ශ්‍රි ලංකාවට එරෙහිව ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ජිනිවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවට ගෙනෙන යොජනාවට එරෙහිව ඉතාලි පාර්ලිමේන්තුව ඉදිරිපිටදි මාර්තු 13වැනිදා සවස 3සිට 5.30 දක්වා උද්ඝෝෂණයක් පැවැත්විමට නියමිත බව රෝමයේ ශ්‍රි ලාංකිකයෝ පවසති.
වියා කොලොන්නා මොන්තේ චිතොරියෝහිදි මෙම උද්ඝොෂණය පැවැත්වෙන බව ඔවුහු කියති.
මාර්තු 24 වැනිදා උදෑසන ජිනිවා නුවර එක්සත් ජාතින්ගේ මානව් හිමිකම් මුලස්ථානය ඉදිරිපිටදි ද යුරෝපයේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ගේ මෙවැනිම උද්ඝෝෂණයක් පැවැත්විමට නියමිතය.
ඒ සදහා ඉතාලියේ නොයෙක් නගර නියෝජනය කරමින් ශ්‍රි ලාංකිකයින් රැගත් බස් රථ 40 කට ආසන්න ප්‍රමාණයක් ජිනිවා නුවර බලා යෑමට නියමිත යැයි සංවිධායකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා උසස් වැඩක්. ශ්‍රී ලාංකිකයින් ගැන ආඩම්බරයි.(නදී)
මමත් අවුරුදු 15 ක් ඉතාලියේ රැකියාව කල. ඉතාලි ජාතිකයෙක් වගේ සියලුම අයිතිවාසිකම් බුක්ති වින්දා. ඔය රගපාන්න යන අය දැනගන්න ඉතාලිය මුලික මිනිස් අයිතිවාසිකම්වලට ගරු කරන රටක් කියන එක. තමන් බුක්ති විදින නිදහස ගැන කියල දෙන්න අපේ නායකයන්ට.(නදී)
අපි උද්ඝෝෂණ කලාට ඕක අකුලාගනීවිද? (නදී)
ලාංකික අපේ පුර්ණ සහාය (දී)
බේබද්දෝ ටික නම් කොහොම හරි බස් එකට රිංගා ගනියි. (නදී)
අනේ කොහොම හරි අර තානාපති තුමියගේ පින්තූරයක් දාන්න. රස්සාව ගත්තා වගේ රැකගන්නත් එපායැ.(නදී)
මේකට මමත් ගීයා එක් වතාවක්. මොකද වෙන්නේ කියලා බලන්න. මේ ප්‍රතිචාර දාන සමහරු හිතන්නේ මේ යන්නේ රටට ආදරේ අය කියලා. බොරු බොරු .....තානාපති යුරෝ 50000 වෙන්කරනවා. කාගේ සල්ලිද ජනතාවගේ සල්ලි. අරක්කු විස්කි ඕනා.(නදී)
එක අතකින් "මානව අයිතිවාසිකම්" කියල ප්‍රශ්නයක් ලංකාවට තිබුන එකත් හොඳයි. හිඟන්නාගේ තුවාලේ වගේ ඕක පෙන්න පෙන්න කරන්න පුළුවන් වැඩ එමටයි. පාලකයින්ට ඕක ඉස්සරහට දාල ඡන්ද දිනා ගන්න පුළුවන්. ඇමති වරු ඇතුළු ඇම්බැට්ටයන් පිරිසකට වසරක ට වරක් රට සවාරි ගොස් හොඳ ට විනෝදවී එන්න පුළුවන්. මේ ඌන ක්‍රියාවලියට සක්‍රීයව දායක වෙන්න කියා රජයෙන් ගෙවන බස් ගාස්තු හා කෑම පැකට් එක වෙනුවෙන් ස්විට්සර්ලන්තය වැනි රටකට විනෝද ගමනක් සෑම වසරකම යන්න ලැබීමත් එකී නොකී හැම ප්‍රතිලාභයක්ම ලැබෙන්නේ "මේ තුවාලේ" ඔය විධියටම තියෙන නිසා. සැබෑ දේශප්‍රේමියෙකුට එකතු විය හැකි වැඩ පිළිවෙලක් සමස්ත ක්‍රියා දාමය තුලම නොමැතිවීම මෙහි ඇති ලොකුම ඛේදවාචාකයයි.(නදී)
සනා,පේදුරු ඔබලා ඉපදුණේ පිටරටද පාඩුවේ ඉන්න (අ)
පේදුරු මම ඔබව අගයමි .(අ)
අපිටත් කියන්න අපිත් සුදානම් ඔවැනි දේවල් වලට එන්න.(නදී)
ඉතාම හොද කර්තව්‍යක්.ජයවේවා! (නදී)
ආඩම්බරයි! (නදී)
අපි නොදන්නා කට්ටියනේ. බස් 40ක් යන්නේ නැහැ. ඕනනම් 10ක් යයි. යන අයගෙන් සියට 95 ම බොනපාට්ලා. බස් එක පුරෝලා විස්කි. ගිය සැරේ ඔය කට්ටියට වැසිකිලි ප්‍රශ්නය ඇවිල්ල පොදු පිට්ටනියකලු ඒ වැඩේ කලේ. මොනා කලත් කමක් නැහැ රටේ නම නම් කැත කරන්න එපා.(නදී)
ඕක බොරුවක්. ලංකාවේ මිනිස්සු දැන් ඕවට යන්නේ නෑ. ඕනනම් බලන්ඩ බස් 4 ක් යයි. මිනිස්සුන්ට එපා වෙලා ඕවා.(නදී)
මාර්තු 24 උදේ 6,30 මිලානෝ කස්ටෙල්ලෝ එක ලග වතුර මල ලගට එන්න..(අ)
ඔන්න සිංහලයන්ගේ වැඩ.(නදී)
මදි මදි ලංකාවෙන ම් එක මන්ත්‍රී කෙනෙක් බස් 100ක සෙනග ගේන්න ඕනා. හැබැයි ලංගමේ බස් තියන හින්දා හොඳයි.(නදී)
ජය වේවා! මව්බිම ගැන සැබෑ හැඟීමක් ඇති ඔබ සැමට උපහාර වෙවා! (වැඩකට නැති දේ වලට නන් දෙඩවන ආචාර්ය මහාචාර්ය වරු මේ වගෙ දෙයකට දිරි වදනක් වත් නොලිවීම කණගාටුවට කරුණක්.(නදී)
ජය වේවා, මේ රටේ නොහිටියත් උපන් රටට ආදරේ මිනිස්සු, හරිම ආඩම්බරයි...මේ රටේ ඉඳගෙනත් රට කාබාසිනියා කරන අයට හොඳ ආදර්ශයක්...(අ)
ගියපාර ජිනීවා යන්න නොමිලේ ලැබුණු බස් රථ වලින් ටිකට් කැඩුවා. ඒ ගැන කිසිම පරීක්ෂණයක් සිදුවුනේ නැහැ. මේ මුදල් වලට සිදු වුනේ කුමක්ද? (නදී)
හරිම සතුටුයි.(නදී)
මේකට හරිනම් අපි සහභාගී වෙලා වැඩක් නෑ. අර අපේ රටේ එකසිය ගානක් ඉන්න චන්ඩි ,මිනීමරුවෝ ,කුඩුකාරයෝ ,ගැනු දුෂකයෝ ,ආගම් වාදියෝ ටික එව්වා නම් ඔක්කොම හරි.(නදී)
ලක් මවගේ නම රැදූ දූ පුතුන්ට අපගේ ප්‍රණාමය. (නදී)
හරි ස්තුතියි අපි අපේමයි ශ්‍රී ලංකා.(නදී)
මාත් යනවා බෙල්ල ගියත් අතා අරින්නෙ නැහැ. රට වෙනුවෙන් ඕන දෙයක්.(නදී)
ඉතාලියේ ඉන්න දේශ හිතෛෂී සහෝදර සහෝදරියනි ඔබසැමට අපගේ උණුසුම් සුබපැතුම්! ජිනීවා හි තිබෙන උද්ගොෂණයට අපිත් එනවා! (නදී)
මමත් ඕකට එක පාරක් ගියා. ලංකාවේ එම්බසියෙන් බස් වලට සල්ලි ගෙවන, ලංකාවේ මිනිස්සුන්ගේ මුදල් කන, බත් පැකට් එකක් දෙන, අන්තිමට බොන පාටි දාන තැනක්.(නදී)
මේ විරෝදයට එක් වුන යුරෝපයේ ඉන්න සියළුම ශ්‍රී ලාංකිකයන්ට මගේ උපහාරය.(නදී)
දැන් රටේ සිද්ද වෙන අපරාද හැටියට බස් රථ 40 ක් වුනාට මොලේ තිබෙන සෙනගනම් හොයා ගන්න ලැබෙන්නේ නැහැ මේ කපේදි.(නදී)
විදේශ ගතව සිටිමින් අප රටට විදේශ විනිමය ලබාදෙන අතරතුර රට වෙනුවෙන් මෙම සත් කාර්යයට සහබාගිවන ඔබ සෑමට රටට අදරෑති සෑමගේ උත්තමාචාරය. ඔබ සෑමට දලදා සමිදු පිහිට ලෑබේවා.(නධී)