IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජපන් රජ කුමරිය එයි

ජපානයේ  රජ කුමරියක වන ත්සුගුකෝ තකමඩෝ(27)     කුමරිය සිව් දින නිළ චාරිකාවක් සඳහා  දිවයිනට පැමිණියාය. 

 දිවයිනට පැමිණි ත්සුගුකෝ  කුමරියව  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් විසින්  ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබූහ.

දින හතරක් මෙරට රැදී සිටින කුමරිය  ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා හමුවීමට  නියමිත අතර  මහනුවර  පෙරහැර නැරඹීමටද,  අනුරාධපුර, පොලොන්නරුව යන ප‍්‍රදේශ වල සංචාරය කිරීමටද නියමිතය.

 

 

 



අදහස් (0)

ජපන් රජ කුමරිය එයි

අමරපාල Tuesday, 20 August 2013 02:29 AM

කොට සාය කරදරයක් නේද? (නි)

:       0       0

නිලන්ත Tuesday, 20 August 2013 03:05 AM

අපේ කුමාරයා කොහෙද?(නදී)

:       0       0

සමන් Tuesday, 20 August 2013 02:04 PM

ගැණියෙක් දැක්කාම ඇයි හැමෝම ඇඟ දිහා නැත්නම් ඇඳුම දිහා බලන්නෙ. ලංකාවෙ බහුතරයකගෙ තාමත් ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයක් නෑ.(අ)

:       0       0

ප්‍රදීපා Tuesday, 20 August 2013 03:45 AM

ජපන් කුමරියට වඩා මම ලස්සන බැලුවේ, වසන්ත කරන්නාගොඩ මැතිතුමාගේ.එතුමා ඉතාම වැදගත්, රටටම ආදර්ශවත් හමුදා නිලධාරියෙක්.ඉස්සර රාජකාරියේ ඉද්දිත් කතාකරන්නේ වැදගත්ම දෙයක් විතරයි. ,ඒවගේම ආරෝහ පරිනාහ දේහ සම්පතින් පිරිපුන් කෙනෙක්.(නදී)

:       0       0

පර්නෑන්ඩු Tuesday, 20 August 2013 03:55 AM

ජපානයට රජෙක් නැතේ. ඇත්තේ අධි රාජයෙකි.(නදී)

:       0       0

ශීලා Tuesday, 20 August 2013 05:07 AM

ලස්සන කුමරියක්.අපේ දේශපාලන ගොල්ලොන්ගෙන් ඈත් වෙලා හිටියොත් කුමාරිට හොදයි වගේ.දැනටමත් ඇහැ ගහගෙන ඉන්නවා ඇති.ඒවට අපේ මිනිස්සු හරිම දක්ෂයිනේ. (නි)

:       0       0

සෙනෙවි Tuesday, 20 August 2013 05:11 AM

මගේ අත්දැකීමේ හැටියට ලෝකේ සිටින විනීත ,සංවරම ජාතිය ජපනුන්. එසේම හරිම ස්මාර්ට්. තමන්ගේ රටට බොහෝ සෙයින් ආදරය කරනවා. (නි)

:       0       0

අජිත් Tuesday, 20 August 2013 02:16 PM

ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට නම් මුණගස්වන්න එපා හොදේ (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 August 2013 05:22 AM

කුමාරියක් වගේ නුඹට රුව දීලා ඇත... සිනා බිදක් මට දෙන්නට සිත දීලා නැත... (නි)

:       0       0

චිරංජිව Tuesday, 20 August 2013 02:18 PM

ලුම්බිණි, ඕනෑම රටක විෂේෂ අමුත්තෙක් නිල සංචාරයක් සඳහා තවත් රටකට යන්නේ නම් අමුත්තාගේ රටේ සේවය කරන එම රටට අදාල තානාපති එම අමුත්තා සමග තම රටට පැමිණිය යුතුයි.එය තානාපති සේවාවේ එක් රාජකාරියකි. කරන්නාගොඩ මහතා එසේ පැමිණ ඇත්තේ එම රාජකාරිය සඳහායි. (නි)

:       0       0

විමලසේන හ.ද. Wednesday, 21 August 2013 12:44 AM

ඔව් ඔව් ලංකාසිරි (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 20 August 2013 06:20 AM

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මෙතන මොකද්ද කරන්නේ? (නදී)

:       0       0

ජූඩ් Tuesday, 20 August 2013 02:40 PM

මේ කුමරියව පිළිගන්න තිබ්බේ අපේ හොද කුමාරයෙක්නේ... (නි)

:       0       0

තරු Tuesday, 20 August 2013 06:54 AM

එයා තානාපති කුමරියට විතරක් වෙන්න ඇති. ඒකනේ ඔතන ඉන්නේ.(නදී)

:       0       0

කමල් Tuesday, 20 August 2013 08:12 AM

මෙතන මානසික රෝගීන් ඉන බව සමහර ප්‍රතිචාර වලින් පෙනෙනවා,සමහරු මිට කලින් කොට සායක් දැකලා නැහැ වගේ,විලි වැහෙන ලෙස ඇදුමක් ඇදීම ප්‍රමාණවත් ,අපි තලේබාන් හෝ අන්තවාදී රටක් නොවේ (නි)

:       0       0

සහන් Tuesday, 20 August 2013 03:29 PM

මොකද මේ සමහරුන්ට ලැජ්ජා හිතිලා තියෙන්නේ. ඇයි හිත ඇවිස්සිලාද? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 20 August 2013 08:53 AM

මේ පින්තුර වල ඉන්න කුමාරි ගැන මම ජපන් යාළුවෙකුගෙන් ඇහැව්වා. එයා දන්නෙත් නැහැ. (නි)

:       0       0

රකිත් Tuesday, 20 August 2013 08:57 AM

රජ කුමරිය පිලිගන්න රජ කුමරෙක් එපැයි යන්න. (නි)

:       0       0

ඕමාර් Wednesday, 21 August 2013 02:08 PM

පහන් මඩුගල්ල වැරදියි. (නි)

:       0       0

අමර Wednesday, 21 August 2013 02:10 PM

පහන් මඩුගල්ල වැරදියි................ මිය ගියෙ මැයගෙ පියාය. (ස)

:       0       0

නීල් රණා Tuesday, 20 August 2013 09:42 AM

පහන් වගේ මිනිස්සු ඉන්න රටකට හරිනම් එන්න ඕනෑ තුන්වෙනි පංතියේ උදවිය. මෙහෙම අය හරි එන එක ගැන කුහක නොවී සතුටුවෙන්න ඉගෙනගන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 August 2013 05:24 PM

ඇයි මත්තලට ගෙන්වන්න තිබුණනේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 20 August 2013 05:26 PM

අමිත,රජ පවුල්වල අය දැන් ලංකාවට එන්න පටන් අරගෙන.ලංකාවට දැන් එන තරමක් එන්නේ රජ පවුල් වල අයම තමා. (නි)

:       0       0

නිල්මිණි Tuesday, 20 August 2013 06:36 PM

මමත් යනවා කුවේට් වලට. කවුරු හරි මාව පිළිගනීද දන්නේ නැහැ (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Wednesday, 21 August 2013 09:53 AM

මෙයා තනියෙන්නම් ලංකාවට ආවේ සම්පුර්ණ ආරක්ෂාව දෙන්න, නරිය කුකුලට දක්වන ආදරය එහෙම නොවේ හොදේ. (අ)

:       0       0

සමන් Tuesday, 20 August 2013 11:54 AM

පහන් මඩුගල්ල කරුණාකරලා අපේ රටේ ඉතිහාසය කුමාරිකාවන් ගැන මොනාහරි කියන්න (අ)

:       0       0

පහන් Tuesday, 20 August 2013 12:14 PM

ෆර්නැන්ඩු ,හිරෝහිතෝ අධිරාජ්යයෙක් වෙන්න දැගලුව මෙයාල පර්ල් හාබර් එකට බෝම්බ දාල ඇමරිකාවෙන් ඉල්ලගෙන කෑවා.චීන මහා ප්‍රකාරය කැඩුව.කොරියාවත් එක්කත් අමනාපයි .කොරියාවේ සහ ජපානේ පෙළපොත් වලවත් ජපානේ ගැන උගන්නන්නේ නැහැ .හොද නරක දෙකම එකසේ තියන රටක් (අ)

:       0       0

ගජමන් Tuesday, 20 August 2013 12:32 PM

සමහරුගේ අදහස් හරියට කන්න ඕන උනාම කබරගොයාව තලගොයා කරගන්නවා වාගේ...(අ)

:       0       0

මහී Tuesday, 20 August 2013 08:16 PM

මොකද මේ කුමරිය බැග් එකෙන් කකුල වහගෙන ? වෙල්කම් ටු ශ්‍රී ලංකා! (නි)

:       0       0

අමිත Tuesday, 20 August 2013 12:52 PM

රජ පවුල්වල අය දැන් ලංකාවට එන්න පටන් අරගෙන. ඒක හොද සලකුණක්. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් පස්සෙ තව තවත් ලොකු ලොක්කො එන්න පුළුවන්. (අ)

:       0       0

ලංකා Tuesday, 20 August 2013 08:26 PM

මේ කුමරිය ලස්සනයි... (නි)

:       0       0

පහන් Tuesday, 20 August 2013 12:59 PM

සමන් මෙතන නිමිත්ත ජපන් කුමාරි නේ ඉතින් වෙන දෙයක් ලිව්වොත් යන්නේ කොහෙද මල්ලේ පොල් වෙනවා (අ)

:       0       0

බුද්ධික Tuesday, 20 August 2013 01:04 PM

ඒක එයාලගේ සංස්කෘතිය.ඒකට එක එක දේ කියන්න එපා.ඔය දිගට හොඳට ඇඳගෙන ඉන්න අපේ අයගේ තරම දන්නේ නැහැ වගේ. (නි)

:       0       0

අනුර Monday, 19 August 2013 11:11 PM

රජ කුමරියක් කියලා පේනවා. සාදරයෙන් පිළිගනිමු (නි)

:       0       0

ලංකාසිරි Monday, 19 August 2013 11:13 PM

කුමරියක් පිළිගන්න කුමාරයෝ රොත්තක්. (නි)

:       0       0

කොස්වත්ත Monday, 19 August 2013 11:34 PM

අර බලන්නකෝ අර ඡායාරූපේ. ලැජ්ජාවේ බැහැ (නි)

:       0       0

නිමල් Monday, 19 August 2013 11:38 PM

දිග ඇදුමක් ඇදගෙන ආවා නම් නේද හොද? (නි)

:       0       0

රූපවතී Monday, 19 August 2013 11:39 PM

අර පැත්තෙනුයි මේ පැත්තෙනුයි කුමරියෝනම් එනවා..ඒ උනාට අපේ රට ගැන අපි අන්තිමටම කලකිරිලයි ඉන්නේ අසරණ ජනතාව දිහා ඇස ඇරලා බලන්න කෙනෙක් නැහැ...? ලජ්ජා නැතිව අපි ඡන්දෙ දෙනවා තවත් ..අසරණ දරු පැටව් කාගෙවත් සරණක් නැතිව මහා පාරේ දමල යන්න තරමට අසරණ ජනතාවගේ දුක්ගහැටවල් වැඩී..කාටවත් පෙනෙන් නැහැ...? (නදී)

:       0       0

නිහාල් Tuesday, 20 August 2013 01:26 PM

ආයුබෝවන්! (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 20 August 2013 10:26 PM

නීල් රණා, මට පිට අයට වැඩිය අපේ අය ලොකුයි. ඔය එන කුමාරිට වඩා හෙල්ල විසිකරලා ලෝකෙන්ම 12 වෙනියා වුන නදීකා ලක්මාලි කෝටියක් වටිනවා. මම දැක්කේ නැහැ නීල් රණා නදීකට සුබපතලා තියනවා නම් අන්න. ඒකටයි පරගැති බව කුහක කම කියන්නේ (නි)

:       0       0

නිහාල් Tuesday, 20 August 2013 01:33 PM

කොච්චර සරලද? අගය කළ යුතුයි (නි)

:       0       0

පහන් මඩුගල්ල Tuesday, 20 August 2013 12:56 AM

මෙයා හිරෝහොතොගේ පුතා වන අකිහිතොගේ වත් එයාගේ පුතාවන නරුහිතොගේ වත් කමරිය නෙමෙයි .ජපානේ ඔටුන්න හිමි නරු හිතොට එයාගේ වයිෆ් තමයි මසකෝ සමා ,මසකෝ සමා තමයි රජ කුමරිය හැටියට සලකන්නේ .මෙයත් රජ පවුලේ තමයි .මෙයාගේ සැමියා මට මතක විදිහට 2002 මියගියා.කවුරුහරි දන්නා කෙනෙක් මෙයාගේ නෑකම එන්නේ කොහොමද කියල ලියන්න.(නදී)

:       0       0

පහන් Tuesday, 20 August 2013 01:01 AM

ජපානේ රජකුමරිය නරුහිතොගේ බිසව වන මසකෝ සමා. ලංකාවට ඔක්කොම එන්නේ දෙවන පෙළ කට්ටිය.(නදී) .

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 August 2013 10:31 PM

ලෝකයේ ඉන්න මොන රජ කුමාරයෙක්, කුමාරියක් ආවත් ලංකාවට ගොඩ බහින්නේ බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලෙන්නේ. (නි)

:       0       0

දම්මි Tuesday, 20 August 2013 01:39 PM

සාදරයෙන් පිළිගන්නවා කුමරියනේ! (නි)

:       0       0

නන්ද Tuesday, 20 August 2013 10:44 PM

සැම ජාතියකම හොද ගතිත්, අඩුපාඩුත් තිබෙනවා. එහෙත්, ජපානයට ගිය අයත්, ජපානය පිළිබඳව හොඳින් දන්නා අයත් පිළිගන්නවා ජපානය ඉතාම ලස්සන වගේම ඉතාම පිරිසිදු රටක් කියලා.ඒ වගේම ජපන් ජාතිකයන් අතිශයින්ම විනීතයි, කරුණාවන්තයි කියන කාරණය දන්නවා.අපට සුනාමිය ආපු වෙලාවේ අපට උපකාර කරන්න මුලින්ම ආපු රටක් ජපානය.එමෙන්ම, ජපානයට මෑතකදී සුනාමිය පැමිණි අවස්ථාවේ එරට අපේ තානාපති වසන්ත කරන්නාගොඩ මැතිතුමා තවත් එහි සිටින ශ්‍රී ලංකික පිරිසක් සමග ඒ අයට කරන්න පුළුවන් ඉහලම අයුරින් උපකාර වූ බව සප්පොරෝ නගරයේ සිටින මගේ මිතුරු ජපන් ජාතිකයෙක් ම සමග කීවා. මේවායින් අපට පෙනෙන්නේ අප රටවල් දෙකේම සත්පුරුෂයින් ඉන්න බව නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 769 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 893 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1619 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2041 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 520 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1065 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35817 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site