IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

දශක ගණනකින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ දරුණුතම පරාජයක් ලෙස මෙය සැලකෙයි. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ ඔවුන්ට හිතවත් කොමෙයිටෝ නමැති කුඩා පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.
බහුතරය සඳහා පාර්ලිමේන්තුවේ ආසන 233 ක් දිනා ගැනීම කළ යුතු වූ අතර, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානය දිනා ගත්තේ ආසන 208 කි. 

විපක්ෂ දේශපාලන කණ්ඩායම් ආසන 235 ක් දිනා ගත්තේය. ඒ අතරින් ද ප්‍රධාන විපක්ෂ කණ්ඩායම ලෙස සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 143 ක් දිනා ගත් බව ද පැවැසෙයි.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ පාලක පක්ෂයේ නායකයාය. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ දශක ගණනක් තිස්සේය. 

මීට සති කීපයකට පෙර, පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර පක්ෂ නායකයා ලෙස ෂිගෙරු ඉෂිබා තෝරා ගැනීම සිදුවිය. 

තමන්ට ජන වරමක් ද අවශ්‍ය යැයි 67 හැවිරිදි ෂිගෙරු ඉෂිබා විශ්වාස කළ බැවින් කඩිනමින් මහ මැතිවරණයක් කැඳවීමට කටයුතු කළේය. ජපන් මහ මැතිවරණය පැවැත්වීම සිදුවූයේ ඒ අනුවය.



අදහස් (0)

ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 15 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 79 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 547 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 458 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 192 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 654 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site