IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ජනපතිවරණයට තුරුම්පු ආසියා දානවා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයට  වෙලාවට පොහොට්ටුවේ  තුරුම්පු ආසියා ඉස්සරහට දාන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ලබන වසර කොහොමත් මැතිවරණ වසරක් බව කී අමාත්‍යවරයා ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයන් වැහි වැහැලා සිටින නමුත් රටේ විශාලතම ඡන්ද පදනම තියෙන පොහොට්ටුව  තවම නිශ්ෂබ්ද බව පැවසීය.

සජිත් ප්‍රේමදාස, අනුර කුමාර,සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් , ව්‍යාපාරිකයන්  ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ එන බව කී රණතුංග මහතා ජනාධිපතිවරණ, මහා මැතිවරණ, පළාත් සභා, පළාත් පාලන මැතිවරණ මොනවා තිබ්බත් ජනතා මනාපයෙන් ඉහලින්ම දිනන්නේ පොහොට්ටුව බව සඳහන් කළේය.

ගම්පහ,උඩුගම්පළ පිහිටි කාර්යාලයේදී දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඊනියා අරගලකරුවන් හා කුමන්ත්‍රණකරුවන් එකතුවී විනාශයට ගෙන  ගිය රට යථා තත්ත්වයට ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගතය තහවුරු කරමින් තිබෙන බව කී  ප්‍රසන්න රණතුංග මහතා දවස් දහයක් ඇතුලත ලෝකයේ ප්‍රබල රටවල් හතරක නායකයන් හා ප්‍රධානීන් මුණගැසීමෙන්  ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහලින්ම දිනාගෙන ඇති බව තහවුරු වන්නේ යැයි කීය.



අදහස් (15)

ජනපතිවරණයට තුරුම්පු ආසියා දානවා

Aravinda Monarawila Wednesday, 02 August 2023 11:40 AM

මොකාව දැම්මත් ඇප නැතිවෙන්න වැඩේ සිද්ධවෙයි

:       2       49

ලුම්බිණි Wednesday, 02 August 2023 11:41 AM

""..දවස් දහයක් ඇතුලත ලෝකයේ ප්‍රබල රටවල් හතරක නායකයන් හා ප්‍රධානීන් මුණගැසීමෙන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහලින්ම දිනාගෙන ඇති බව තහවුරු වන්නේ යැයි කීය..." පිස්සු නැත්නම් ශෝක්.

:       5       50

Saman Wednesday, 02 August 2023 12:29 PM

"..දවස් දහයක් ඇතුළත ලෝකයේ ප්‍රබල රටවල් හතරක නායකයන් හා ප්‍රධානින් මුණගැසීමෙන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇති බව තහවුරු වන්නේ යැයි කීය.." - ඔය ඇඳුනුම්කමට අපේ පින්පතිතුමාට එහෙ වලව්වක් බට්ලර් ජොබ් එකක්වත් ඉල්ලා ගන්න බැරිවෙයිද..?

:       4       25

Hafeel Wednesday, 02 August 2023 12:59 PM

රට විනාශයට ගෙන ගියේ අරගලයේ මහත්තුරු නිසා නොවේ, ඔයා වගේ දේශපාලන කප්පම් කාරයින්, වංචා කරුවන්, කොමිස් කාරයින්, දූෂිතයින් නිසා තමයි රට විනාශය කරා ගෙනගියේ. කප්පම් කරුවන් ආණ්ඩුව නියෝජන කරනතුරු අවංක, දේශප්‍රේමී දේශීය හෝ විදේශ ආයෝජකයින් එන්නේ නැහැ. එහෙම එනවා නම්, කප්පම් කරුවන්ට ආවේණික හොර, දූෂිත ආයෝජිකයින් තමයි එන්නේ. එහෙම දූෂිත ආයෝජිකයෝ ආවාට, කප්පම් කරුවන්ට සහ කොමිස් කාරයින්ට වාසි මිස රටට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ..

:       3       38

Bunny Preena Wednesday, 02 August 2023 01:11 PM

දේශපාලකයෝ ඉතින් හැමදාමත්ම කරන්නේ කාඩ් ගහන එකමනේ...

:       0       18

Perera Wednesday, 02 August 2023 02:09 PM

වතුර රත්වෙනකන්, හැලියේ ඉන්න කකුළුවොත් ඔහොම චූන් එකේ ඉන්නවා.

:       0       31

de silva Wednesday, 02 August 2023 02:58 PM

ඔබතුමාට ඔකට ඉදිරිපත් වෙන්න බැරිද ? පොහොට්ටුවෙ දැනට ඉන්න කුඩුකාරයො, මිනිමරුවො කප්පම් කරයො නියොජනය කරන්න සුදුසුම පුද්ගලය ඔබ බව මගෙ අදහසය, පොහොට්ටුව නියොජනය කල යුත්තෙ උසාවියෙන් දඩුවම් ලැබු ඔබවැනි පුද්ගලයෙක් මිසක් උගත් බුදිමත් චරිත හෙරත් වනි පුද්ගලයෙක් නොවෙ.

:       2       19

de silva Wednesday, 02 August 2023 04:08 PM

බඩ තඩි කකුලුවො ජරාව කකා හැලියෙ නටනට ඉන්නෙ වතුර රත්වෙවි ලඟදිම,

:       2       15

Nimal Wednesday, 02 August 2023 04:58 PM

මොන ආසියා දැම්මත් දැනටමත් ඇපත් නැහැ...

:       2       14

විජිත් Wednesday, 02 August 2023 06:03 PM

එදා ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය කරලා අහිංසකයින් 300 පමණ මරපු ඔබලා .... කැලණියේ නයි නටවපු ඔබලා.. ආයෙත් සැරයක් අඩව්වක් අල්ලන බව අපි හොඳින්ම දන්නවා. මේ පාර පන්සලකට හරි කෝවිලකට හරි පැනලා ජීවිත ගණනක් බිලිඅරගෙන... ඊට පස්සේ මහජනතාව ඉදිරියට ඇවිත් පපුවට ගහගෙන..." අපි මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිනවා... අපේ රජයක් යටතේ විශේෂ පරීක්ෂණයක් කරලා වැරැදි කරුවන්ට උපරිම දඬුවම් දෙනවා. ඒ සඳහා අපිට ඔබලාගේ වටිනා ඡන්දය ලබාදෙන්න " කියලා.. ටිකක් අඬලා.. මිනිස්සුන්ව අන්දන්න හිතාගෙන ඇති. එහෙම විනාශයක් වුනොත් අනිවාර්යයෙන්ම.. මේ ගඳගහන, කොරගහන, නාකි බඩා මහා පාරේදීම " සම්බෝල " හදන්න මිනිස්සු බලාගෙන ඉන්නවා.

:       0       0

Nimal Wednesday, 02 August 2023 07:29 PM

කලින් තුරුම්පු ආසියා නම්, බූරුවා වෙලා තමයි ගෙදර ගියේ...

:       0       0

HELAYA Wednesday, 02 August 2023 08:06 PM

ඔය බූරු කුට්ටමේ... ජෝකර් කියලා කෙනෙක් ඉන්නවා නේද?

:       0       0

එකමුතුවී රට බේරා ගනීමු Thursday, 03 August 2023 01:09 AM

ලංකාවේ දේශපාලකන් හා පාලකයන් අතිශයින්ම දුෂිත හා විශ්වාශය තබා කටයුතු කළ නොහැකි බව අද වන විට මුළුලොවම දනී. විදේශීය රෑපවාහිනී නාලිකා හා පුවත්පත් මගින් ඒ බව තහවුරැ කර ඇත. රටට නය දෙන්නේ අසරණ දුප්පතුන්ගේ අසරණභාවය ගැන අනුකම්පා කොට විනා දේශපාලනයන් ගේ ඇඳුනුම්කම්වලට නොවේ. සුනාමි කාලයේ ලංකාවට අධාර දුන්නේ අසරණ දුප්පත් මිනිසුන් කෙරෙහි ඇකිවු අනුකම්පාව නිසාය. යථාර්තය සියලුදෙනාම පක්ෂභේදයෙන් තොරව අවබෝධ වන්නේනම් රටට සුබදායකය.

:       0       0

Chathuri Thursday, 03 August 2023 04:58 AM

කන බත් පතේ වැරද්ද වෙන්න ඇති. මේ විදියෙ. ගොන් කතා කියන්නෙ. ඈගේ තරමට මොලේ තිබුනානම් වටිනාකම කියලා වැඩක් නැහැ. ඔය නඩෙන් එකෙක් නැහැනෙ. මොලය පාවිච්චි කරලා කතා කරන්න පුලුවන්. උම්බෑ ගාන්න විතර්‍යි දන්නෙ. තප්ප්පුල පුල

:       0       0

සල්ලි Thursday, 03 August 2023 08:00 AM

මිත්‍රවරුනි , මේකාගේ දිස්ත්‍රික්කයේ කඩවත බස් නැවතුම්පොළ තුල තියෙන්නේ වැසිකිලි දෙකයි. ඒකත් උඩ තට්ටුව ක. දහ ජරාව . විදේශිකයන් යන්නෙත් ඒකට . ගෑනුන්ට එකයි පිරිමින්ට එකයි. මේකා යන වාහනේ වටිනාකමෙන් වැසිකිලි 100ක් විතර හදන්න පුලුවන් . ඉතින් බලන්න මිත්‍රවරුනි මේකා උගේ පලාතේ දේවල් හොයන්නේ නැතුව පොහොට්ටුව ගැනම තප්පුලන හැටි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 5 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 91 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 41 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 184 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක්
2024 ඔක්තෝබර් මස 15 283 0

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්


දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 123 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1460 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site