ගැන සතුටු වෙන්න ඕනෑ, එක අතකින් බලනකොට. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මැරයන් තාමත් ක්‍රියාත්මකයි. පාලකයන් ප්‍රවේශම් වියයුතුයි. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ පව්! එයාලා කොච්චර අහිංසකද? (නි)
ටිකක් රවලා බැලුවහමත් බයවෙන පොඩි කොල්ලෝ දැන් ෆේස්බුක් එකේ චණ්ඩි වෙලා (නි)
මෝඩ කමට බෙහෙත් නැත.......හිතාගෙන ඇත්තේ මහා වීරකමක් ලෙසටය.........(හේ)
අනුන්ගේ වැඩ කරන්න ගිහින් අහිංසකයෙක් හිරේ.(හේ)
දැන ෆේස් බුක් චන්ඩි , මැරයන් කප්පම් කරුවන් බෝ වෙලා වාගේ , මේ අය දන්නේ නැතුව ඇති ෆේස් බුක් එකෙන් කරන ඒවා අසුවන්නේ නැහැ කියා (හේ)
මේ අයත් ඉල්ලගෙන කන්නේ.(හේ)
ජනපති මරන්න ආ කොටියාට සමාව ලැබුනා. ජනපති වෙබ් අඩවියට රිංගු ළමයාට තෑගිබෝග ලැබුනා. බලමු මෙයාට මොනවද ලැබෙන්නේ කියා. (නි)
"විනෝද සමයේ කොටසක්" වගෙයි මට නම්. මෙතුමන්ලාට කොහෙන්ද මරණ තර්ජන? (නි)
තර්ජන තියෙන්නේ ත්රස්තවාදීන්ට, ත්රස්තවිරෝධීන්ට නොවේද? අපි නම් හිතන්නේ එහෙමයි (නි)
පවු. පොඩි එකාට ඡන්ද බලය ලැබිලත් මහා කාලයක් නැහැ. ඒ වුණාට ජනපති අගමැති මරන්න කතාව. (නි)
තර්ජන තිබිය යුත්තේ කිසියම් රටක ත්‍රස්තවිරෝධී පිරිසකට පමණක් නොවේද? (නි)
කලින් කෙනා වගේ ටිකක් කල් ඉඳලා නිදහස් කරන්න. (නි)
අර ජනාධිපතිගේ වෙබ් එක හැක් කළ තරුණයට වගේ මෙයාටත් විශේෂ වරප්‍රසාද ලැබේවිද? (නි)
ජාති, ආගම්, පක්ෂ බේදයක් නැහැ. විවිධ උන්මන්තකයින් ෆේස්බුක් හරහා අසැබි වදන් කියමින් තර්ජනය කරමින් ගේම් ඉල්ලනවා. එක අයෙකුව පමණක් නොවේ, මේ සියලු දෙනාවම අත්අඩංගුවට අරගෙන, හිරගතකර දීර්ඝ කාලයක් පුනරුත්ථාපනය කරන්න. (නි)
දැන් එෆ්බී එකේ කරන අපහාස සොයන්න වෙනම අමාත්‍යංශයක් දාන්න වෙයි (නි)
ෆේස්බුක් එකෙන් ලොක්කන්ට තර්ජනය කළා කිව්වට, හැමෝම දන්නවා ඔවුන්ගේ මවිල් ගහකටවත් මොකුත් කරන්න බැරි බව. ඒ වුණත් වහාම අත්අඩංගුවට ගන්නවා. ඒත්, ජාතිවාදී තර්ජන සාමකාමී සමාජයට මොනතරම් බලපෑමක් කළත් කිසි ප්‍රශ්නයක් නැහැ. ලොක්කන්ට එහෙමයි. රටේ ජනතාවට මෙහෙමයි. (නි)
දිනුෂ් චාමරටත් ශිෂ්‍යත්වයක් දුන්නොත් නරකද?නිකන්ම නම් නොවෙයි, ජනපති මැදුරට ගෙන්නවාගෙනම දෙමු. (නි)
හඬ පටියක් නිකුත් කිරීමෙන් ගම්‍ය වන්නේ මරණ චේතනාවයි. මුහුණු පොතට එක්කිරීමෙන් ගම්‍ය වන්නේ ඒ සඳහා ජනතාව පෙළඹවීමයි. මේ සඳහා නීති ඇති. ඒ කෙසේවෙතත් අපේ ජනාධිපතිතුමාටත් අග්රාමාත්යතුමාටත් කරපු අපහාසයක් සහ අභියෝගයක්. නීතියක් සම්මත කරලා හරි මේ පුද්ගලයාට දැඩි දඬුවම් පැනවීම අත්‍යවශ්‍යයි. මොහුගේ මේ ක්‍රියාවට අපගේ බලවත් විරොධය ප්රකාශකරමු. (නි)
මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවේද? (නි)
මේ දෙන්නව ඇයි මේ බය කරන්නේ? (නි)
කිරි දරුවෙක්ගේ වැඩක් වගේනේ. එක් කෙනෙකුට සමාව දුන්නානේ. අනෙකාටත් දෙන්න. පුනරුත්ථාපනය කරන්න. මට හැඟෙන හැටියට නම් සමස්ථ ජාතියම පුනරුත්ථාපනය කරන්න වෙලා (නි)
ප්‍රසිද්ධ වෙන්න මෙහෙම කරනවද මන්දා? ගෙදර වැඩක් බලාගෙන ඉන්නේ නැතුව, අනේ මන්දා! (නි)
මේ අය කොහොමත් තව නොබෝ දිනකින් ඉතිහාසගතවෙනු නොඅනුමානයි !!! (නි)
අපේ මිනිස්සු හොඳදේට වඩා ප්‍රයෝජනයක් නැතිදේට තමයි කැමති (නි)
ඔය බොරු බයකෙරිලි විතරක් නොවේ. රට යනවිදිහට තව මොන මොන විනාශකාරී සැළසුම් තියෙනවාද දන්නේ නැහැ. අසීමිත බලය නැතිවුණ අය ඒවා ලෙහෙසියෙන් අතහරින්නේ නැහැ. ප්‍රවේශම කෝකටත් හොඳයි. (නි)
හොඳම දේ මේවා නොසළකා හැරීම. මෙහෙම කරන්න ගියොත් කෙළවරක් නැතිවෙයි. ආණ්ඩුව හෑල්ලු වෙනවා. (නි)
මෙයා දේශපාලකයෙකුගේ බලය අරන් වෙන්න ඇති. (නි)
දැන් නම් බොරු කළා හොඳටම ඇති. මරණ තර්ජනයක් බාහිර පාර්ශවයකින් එල්ල වෙන්නේ රටට විනයක් නොකර රට ආරක්ෂා කරන කෙනෙකුට (නි)