IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ජිප් රියේ කුණු හරුප ඇන්ද සී.අයි රාජකාරිය මඟ හරි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ජා-ඇළ පොලිස් ස්ථානයේ ගරාජය තුළ නතර කර තිබූ පොලිස් ජිප් ජීප් රථයක අසභ්‍ය වචන ලියන ලදැයි කියන එම පොලිස් ස්ථානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ වන විට රාජකාරියට වාර්තා නොකර සැඟව සිටින බවද පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස් ජිප් රථයේ අසභ්‍ය වචනලිවීමෙන් පසු ජා ඇල පොලීසියේ නිලධාරීන් ගණනාවකගේ ඇඟිලි සලකුණු සහ ජිප් රථයේ තිබූ ඇඟිලි සළකුණු ද මතුකරගෙන ඒවා ඡායාරූප ගත කර ගෙන තිබිණි.

පොලිස් ජිප් රථයේ සටහන්ව තිබියදී මතුකරගත් ඇඟිලි සලකුණු හා පොලිස් නිලධාරීන්ගෙන් ලබා ගත් ඇඟිලි සලකුණු එකිනෙක සසඳා බලා ඇතැයි පොලිසිය කියයි.

ඇඟිලි සලකුණු සසදා බැලීමේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ඇඟිලි සලකුණු හා ජිප් රථයෙන් මතුකරගත් ඇඟිලි සලකුණු එකිනෙකට සමාන වී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම ඇඟිලි සලකුණු වාර්තාව මීට දින කිහිපයකට හේතු දී උසස් පොලිස් නිලධාරීන් වෙත එවා ඇත.

ඇඟිලි සලකුණු වාර්තාව ලැබීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යැයි පැවසෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

කිසියම් උල් ආයුධයක් උපයෝගී කරගෙන පොලිස් ජිප් රථයේ අසභ්‍ය වචන ලියා ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (5)

ජිප් රියේ කුණු හරුප ඇන්ද සී.අයි රාජකාරිය මඟ හරි

දොලේමහත්තෙයා Tuesday, 04 April 2023 09:44 AM

ලිපිය කියව්වාම කුණුහරුප ලියපු කෙනා මානසික රෝගයකින් පෙලෙනවා කියලා පැහැදිලියි ඉතින් මිනිහා අත් අඩංගුවට ගැනීමට කිසිම අවශ්‍යතාවක් නැහැ නිදහසට කරුණු විමසීමක් කරන්න තමයි ඕන කරන්නෙ නිදහසට කරුණු විමසා ගෙදරට ලිපියක් යැවීම ප්‍රමාණවත් වෙනවා ඒකට නිවැරදියි කියනවානම් විධිමත් විනය පරීක්ෂණයක් කරන්න පුළුවන් නැත්නම් ඔහු වයිද්‍ය මණ්ඩලය කට යොමුකිරීම කරන්න ඕන එහි තීරණය අනුව කටයුතු කිරීම තමයි නිවැරදි වෙන්නෙ රජයේ සේවයේ පාලනය සම්බන්ධ නීති ආයතන සංග්‍රහයේ තියෙනවා නැහැ කියන නිළධාරියෙක් ඉන්නවා නම් තමන්ගෙ පත්වීම් ලිපිය බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි ඒවා අනුව කටයුතු කිරීම මිස හැම දේකටම අපරාධකරුවකු ලෙසට අත් අඩංගුවට ගන්න වගේ අත් අඩංගුවට ගන්න අවශ්‍යතාවක් නැහැ

:       2       62

Nandana Tuesday, 04 April 2023 03:09 PM

මෙවැවනි සුලු සිද්ධීන් පොලිසිය තුලම විසදන්න . මේව මධ්‍යයට දාපු උන්ට දඩුවම් දෙන්න.

:       5       25

රන්මුතුTuesday, 04 April 2023 04:58 PM

මේ කතාව සහතික ඇත්ත මොකද රජයේ සේවයේ ඉන්නේ පොලිසිය පමණක් නොවෙයි, අනෙකුත් නිලධාරින් හා සේවකයින් අතර ඔයිටත් වඩා වැඩ සිද්ධවෙනවා. නමුත් ඒවා මාධ්‍යයට යන්නේම නැහැ, පොලිසියට යන්නෙත් නැහැ... ඉතින් පොලිසිය හිතනවා ඇති අනෙක් ආයතනවල කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා.. රජයේ අනෙක් ආයතන ඔවුන්ගේ විමර්ශන නිලධාරින් හා පරීක්ෂණ නිලධාරින් ලවා පරීක්ෂා කර ඒවා විසින්ම ප්‍රශ්න විසඳා තීන්දු දෙනවා. සේවයෙන් පහකිරීම කරනවා... සේවයෙන් පහත හෙළනවා එයින් චූදිතයා සෑහීමකට පත්නොවේ නම් ඒ සඳහා අභියාචනා කරන්න ආයතන තියෙනවා...

:       0       0

Bimbila Wednesday, 05 April 2023 12:28 PM

ලියපු කුනුහරුප කියවන්නේ නැතිව මොකුත් කියන්න අමාරුයි.

:       0       0

කොස්තාපල් පුන්‍යසේන Wednesday, 05 April 2023 01:42 PM

නොදන්වා සේවයට නොපැමිණීම සේවය අත් හැරයාමක් වෙනවා ඉතින් ලිපියක් යවල සේවය අත් හිටුවීම කරන්න තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 189 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 369 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 185 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 242 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 124 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


සීගිරියේ වන විනාශය
2025 අප්‍රේල් මස 20 430 0

සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 271 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site