ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ ගොදුරු බවට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු යැයි ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ උතුරේ දේශපාලනඥයෝ පිරිසක් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සංවාදයට උතුරේ දේශපාලනඥයන් වන සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, ආනන්දි ශෂීදරන් , එම්.කේ සිවාජීලින්ගම්, උතුරු පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු වන ගජේන් පොන්නම්බලම් එක් වූ අතර වගවීම සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි යැයි ඔවුහූ පැවැසූහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විවිධ රටවල මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡාවට ලක්විය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ නව ආණ්ඩුව මානව හිමිකම් සුරැකීමට හා යහපාලනය වෙනුවෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ජපානය, වියට්නාමය, මැසිඩෝනියාව, බෙල්ජියම, නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයෝ ප‍්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී විදෙස් රටවල නිත්‍ය නියෝජිතයෝද , ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝද අදහස් දැක්වූහ.
යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුවීදැයි සෙවීමේ දේශීය යාන්ත‍්‍රණයට සහාය දැක්වෙන යෝජනාව පිළිබඳ විවාදය අද (30) එම කවුන්සිලයේදී සිදු කිරීමට නියමිතව තිබුණද සිදුවූයේ නියෝජිතයන්ගේ අදහස් දැක්වීමක් පමණි. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ද සිදු කිරීමට නියමිතව තිබූ නමුත් එය ද සිදු නොවිණි. සැසිවාරයේ කටයුතු බ්‍රහස්පතින්දාට (1) කල් තැබිණි.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ජිනීවා මානව හිමිකම් සැසියට උතුරෙනුත් යති
යාපා Thursday, 01 October 2015 06:37 AM
කවුරු මොනවා කිවුවත් ත්‍රස්තවාදය නැතිකළ අපේ රට ගැන මට තියෙන්නේ පුදුමාකාර ආඩම්බරයක් (නි)
මහින්ද Thursday, 01 October 2015 07:10 AM
කවුරු ගියත් කමක් නැහැ සාධාරණ තීන්දුවක් ලැබෙනවා නම් (නි)
දුමින්ද Thursday, 01 October 2015 08:20 AM
ඇවිලෙන ගින්නට පිදුරු දාන්න නම් එපා (නි)
වසන්ජය Wednesday, 30 September 2015 08:45 PM
එල්ටීටියෙන් බැටකෑ අරන්තලාවේ භික්ෂු ඝාතන වැනි සිංහලයට සිදුවුණ මානව හිමිකම් උල්ලංඝනය ගැන කතා කරන්න කෙනෙක් නැද්දෝ? (නි)
දම්මික Wednesday, 30 September 2015 09:33 PM
මේවා ගොඩක් හොඳ වැඩ. එහෙත් මේ රජයට තිබෙන ලොකුම අභියෝගය 100% ක් මන්දපෝෂණය දුරලීමේ සටන ලෙසයි මම නම් දකින්නේ (නි)
ශක්ති Thursday, 01 October 2015 12:24 AM
ඇයි දකුණෙන් ගිහින් කොටින්ගෙන් අපිට වුණ හානි ගැනත් කියන්න.දකුණේ සිටින අපේ සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාව කොපමණ විනාශ වුණාද? (නි)
නෞෂි Thursday, 01 October 2015 02:19 AM
සැමට සාධාරණය ඉටුවේවා! (නි)