IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජන්ම පුරුද්ද නෑරේ

වෙරෝනා නුවර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් තිදෙනකුගේ ලොරි හයක් ගිනි තබා ඇතැයි බැංකු කළමණාකරුවකු වන සුචින්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සුගත් අප්පුහාමි මහතාට අයත් ලොරි දෙකක් ද තුෂාර පෙරේරාට අයත් ලොරි තුනක් ද  ඒ අතර වෙයි.

තමාගේ ලොරි දෙකකටත් වෙනත් ස්ථානයක නවතා තැබූ සුගත් අප්පුහාමි මහතාට අයත් ලොරි දෙකකටත් කවුරුන් හෝ ගිනි තබා ඇති බවත් සුගත් අප්පුහාමි මහතාගේ ලොරි දෙක  සම්පුර්ණයෙන්ම දැවී විනාශ වී ඇති බවත් එයට අමතරව තම මිතුරාට අයත් එම ස්ථානයේ නවතා තැබූ අනෙක් ලොරියක් ද  වනසා ඇතැයි ප්‍රනාන්දු මහතා කියයි.

හදුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකුගේ රූප රාමු ආරක්‍ෂිත වීඩියෝ කමරාවන්ගේ සටහන්ව ඇති බවත් පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති බව ද එක් ලොරියක වටිනාකම යුරෝ 12000 (රුපියල් 2196000) සිට යුරෝ 450000 (රුපියල් 82350000 ) ක් අතර වන බව ප්‍රනාන්දු මහතා එසැණට පවසයි.

වෙරෝනා නුවර සිට මල්පෙන්සා හා වැනිස් ගුවන්තොටුපළ දක්වා ගමන් කර ඇතැයි ශ්‍රී  ලාංකික කුලී රථ රියැදුරන් අතරද ඉරිසියාව හා වෛරය නිසා ගැටලුකාරී තත්වයක් හටගෙන ඇතැයි කුලී රථ හිමිකරකු වන කුවින්ටස් තිසේරා මහතා කියයි.

මගීන් ප්‍රවාහනය සදහා අවසර ලත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු පමණක් වෙරෝනා නුවර සිටියත් තමා වැනි අවසර නොළත් තවත් විශාල පිරිසක් කියක් හෝ සොයා ගැනීම සදහා මෙම වෘත්තියට පිවිසියත් අවසර ලත් අපේ ඇතැමුන්ගේ පවා දීම නිසා එදා වේල සොයා ගැනීමටවත් නොහැකි තත්වයක් උදාව ඇතැයි කුවින්ටස් මහතා පවසයි.

‘පසුගිය සතියේ මා අපේ පිරිසක් සමග මල්පෙන්සා හයර් එකක් ගියා. පොලිසියෙන් මා ඇල්ලුවා. අපේ කෙනෙක්ම තමයි ඔත්තුව දුන්නේ කියලා පොලිසිය මට කිව්වා.තව වාහන නොම්මර රැසක් පොලිසියට දීලා. ‘

 



අදහස් (0)

ජන්ම පුරුද්ද නෑරේ

අසෝකා Tuesday, 04 March 2014 06:25 PM

නිකම් ද කියන්නේ අපායට ගියත් ලංකාවේ කට්ටිය ඉන්න පැත්තට ආරක්ෂකයෝ නැහැ කියල. මොකද අනිත් රටවල එක එක පැනල යන්න උදව් කලත් ලංකාවේ එකෙක් පැනල යනවා දැක්කම සේරමලා කකුලෙන් අදිනවලු.(දිල්)

:       0       0

මංජුල Tuesday, 04 March 2014 08:03 PM

ඉතාලි නෙවෙයි කොහේ ගියත් නීතිගරුකව ජීවත් වෙන එකනෙ හොඳ. දැන් මෙයා ඔත්තුව දුන්න අයට බනින්නෙ මෙයා නීති විරෝධීව වැඩ කරලා. කරන්න ඕන අනිත් අය වගේ මෙයත් ඒ රස්සාවට අවසරයක් ගන්න එකනෙ. අනිත් අයට පුළුවන්නම් මෙයාට ඇයි බැරි උත්සාහ කරන්න? හැම දෙයක්ම ශෝට් කට් වලින් කරන්නෙ නැතුව උත්සාහයෙන් හරි විදියට කරන්න බැලුව නම් හරි.(නදී)

:       0       0

ලක්සිත ප්‍රංශය Wednesday, 05 March 2014 01:11 AM

නීතියට වැඩ කරන්න.(නදී)

:       0       0

කුමාර Wednesday, 05 March 2014 01:46 AM

ඔය ලොරි අයිති අය හොද විදිහට ජිවත් වෙච්චි අයද. ඕකට තමා කියන්නේ දිට්ට ධම්ම වේදිය කර්මය පල දෙනවා කියන්නේ. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 05 March 2014 11:08 AM

කෙනෙක් දියුණු වෙනවට,අනෙකා ඉරිසියා කරනවා. ඉතාලියේ ඉන්න දෙමල හා මුස්ලිම් අය අතරේ ඔය වගේ ප්‍රශ්න කවදාවත් නැහැ. (නදී)

:       0       0

ජයතිලක Wednesday, 05 March 2014 11:20 AM

කුවින්ටස් මහත්තයත් මගී ප්‍රවාහනය සදහා මුදලක් ගෙවලා අවසර පතක් ගත්ත නම් ඉවරයි නේ. සමහරු සල්ලි දීලා අවසර පත් අරගෙන හයර් යන එකත්, අනිත් අය අවසර පත් නැතුව හයර් යන එකත් සාධාරණ නැහැ නේද ? නීති ගරුක වෙන්න. (නදී)

:       0       0

ප්‍රේමනාත් Wednesday, 05 March 2014 12:47 PM

ගාමිණි ඒ කියන්නේ ලොරි ගිනි තියන තැන ඔයත් හිටියද? (නදී)

:       0       0

තාරුකා Tuesday, 04 March 2014 01:36 PM

අපේ මිනිස්සු කොහෙ ගියත් අනිකව කපලා තමා ඉස්සරහට එන්න බලන්නේ දෙවෙනියට තියෙන පුවත ගැන කියන කොට නම් ඉතින්, කට්ටියක් මුදල් ගෙවලා ඒ සදහා බලපත්‍රයක් අරන් තියන කොට​, අනික් අය හොරෙන් යන එකේ සදාරණත්වය තමා ප්‍රශ්නේ....(දිල්)

:       0       0

මහින්ද මිලානෝ Tuesday, 04 March 2014 02:19 PM

හරිම කනගාටුයි. ඇත්තටම මොකක්ද මේ ඉරිසියාව.(නදී)

:       0       0

ධම්ම Tuesday, 04 March 2014 02:44 PM

එහෙ ගිහිල්ලාවත් රටේ නීතියට අවනතව ජීවත් වෙන්න මිනිසුනේ.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 04 March 2014 03:37 PM

මේ වාර්තාවන් වලට ඇතුල් වන්නේ සියට 95% බොරු. අපි දන්නවා මේවල අග මුල.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 924 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1845 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2310 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5700 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1710 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6279 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18168 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site