ප‍්‍රතිමා නිර්මාණය වන්නේ ජීවත්ව සිටි කාලයේදී රටට - ලෝකයට වැඩදායී වූ මිනිසුන් වෙනුවෙනි. සතෙකු වෙනුවෙන් ප‍්‍රතිමාවක් නිර්මාණය වේ නම්? එහි විශේෂත්වයක් තිබිය යුතුමය. "හචිකෝ" යනු සුනඛයෙකි. අපුරු සෙනෙහසේ බැඳීමක් තම ස්වාමියා කෙරෙහි දැක්වූ මිනිස් ගති තිබූ සුනඛයෙකි. මේ "හචිකෝ" අද ජීවතුන් අතර නැත. නමුත් "හචිකෝගේ" පිළිරුව ජපානයේ ටෝකියෝවට ආසන්න ෂිබුයා නගරයේ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැකගත හැකිය.
"හචිකෝ" පාදක කරගෙන හොලිවුඞ් චිත‍්‍රපටයක් පවා නිර්මාණය විණි. 2009 දී තිරගත වීම් ඇරුඹි එහි ප‍්‍රධාන චරිතය රඟපෑවේ එනම් මහාචාර්යවරයාගේ චරිතය රඟපෑවේ රිචඞ් ගියර් නමැති ප‍්‍රකට රංග ශිල්පියාය. එම චිත‍්‍රපටය නරඹා සෙනෙහස පෙරදැරිව බොහෝ දෙනා කඳුළු සලන්නට ඇත.
ඇයි මේ තරමටම ජපානයේ ෂිබුයාහි ජීවත් වූ "හචිකෝ" ලෝ ප‍්‍රකට වූයේ?
ඊට පෙර මේ ෂිබුයා නගරය ගැන යමක් සඳහන් කරමු. ෂිබුයා නගරය යනු දිවා රාත‍්‍රී දෙකෙහිදීම ඉතා විශාල ජන කායක් ගැවසෙන නගරයකි. වෙසෙසින්ම ජපානයේ තාරුණ්‍යය රොද බඳින පොදි ගැහෙන තැනකි.
මේ ෂිබුයා නගර මංසන්ධියේ පදික මාරු හයක් පමණ රවුමක හැඩයට තනා තිබේ. එක් තත්පර ගණනාවකදී වැඩිම පිරිසක් පාර මාරුවන ලොව කාර්යබහුලම ස්ථානය එය යැයි සඳහන් කළ හැකිය. ෂිබුයා නගරයට යාබද හරාජුකු ෂිබුයා දුම්රිය ස්ථානයට එහා ඇති ෂින්ජුකු දුම්රිය ස්ථානයට ඉදිරිපසින් පිහිටා තිබේ. එක්වර විශාල සෙනඟ කන්දරාවක් ගැවසෙන මාවත වන්නේ මේ හරාජුකුහි සාප්පු තනා ඇති පෙදෙසයි. එතැනින් එහාට නැවත අපි ෂිබුයා වෙත ගොස් "හචිකෝ" හමුවෙමු.
1925 දී පමණ ටෝකියෝ සරසවියේ කෘෂිකර්ම විෂය ඉගැන්වූ මහාචාර්යවරයකු ජීවත්ව සිටියේය. ඔහුට "හචිකෝ" නමින් සුරතලෙක් වීය. ඒ ජපානයටම ආවේනික සුනඛ වර්ගයකට අයත් වීය. උදෑසන මේ මහාචාර්යවරයා ෂිබුයා දුම්රිය ස්ථානයට පැමිණ ටෝකියෝව බලා යන්නේය. ඔහු සමඟ පැමිණ සිටි "හචිකෝ" නැවත මහාචාර්යවරයා වැඩ රාජකාරි හමාරකොට පැමිණෙන තෙක්ම මෙතැනට වී සිටීම පුරුද්දක් කර ගත්තේය. එසේ නැතිනම් නැවත ගෙදරට ගොස්, මහාචාර්යවරයා පැමිණෙන වෙලාවට ස්ටේෂම ඉදිරිපිටට පැමිණ සිටීම හචිකෝගේ පුරුද්දක් වීය.
මෙලෙසින් කාලය ගෙවී ගියේය. දිනෙක ටෝකියෝව බලා ගිය මහාචාර්යවරයා නැවත නොපැමිණියේය. "හචිකෝ" තියුණු දෑස් දල්වාගෙන තම ස්වාමියා දැන් එතැයි කියා බලා සිටියේය. එහෙත් ඉනික්බිතිව යළි කෙදිනක හෝ ඔහු නොපැමිණීය. නමුත් සුපුරුදු පරිදි හචිකෝ ඔහු එතැයි සිතා මග බලා උන්නේය. මහාචාර්යවරයා හෘදයාබාධයකින් මිය ගොසිනි. ඒත් හචිකෝ එය නොදනී. කල් ගත වෙත්ම, මේ නගරයේ ජනතාව හචිකෝ කෙරෙහි විමසිලිමත් වෙයි. හචිකෝ ගැන අවධානය යොමුකළ ජනතාව මේ අපුරු ගුණාංග සහිත සුනඛයා ගැන කතා බහ කරන්නට පටන් ගත්තේ එතැන් සිටය. මේ කතාව අළලා තවත් අවුරුදු කීපයකට පසුව මාධ්‍යවේදියකු පුවත්පතකට ලිපියක් සැකසීය. හචිකෝ ගැන මුළු මහත් සකුරා දේශයම කතා කරන්නට පටන් ගත්තේ එයින් පසුවය. තම ස්වාමියා අහිමි වී වසර දහයක් ගෙවී ගොස් තිබිණි. එහෙත් මහාචාර්යවරයා නොපැමිණීය. හචිකෝ තවදුරටත් බලාපොරොත්තු තබා සිටියේය. බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටි හචිකෝගේ දෑස් මිලාන වීය. හචිකෝ වෙනුවෙන් බොහෝ දෙනා කඳුළු සැලූහ. මොනතරම් උතුම් ගුණයෙන් යුතු වූ සත්ත්වයෙක්ද ජපාන ජන සමූහය හචිකෝ ගැන එලෙසින් තව තවත් කතා කරන්නට පටන් ගත්තෝය.
ජීවිතය හරි පුදුමයි නේද?
හචිකෝ ෂිබුයා නගරයට ඉතිරිකොට ගිය ඒ සෙනෙහස කෙතරම්ද යත්, ආදරය ප‍්‍රකාශ කර ගැනීම සඳහා, පෙම්වතා - පෙම්වතිය මුණ ගැසීම සඳහා, බිඳුණු පෙම නැවත ඇති කර ගැනීම සඳහා මෙන්ම ආදර ගිවිස ගැනීම් සඳහා ජපාන තාරුණ්‍යය මෙන්ම වැඩිහිටියෝද රොද බඳින්නේ මෙතැනටය. එලෙසින් පැමිණෙන ජපාන ජනතාවට පමණක් නොවේ, ලොව පුරා සිටින සංචාරකයින්ට මෙම ආදරණීය හචිකෝගේ පිළිරුව අසලට සමීපව ඡායාරූපයක් ගැනීම සදාදරණීය සිහිවටනයක්ම වන්නේය. මේ ආදරණීය කතාව ඇතුළු මේ සකුරා පිපෙන වසන්තයේ තවත් බොහෝ තැන්වල සංචාරය කිරීමේ අවස්ථාව අපට ලබා දුන්නේ, රාජගිරියේ "NI Cey" ඉන්ටර්නැෂනල් ආයතනයයි.
සටහන හා ඡායාරූප සඳුන් ගමගේ
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජපාන සංචාරය