‘දුම්කොළ සමාගමට 90%ක බද්දක් පැනවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. දැන් මාස එක හමාරක් පමණ එය තැන් තැන්වල නළියනවා. මම සෞඛ්‍ය ඇමැති කාලේ සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද දෙන්න ගිහින් සිගරට් කොම්පැනිය එදා මගෙන් නිදහසට කරුණු ඇහුවා. ඒ එදා අරලියගහ මන්දිරයේදි‘ යැයි කී මෛත්‍රිපාල සිරිසේන ජනපති මහරගම තරුණ සේවා සභාවේදී කියා සිටියේ මේ බව තමා රටටම පවසන බවයි.
එය පමා කරන අයත් කවුදැයි තමා දන්නා බවද ජනපති කීවේය.
‘දුම්කොළ සමාගම්වල අභියෝග වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට මද්‍යසාර හදන නීත්‍යානුකූල අසීලාචාර ව්‍යාපාරිකයන්ට අපි මේ ආණ්ඩුව තුළත් මුහුණ දෙනවා. මේ වසරේ පැවැත්වූ ලෝක දුම්කොළ විරෝධී දිනයේ දී අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉතාම කෙටි දේශනයක් කළා. ඔහු පැවසුවා ‘ජනපතිතුමනි ඔබතුමන්ලාගේ ආණ්ඩුව ඊයේ පෙරේදා බදු සංශෝධනයක් කළා. නමුත් ඒ බදු සංශෝධනයේ දී සිගරට් සමාගම්වල බද්ද දැන හෝ නොදැන අඩු කරලා තියෙනවා.‘ කියලා. මම කිව්වා ‘මේ කියනකම් මම දන්නේ නැහැ. මම දැන් මේ රැස්වීම ඉවර කරලා යන්නේ කැබිනට් මණ්ඩලයට. මම ගිය ගමන් යෝජනා කරනවා එවැනි ප්‍රශ්නයක් වෙලා තිබෙනවා නම් වහාම සිගරට් සමාගම් වලින් අය කරන බද්ද වැඩි කළ යුතුයි‘ කියලා. අඩු කිරීම නෙවෙයි තිබෙන තත්ත්වයෙන් වැඩි කළ යුතුයි කියලා. ඒ වගේම මම එදා කැබිනට් මණ්ඩලයේ දී මේ ප්‍රශ්නය කතා කළා. මම මුදල් ඇමැතිට කිව්වා එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් කිසිසේත් තියෙන තැනින් අඩු කරන්න බැහැ තිබෙන තැනින් බදු වැඩි කිරීමයි අවශ්‍ය වෙන්නේ කියලා.‘ යැයිද ජනපති එහිදී කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේවට අපි මොනවා කියන්නද? (නි)
සුබ සහ යස වගේ නුසුදුසු පුද්ගලයන් ලොකු තැන් වලට පත් වුනාම ආයතනයත් පිරිහනවා රටත් පිරිහනවා (බ)
කිත්සිරි මෙයාල ඔක්කොම බොලේ පාස් කරන අය මහින්ද මහතාත් බොලේ පාස් කෙරුවනම් අපට ත්‍රස්තවාදය පරාජය කිරීමට බැරිය. එතුමා වගකීම ගෙන බාරගත්ත වැඩේ සාර්ථකව කර දුන්නා එයට බොහොම ස්තුතී. ලැබුන දෙය රැකගැනීම අපේ වගකීමයි. (බ)
ඡන්දෙ කාලේ ටීවී එකේ පෙන්නුව නුල් නාටවපු ඒවා හරි බව ඔප්පු වෙනවා මේ කතාවලින් (බ)
විහිළු සපයනවා. (බ)
යහපාලනේ කට්ටිය හරියට ආඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ. එක එක්කෙනා ගේ න්‍යාය පත්තර වලට වැඩ. ජනතාව දුක් විඳිනවා. අනේ අපිත් මේ කට්ටිය විශ්වාස කළානේ. බලාගෙන යන කොට මහින්ද මේගොල්ලන්ට වඩා හොඳයි (බ)
මටනම් සතුටුයි ඔබට සතුටුයිද ? දැන් (බ)
ඔහොම කියල හරියන්නේ නැහැ ජනපතිතුමනි. දැඩි තීරණ ගන්න කාලය ඇවිල්ලයි තියෙන්නේ. නැත්නම්, ඔබට කෙසේ වෙතත්, ඔය පුටුවට කරන නිගාවක්. (බ)
දැන් අර ඖෂධ පනතට මොකද වුණේ එතකොට?
මුක්කු ගහලා ආණ්ඩු හැදුවම විධායක බලතල තියෙන ජනාධිපතිතුමාටත් කට පියාගෙන , ඇස් පියාගෙන ,නොදැක්කා සේ ඉන්න වෙනවා තමාගේ ආණ්ඩුව සහ බලය රැකගැනීමට. (බ)
ඉතින් ජනපතිතුමනි, ඔබතුමා අපිට මේවා කියන්නේ, අපිද දැන් බද්ද වැඩි කරන්න ඕනෑ? වැට් බද්දත් අපිට කියලද වැඩි කළේ? (නි)
කළමනාකාරීත්වයට දක්ෂතාවක් නැති කළමනාකරුවෙක් ඕනෑම ආයතනයක ඉහළ ඉන්නවා නම්, සේවකයෝ හිතෙන හිතෙන වැඩ කරලා ආයතනය කඩා වැටෙනවා. මීට වඩා මට කියන්න දෙයක් නැහැ. (නි)
මම නම් සිගරට් ......... ඉතින් මට නම් ඕක අදාලම නැත. නියෝගයක් දුන්න නම් , නොකෙරෙනෙව නම් , කරන්න ඕන එක එතුමාම දැන ගන්න එපායේ. (බ)
අපේ ජනාධිපතිතුමා ගැන අපිට ආඩම්බරයි (නි)
සංජය, මටත් හිතුනේ ඔබගේම අදහසමයි. (නි)
තුවක්කුවත් පතුරොමුත් අතේ තියෙද්දී වෙඩි තියන්න යමෙකුට නොහැකිනම් ඊට කුමක් කියන්නද? (නි)
සමහර කැබිනට් ඇමතිලා කියන්නේ ලොකු කොම්පැනිකාරයන්ගේ සාක්කුවේ ජීවත්වෙන කට්ටියක්. එයාලා ඕවා ඉටුකරන්නේ නැහැ. හොඳම විහිලුව තමයි, මේ කිසිවක් කවුරුහරි කියනතුරුම නොදැනීම. (නි)
සියයට 90 ක බදු ගැහුවත් රූපමය අවවාද දුන්නත් දුම් බොන්නෝ එයින් මුදවාගත හැකි යි සිතනවානම් එය මෝඩ කමකි (බ)
ඕකටත් දැන් පහුගිය ආණ්ඩුවේ කෙනෙක් අල්ලාගනීද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ (නි)
ඔබතුමා විධායක ජනාධිපතිවරයායි. නමුත් 'මම කිව්වා, අරයට කිව්වා, තවම කරලා නැහැනේ' කියන්න තව වතාවක් සිද්ධවුණොත් මොකක්ද ගන්නා පියවර? (නි)
මෙතුමාගේ කතාව ඇත්ත. (නි)
ඒකනේ. පුදුම කතාවක්නේ. ජනාධිපතිතුමාවවත් ගණන් ගන්නේ නැති අයද දැන් ඉන්නේ එතකොට? (නි)
ඉස්සර විලියම් ගොපල්ලව මහතා මට මේ වෙලාවේ මතක්වුණා. යහපාලනයේ ව්‍යවස්ථාවවත් වෙනස් කළාද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
කණගාටුවෙන් වුණත් මටත් කියන්න තියෙන්නේ අරයා මෙයාට ඇඟිලි දික්කර කර ඉන්නේ නැතුව ඔය වැඩේ හරියට කරන්න කියායි. හැමදාම නිදහසට කාරණා කියලා හරියන්නේ නැහැනේ. (නි)
ඇමති මණ්ඩලය ජනාධිපතිතුමා කියන දේවල් ගණන් ගන්නේ නැති බවකුයි අපිට නම් මේ කතාවෙන් හිතෙන්නේ (නි)
මෙතුමා මේ කිසිදෙයක් දන්නෙ නැද්ද එතකොට? (නි)
ඒ කවුද කියලත් කියලා දැම්මා නම් ඉවරයිනේ (නි)
අනේ, මට දුකයි ඔබතුමා ගැන (බ)
මොකුත් දන්නෑ රටේ වෙන ඒවා. රට පාලනය කරන්නේ වෙන අය (බ)
දැන් සිගරැට් සමාගම් වලින් අය කරන බද්ද වැඩි කරලද තියෙන්නේ, අපේ ජනාධිපතිතුමා කිව්වට පස්සේ. අපේ ජනාධිපතිතුමා ගොඩක් දේවල් දන්නේ නැති පාටයිනේ. කලින් සිටි කෙනා නම් ඔක්කොම දන්නවා. නමුත් ප්‍රශ්නය වුණේ නොදන්නා ගානට සිටි එක. (නි)
අනේ මන්දා, අපි ඉතින් මොනවා කරන්නද? (නි)
මට හිතෙනවා වෙලාවකට මෙතුමාත් බෝලය පාස් කරනවා විතරයි කියලා. මාධ්‍ය මඟින් පෙනෙන දකින විදිහට නම් එතුමාට සැබෑ උවමනාවක් තියනවා කියලත් විටෙක හිතෙනවා. නමුත් මේ කියන විදිහට නම් කොහේහරි පරහක් තිබෙනවා කියලා තේරෙනවා. අපි ජය පතනවා සමාජය වෙනුවෙන්. (නි)
මට කියන්න තියෙන්නෙත් ශානිකා වගේම රටපාලනය කරන්නේ මෙයා නොවෙයි වෙනත් ඈයෝ .....අනේ අනේ රටේ ජනාධිපතිට ගිය කලක්? (බ)
ජනාධිපති ගණන් නොගන්න බව අපිනම් දන්නවා. එයා වැදගත් දේවල් දැනගන්නේ පත්තරෙන්නේ. (බ)