ජපානයේ රජ කුමරියක වන ත්සුගුකෝ තකමඩෝ(27) කුමරිය සිව් දින නිළ චාරිකාවක් සඳහා දිවයිනට පැමිණියාය.
දිවයිනට පැමිණි ත්සුගුකෝ කුමරියව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ ජපානයේ ශ්රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් විසින් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබූහ.
දින හතරක් මෙරට රැදී සිටින කුමරිය ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා හමුවීමට නියමිත අතර මහනුවර පෙරහැර නැරඹීමටද, අනුරාධපුර, පොලොන්නරුව යන ප‍්‍රදේශ වල සංචාරය කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිත,රජ පවුල්වල අය දැන් ලංකාවට එන්න පටන් අරගෙන.ලංකාවට දැන් එන තරමක් එන්නේ රජ පවුල් වල අයම තමා. (නි)
සමන් මෙතන නිමිත්ත ජපන් කුමාරි නේ ඉතින් වෙන දෙයක් ලිව්වොත් යන්නේ කොහෙද මල්ලේ පොල් වෙනවා (අ)
ඒක එයාලගේ සංස්කෘතිය.ඒකට එක එක දේ කියන්න එපා.ඔය දිගට හොඳට ඇඳගෙන ඉන්න අපේ අයගේ තරම දන්නේ නැහැ වගේ. (නි)
ආයුබෝවන්! (නි)
කොච්චර සරලද? අගය කළ යුතුයි (නි)
සාදරයෙන් පිළිගන්නවා කුමරියනේ! (නි)
ගැණියෙක් දැක්කාම ඇයි හැමෝම ඇඟ දිහා නැත්නම් ඇඳුම දිහා බලන්නෙ. ලංකාවෙ බහුතරයකගෙ තාමත් ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයක් නෑ.(අ)
ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට නම් මුණගස්වන්න එපා හොදේ (නි)
ලුම්බිණි, ඕනෑම රටක විෂේෂ අමුත්තෙක් නිල සංචාරයක් සඳහා තවත් රටකට යන්නේ නම් අමුත්තාගේ රටේ සේවය කරන එම රටට අදාල තානාපති එම අමුත්තා සමග තම රටට පැමිණිය යුතුයි.එය තානාපති සේවාවේ එක් රාජකාරියකි. කරන්නාගොඩ මහතා එසේ පැමිණ ඇත්තේ එම රාජකාරිය සඳහායි. (නි)
මේ කුමරියව පිළිගන්න තිබ්බේ අපේ හොද කුමාරයෙක්නේ... (නි)
මොකද මේ සමහරුන්ට ලැජ්ජා හිතිලා තියෙන්නේ. ඇයි හිත ඇවිස්සිලාද? (නි)
ඇයි මත්තලට ගෙන්වන්න තිබුණනේ. (නි)
රජ පවුල්වල අය දැන් ලංකාවට එන්න පටන් අරගෙන. ඒක හොද සලකුණක්. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් පස්සෙ තව තවත් ලොකු ලොක්කො එන්න පුළුවන්. (අ)
මමත් යනවා කුවේට් වලට. කවුරු හරි මාව පිළිගනීද දන්නේ නැහැ (නි)
මොකද මේ කුමරිය බැග් එකෙන් කකුල වහගෙන ? වෙල්කම් ටු ශ්‍රී ලංකා! (නි)
මේ කුමරිය ලස්සනයි... (නි)
නීල් රණා, මට පිට අයට වැඩිය අපේ අය ලොකුයි. ඔය එන කුමාරිට වඩා හෙල්ල විසිකරලා ලෝකෙන්ම 12 වෙනියා වුන නදීකා ලක්මාලි කෝටියක් වටිනවා. මම දැක්කේ නැහැ නීල් රණා නදීකට සුබපතලා තියනවා නම් අන්න. ඒකටයි පරගැති බව කුහක කම කියන්නේ (නි)
ලෝකයේ ඉන්න මොන රජ කුමාරයෙක්, කුමාරියක් ආවත් ලංකාවට ගොඩ බහින්නේ බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලෙන්නේ. (නි)
සැම ජාතියකම හොද ගතිත්, අඩුපාඩුත් තිබෙනවා. එහෙත්, ජපානයට ගිය අයත්, ජපානය පිළිබඳව හොඳින් දන්නා අයත් පිළිගන්නවා ජපානය ඉතාම ලස්සන වගේම ඉතාම පිරිසිදු රටක් කියලා.ඒ වගේම ජපන් ජාතිකයන් අතිශයින්ම විනීතයි, කරුණාවන්තයි කියන කාරණය දන්නවා.අපට සුනාමිය ආපු වෙලාවේ අපට උපකාර කරන්න මුලින්ම ආපු රටක් ජපානය.එමෙන්ම, ජපානයට මෑතකදී සුනාමිය පැමිණි අවස්ථාවේ එරට අපේ තානාපති වසන්ත කරන්නාගොඩ මැතිතුමා තවත් එහි සිටින ශ්‍රී ලංකික පිරිසක් සමග ඒ අයට කරන්න පුළුවන් ඉහලම අයුරින් උපකාර වූ බව සප්පොරෝ නගරයේ සිටින මගේ මිතුරු ජපන් ජාතිකයෙක් ම සමග කීවා. මේවායින් අපට පෙනෙන්නේ අප රටවල් දෙකේම සත්පුරුෂයින් ඉන්න බව නොවේද? (නි)
ඔව් ඔව් ලංකාසිරි (නි)
මෙයා තනියෙන්නම් ලංකාවට ආවේ සම්පුර්ණ ආරක්ෂාව දෙන්න, නරිය කුකුලට දක්වන ආදරය එහෙම නොවේ හොදේ. (අ)
පහන් මඩුගල්ල වැරදියි. (නි)
පහන් මඩුගල්ල වැරදියි................ මිය ගියෙ මැයගෙ පියාය. (ස)
මගේ අත්දැකීමේ හැටියට ලෝකේ සිටින විනීත ,සංවරම ජාතිය ජපනුන්. එසේම හරිම ස්මාර්ට්. තමන්ගේ රටට බොහෝ සෙයින් ආදරය කරනවා. (නි)
කුමරියක් පිළිගන්න කුමාරයෝ රොත්තක්. (නි)
අර බලන්නකෝ අර ඡායාරූපේ. ලැජ්ජාවේ බැහැ (නි)
දිග ඇදුමක් ඇදගෙන ආවා නම් නේද හොද? (නි)
අර පැත්තෙනුයි මේ පැත්තෙනුයි කුමරියෝනම් එනවා..ඒ උනාට අපේ රට ගැන අපි අන්තිමටම කලකිරිලයි ඉන්නේ අසරණ ජනතාව දිහා ඇස ඇරලා බලන්න කෙනෙක් නැහැ...? ලජ්ජා නැතිව අපි ඡන්දෙ දෙනවා තවත් ..අසරණ දරු පැටව් කාගෙවත් සරණක් නැතිව මහා පාරේ දමල යන්න තරමට අසරණ ජනතාවගේ දුක්ගහැටවල් වැඩී..කාටවත් පෙනෙන් නැහැ...? (නදී)
මෙයා හිරෝහොතොගේ පුතා වන අකිහිතොගේ වත් එයාගේ පුතාවන නරුහිතොගේ වත් කමරිය නෙමෙයි .ජපානේ ඔටුන්න හිමි නරු හිතොට එයාගේ වයිෆ් තමයි මසකෝ සමා ,මසකෝ සමා තමයි රජ කුමරිය හැටියට සලකන්නේ .මෙයත් රජ පවුලේ තමයි .මෙයාගේ සැමියා මට මතක විදිහට 2002 මියගියා.කවුරුහරි දන්නා කෙනෙක් මෙයාගේ නෑකම එන්නේ කොහොමද කියල ලියන්න.(නදී)
ජපානේ රජකුමරිය නරුහිතොගේ බිසව වන මසකෝ සමා. ලංකාවට ඔක්කොම එන්නේ දෙවන පෙළ කට්ටිය.(නදී) .
කොට සාය කරදරයක් නේද? (නි)
අපේ කුමාරයා කොහෙද?(නදී)
ජපන් කුමරියට වඩා මම ලස්සන බැලුවේ, වසන්ත කරන්නාගොඩ මැතිතුමාගේ.එතුමා ඉතාම වැදගත්, රටටම ආදර්ශවත් හමුදා නිලධාරියෙක්.ඉස්සර රාජකාරියේ ඉද්දිත් කතාකරන්නේ වැදගත්ම දෙයක් විතරයි. ,ඒවගේම ආරෝහ පරිනාහ දේහ සම්පතින් පිරිපුන් කෙනෙක්.(නදී)
ජපානයට රජෙක් නැතේ. ඇත්තේ අධි රාජයෙකි.(නදී)
ලස්සන කුමරියක්.අපේ දේශපාලන ගොල්ලොන්ගෙන් ඈත් වෙලා හිටියොත් කුමාරිට හොදයි වගේ.දැනටමත් ඇහැ ගහගෙන ඉන්නවා ඇති.ඒවට අපේ මිනිස්සු හරිම දක්ෂයිනේ. (නි)
රජ කුමරියක් කියලා පේනවා. සාදරයෙන් පිළිගනිමු (නි)
කුමාරියක් වගේ නුඹට රුව දීලා ඇත... සිනා බිදක් මට දෙන්නට සිත දීලා නැත... (නි)
ජපානයේ ශ්රී ලංකා තානාපති මෙතන මොකද්ද කරන්නේ? (නදී)
එයා තානාපති කුමරියට විතරක් වෙන්න ඇති. ඒකනේ ඔතන ඉන්නේ.(නදී)
මෙතන මානසික රෝගීන් ඉන බව සමහර ප්‍රතිචාර වලින් පෙනෙනවා,සමහරු මිට කලින් කොට සායක් දැකලා නැහැ වගේ,විලි වැහෙන ලෙස ඇදුමක් ඇදීම ප්‍රමාණවත් ,අපි තලේබාන් හෝ අන්තවාදී රටක් නොවේ (නි)
මේ පින්තුර වල ඉන්න කුමාරි ගැන මම ජපන් යාළුවෙකුගෙන් ඇහැව්වා. එයා දන්නෙත් නැහැ. (නි)
රජ කුමරිය පිලිගන්න රජ කුමරෙක් එපැයි යන්න. (නි)
පහන් වගේ මිනිස්සු ඉන්න රටකට හරිනම් එන්න ඕනෑ තුන්වෙනි පංතියේ උදවිය. මෙහෙම අය හරි එන එක ගැන කුහක නොවී සතුටුවෙන්න ඉගෙනගන්න. (නි)
පහන් මඩුගල්ල කරුණාකරලා අපේ රටේ ඉතිහාසය කුමාරිකාවන් ගැන මොනාහරි කියන්න (අ)
ෆර්නැන්ඩු ,හිරෝහිතෝ අධිරාජ්යයෙක් වෙන්න දැගලුව මෙයාල පර්ල් හාබර් එකට බෝම්බ දාල ඇමරිකාවෙන් ඉල්ලගෙන කෑවා.චීන මහා ප්‍රකාරය කැඩුව.කොරියාවත් එක්කත් අමනාපයි .කොරියාවේ සහ ජපානේ පෙළපොත් වලවත් ජපානේ ගැන උගන්නන්නේ නැහැ .හොද නරක දෙකම එකසේ තියන රටක් (අ)
සමහරුගේ අදහස් හරියට කන්න ඕන උනාම කබරගොයාව තලගොයා කරගන්නවා වාගේ...(අ)