IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජපන් ජෝඩුව ගසා කෑ ත්‍රීරෝද රියදුරාට වරදී

බොරු සංචාරක මගපෙන්වන්නකු ද සමග එක් වී ජපාන ජෝඩුවකගෙන් රුපියල් 34000ක් හා 6000ක් අසාධාරණ ලෙස අය කළැයි වරද පිළිගත් ත්‍රීරෝද රියදුරු කේ ජී වීරසිංහට රුපියල් 1500ක දඩයක් නියම කළ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හය මසක සිර දඬුවමක් නියම කර එය පස් වසරකට අත්හිටැවීය.

කොළඹ කොම්පඤ්ඤවීදියේ සිට කොම්පඤ්ඤ වීදියේම හුණුපිටිය ගංගාරාමයටත්, හින්දු කෝවිලටත් ගෙන ගොස් ඔවුන් මේ මුදල් ගසා කා ඇතැයි සංචාරක පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.

ත්‍රීරෝද රියදුරු වරද පිළිගනිමින් පවසා ඇත්තේ මුදල් සොයා ගැනීම සඳහා මේ ක්‍රියාව කළ බවයි.

 



අදහස් (0)

ජපන් ජෝඩුව ගසා කෑ ත්‍රීරෝද රියදුරාට වරදී

සත්‍යපාලන් Thursday, 16 January 2014 09:51 PM

දැක්ක නේද ඔය කොරලා තියෙන්නේ ලොකු වැඩ (අ)

:       0       0

ගාමිණී - සිරි Thursday, 16 January 2014 10:47 PM

ලෝකයේ වෙනත් රටවල් හා සංසන්දනය කරන විට ඉතාමත් ගුණ ගරුක, ආචාරශීලී , ජපන් ජාතිකයින් මෙතෙක් නොයෙක් වර විවිධ , අවස්ථාවන් වලදී අපේ රට වෙනුවෙන් කැපවීමකින් උදව් කළ අය එහෙම අයට හෝ ,මොනයම් විදේශිකයින්ගෙන් හෝ ගසා කෑමක් කරනවානම් අපේ රටට කරනු ලබන්න අප කීර්තියක් .(දිල්)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Friday, 17 January 2014 12:07 AM

ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හානියක් මෙවැනි සිදුවීම් . එනිසා මේ වගේ අයට නිසි දඩුවම් දාය යතුයි(දිල්)

:       0       0

ජීවන් Friday, 17 January 2014 12:37 AM

කෝ මහා ජාතියක පුරාජේරු කියන ඔස්තාර්ලා... පේනවද වැඩ. උතුම් ජාතියකට,සංස්කෘතියකට උරුම කන් කියන අයගේ වැඩ ගැන කියල වැඩක් නැහැ.(නධී)

:       0       0

ශාන් Friday, 17 January 2014 01:42 AM

ලංකාවේ ගොඩක් කුලී රථ රියදුරන් බලන්නේ මොනවා හරි කරලා ඉක්මනට සල්ලි ගොඩක් හොයන්න. ඒකට නොයෙක් නොයෙක් දේවල් කරනවා. අමුතුම දේවල් කරන්නේ කටුනායක ගුවන් තොටුපොළේ ටැක්සි. ගොඩක් මේ ටැක්සි එයාපෝර්ට් ඒකට වැඩට එන්නේ ටැංකියේ ඉන්දන නැතිව සහ හිස් පොකට් කාරයෝ. හයර් එක ලැබුනම යනගමන් ඉස්සරලම නවත්වන්නේ ඉන්දන ගන්න. යන එක්කෙනා ගෙන් තමයි සල්ලි ඉල්ලන්නේ. ඊට පස්සේ යනගමන් රට ඉඳලා එන අයගේ පැටිකිරිය ඔක්කොම අහනවා. ඒගොල්ලෝ හදනවා අර ඉන්දන ගන්න ගත්තු සල්ලි අමතක කරවන්න. ඒවගේම මහා රෑ 1-2 විතරත් මේ වැඩේ කරන නිසා පිටරටින් එන අයගේ ආරක්ෂාව ටත් මෙය බලපානවා. සමහර රියදුරන් තමන් කරන්නේ මේක එලවනවා විතරයි අයිතිකාරයා හරියට ගෙවන්නේ නැහැ කියල කොමිස් එක වැඩිපුර ගන්න නොයෙක් සෙල්ලම් දමනවා. අපේ රටේ අයට මෙහෙම නම් විදේශිකයන්ට මේ අය මොන සෙල්ලම් දමනවා ඇතිද? ලංකාදීප පුවත් පතට පුළුවන් නම් මේ ගැන හොයල ගුවන් තොටුපොල නිලදාරීන් දැනුවත් කරන්න.(නදී)

:       0       0

සත්‍යයා Friday, 17 January 2014 02:24 AM

මේ සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ හොරා ඇත්ත කිව්වත් මේ මිනිසුන්ව හොරුන් කළ අය කිසිදාක ඇත්ත කියන්නේ නැති බවයි.(නධී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 January 2014 07:17 AM

ජපනුන්ගේ නම් මොකක්ද , දවසක් මගෙන් ටවුන් හෝල් ඉඳල පිටකොටුවට එන්න රුපියල 250 ගත්තා. මෙයාල ගැනනම් කතා කරලා වැඩක් නැහැ , අතරින් පතර හොඳ මිනිසුත් නැතුවම නෙවෙයි ඔන්න.(නදී)

:       0       0

කිත්සිරි Friday, 17 January 2014 08:22 AM

1500 විතරද? හොරාට 38500ක් ලාභයි නේ... දිගටම කරගෙන යාවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහගේ Friday, 17 January 2014 08:26 AM

ලංකාවට සංචාරකයන් ගෙන්නවන්නත් එපා. අහිංසක ත්‍රි රෝද කරුවන්ට සැනසිල්ලේ ඈණුම් ඇර ඇර ඉන්න පුළුවන්නේ.(නදී)

:       0       0

කරුණාපාල Friday, 17 January 2014 08:30 AM

ත්‍රීවීල් රියදුරන්ගෙන් බොහෝ දෙනා අපේම අයගෙනුත් මේවගේ මුදල් ගසාකනවා. ඒවිතරක් නෙවෙයි විවිධ අපරාධ වලටත් සම්බන්ධයි. නැනෝ කැබ්ස් වගේ සේවාවන් තවතවත් සුලබ කරමින් ත්‍රීවීල් සෙල්ලම නැත්තටම නැතිකරන්න බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි.(නදී)

:       0       0

සුජිත් Thursday, 16 January 2014 06:08 PM

මේ මිනිස්සු රටේ නමත් කනවා... ගිහින් හින්ඟා කෑවානම් හොඳයි (අ)

:       0       0

ලන්කd Thursday, 16 January 2014 06:57 PM

එතකොට 34000 න් 6000 ට මොකද වුනේ? (නදී)

:       0       0

ජානක Thursday, 16 January 2014 07:10 PM

මේ වගේ අය මරන්න ඕනේ.(නදී)

:       0       0

පීරිස් Thursday, 16 January 2014 07:47 PM

මෙවැනි සුළු දඬුවම් දුන්නම මොවුන් තවත් වැරදි බය නැතුව කරනවා 1500 දීලා බේරෙන්න පුළුවන් කියලා දන්නා නිසා දැඩි දඬුවම් දෙන්න ඕනා රටට අවනම්බු කරනවට (අ)

:       0       0

මංගල Thursday, 16 January 2014 07:52 PM

මේ මිනිස්සුන්ට උගන්වන්න ඕනෙ මේ වගේ වැරදි වැඩ නිසා, රටට එන සංචාරකයො කලකිරෙනවා කියලා, දහපාරක් එන්න හිතාගෙන ඉන්න මිනිහා ආයෙ කවමදාවත් ආපහු එන්නෙ නැහැ වගේම, වෙච්ච සිද්දිය හැමෝටම කියනවා. තව සියදෙනෙක් රටට නැතිවෙනවා. දඩේ 40000ක් අරගෙන අඩුම ගානෙ මාසෙකට හිරේ යවන්න ඕනෙ. එතකොට තමයි අනිත් අයත් හැදෙන්නෙ. (අ)

:       0       0

නුවන් පියතිස්ස Thursday, 16 January 2014 08:07 PM

ලංකාවට ත්‍රිරෝද ගෙන්වන එක නැවැත්තුවානම් හොඳයි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 125 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 66 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 113 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 967 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1252 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 82 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14607 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site