IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ජපානය ලංකාවේ සමීපම මිතුරෙක්’

එක්සත්  ජාතීන්ගේ  සංවිධානයේ  ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රි  ලංකාව සම්බන්ධයෙන්  ඉදිරිපත්  කළ යෝජනාවට  දේශීය යාන්ත්‍රණයකින් ප්‍රතිචාර  දැක්වීම සඳහා  ශ්‍රි  ලංකා රජයට  උපරිම සහාය දෙන බව ජපාන විදේශ  අමාත්‍ය  ෆොමියෝ කිෂිඩා  මහතා  අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතාට  අද (05) සහතික විය.

කලක්  තිස්සේ  බිඳ වැටුණූ  දේශිය සහ ජාත්‍යන්තර  විශ්වාසය යළි  ගොඩනගා ගැනිම සඳහා  රජය ගන්නා  උත්සහය දැඩි ප්‍රශංසාවට  ලක් කළ ජපාන විදේශ  ඇමැති  නව යහපාලන ආණ්ඩුව අලුත්  රටක් බිහි කිරිමට  දරණ වෑයමට  ජපානය සමීපතම මිතුරෙකු  ආකාරයට  ළඟින්ම සිටිමින්  ශ්‍රි  ලංකාවට  ශක්තියක්  වන්නේ යයි ද අවධාරණයෙන් පැවසීය.

ජපානයේ  තෝකියෝ  අගනුවර දී  අග්‍රාමාත්‍ය  වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජාවේදී  ඔහු  කීවේය.

පස්දින නිල සංචාරය සඳහා  ජපානයට  පැමිණ සිටින වික්‍රමසිංහ මහතා ජපාන අගමැති  ෂින්සෝ  අබේ  මහතා  හමුවීමෙන්  අනතුරුව ජපාන අමාත්‍යවරුන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා ඇරැඹීය.

පෙර  දශකයේ  ආකාරයට  ශ්‍රි ලංකාව යම් පාර්ශවයන්ට  බරව කටයුතු  කිරිමෙන්  මිදී , නව ජාතික රජය බලයට  පත්වීමත්  සමඟ මැදහත් විදේශ  ප්‍රතිපත්තියට  පිවිසිම සම්බන්ධයෙන්  ජපාන විදේශ  කටයුතු  අමාත්‍යවරයා  වික්‍රමසිංහ මහතාට  ප්‍රසාදය පළ කර  සිටියේය.

කිෂිඩා  මහතා මෙසේද කියා සිටියේය.

“ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල්  වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වයෙන්  යුත්  ශ්‍රි ලංකාවේ  නව ජාතික රජය අලුත්  රටක්  බිහි කිරිමට  දරණ වැයමට  ජපානයේ  පුර්ණ සහාය හිමි  වනවා. කලින්  දශකයේ  මෙන් යම් යම් පැතිවලට  බර  නොවි  මැදිහත්  විදේශ  ප්‍රතිපත්තියක් නව ජාතික රජය අනුගමනය කිරිම පිළීබඳව මා ප්‍රශංසා කරනවා.”

‘ඉදිරි දින කිහිපයේ  පවත්වන සාකච්ජාවලදී  ශ්‍රි  ලංකාව සහ ජපානය අතර වන සම්බන්ධතාවය වඩ  වඩාත්  ශක්තිමත්  කර  ගැනීමට  හැකි  වනු  ඇතැයි  යන්න මගේ  විශ්වාසයයි. ශ්‍රි  ලංකාවට  සංවර්ධනය තාක්ෂණය සහ දැනුම පදනම්  කරගත්  ආධාර  පිරිනැමීමට  ජපානය කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ.’

පසුගිය දශකයේ දී  දේශිය සහ ජාත්‍යන්තර  වශයෙන් බිඳ වැටී  තිබු විශ්වාසය යළී  ගොඩනංවා  ගැනීම සඳහා  වත්මන්  ජාතික රජය ගන්නා  උත්සහය අතිශය ප්‍රශංසනීයයි.අගමැතිතුමනි, ශ්‍රි  ලංකාව යළිත්  නැගිටවිමට  ඔබ ගන්නා  උත්සහයට  ජපන්  රජයෙත්, ජපන්  ජනතාවගේත් පුර්ණ සහාය ලැබෙන බව අමතක කරන්න එපා.

එක්සත්  ජාතින්ගේ  ජිනිවාහි මානව හිමිකම්  කමිටුව ශ්‍රි ලංකාව සම්බන්යෙන්  ඉදිරිපත් කෙරුණූ වාර්තාවට  අදාළව දේශිය යාන්ත්‍රණයක්  ඔස්සේ  ක්‍රියා කරන ඔබ රජයට  ජපානයේ  උපරිම සහාය හිමිවනවා. ඒ සම්බන්ධයෙන්  ජපානය කෙරෙහි  සම්පුර්ණ විශ්වාසය තබන්න.

රාජ්‍ය  සහ  පෞද්ගලික අංශයේ  ආයෝජන සඳහා ශ්‍රි  ලංකාව තුළ සුභවාදි  පරිසරයක්  ඇති  කිරිමට  වත්මන්  ජාතික රජය ගන්නා  පියවර  සම්බන්ධයෙන්  අප නිරතුරුවම අවදානයෙන් සිටිනවා. යළී නැගි  සිටිමට  ඔබගේ  රටට  ජපානය සමීපතම මිතුරෙකු  ලෙස ළඟ සිටිමින් අත දෙනවා  යයි ද ජපාන විදේශ කටයුතු  අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතා හමුවේ දී අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

නිදහස ලබා ගැනිමෙන්  පසුව ශ්‍රි  ලංකාව සමඟ මුලින්ම සම්බන්ධතා  පැවැත්වු  රටවල් 5 වන්නේ ඉන්දියාව,පකිස්ථානය,බුරුමය (මියන්මාරය), තායිලන්තය සහ ජපානයයි.

ජපානය සහ ශ්‍රි ලංකාව අතර  සම්බන්ධතාවය ඇති කිරිමට  ජේ.ආර්.ජයවර්ධන මහතා  මුලික පදනම දැමුවා. පසුව දෙරටේ නායකයින්  ඒ තත්ත්වය ඉදිරියට  පවත්වා ගෙන ගියා.

දශක හයකට  පසුව ශ්‍රි  ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු  වී  මේ වන විට ජාතික ආණ්ඩුවක්  පිහිටුවා  තිබෙනවා. ආසියා  - ශාන්තිකර  කලාපයේ  සාමය ආරක්ෂා  කිරිමට  ජපන් රජයේ  භුමිකාව අතිශයෙන්  වැදගත්  වනවා.

එක්සත්  ජාතින්ගේ  සංවිධානයේ  ආරක්ෂක මණ්ඩලයේ  ආසියා  කලාපිය නියෝජනය සඳහා  ජපානය ඉතාම සුදුසු  බව අප හැගීමයි. ඒ සඳහා  ජපානයට  අවශ්‍ය  ඕනෑම සහයෝගයක් දිමට  ශ්‍රි  ලංකාව සුදානම්  බව මා  විශේෂයෙන්ම සඳහන්  කරනවා’ මුදල්  අමාත්‍ය  රවී  කරුණානායක, තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා කටයුතු  අමාත්‍ය  සුසිල්  ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය  ලේකම්  සමන්  ඒකනායක, ජපානයේ  ශ්‍රි  ලංකා  නව තානාපති  මහාචාර්ය දම්මික ගංගනාත්  දිසානායක, අග්‍රාමාත්‍ය  අතිරේක ලේකම්  සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය  ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය මොන්ටි  කාසිම්  මහත්වරු  ද එක් වුහ.

  B37A4675[1] B37A4686[1] B37A4702[1]

 



අදහස් (0)

‘ජපානය ලංකාවේ සමීපම මිතුරෙක්’

ජයතිලක Tuesday, 06 October 2015 12:37 PM

ජයවේවා! දියුණු රටවල් සමඟ සම්බන්ධතා වටිනවා (නි)

:       0       0

කුසුම් Monday, 05 October 2015 08:04 AM

ඔබට ජය රනිල් සර් (අ)

:       0       0

කස්තුරිආරච්චි Monday, 05 October 2015 08:21 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ලියෝ Monday, 05 October 2015 08:36 AM

මහින්ද තව විශේෂ නිවේදනයක් නිකුත් කරයිද දන්නේ නැහැ මේක පිළිගන්න බැහැ මේක කුමන්ත්‍රණයක් කියලා. (අ)

:       0       0

චානක Monday, 05 October 2015 09:29 AM

ජය වේවා (බ)

:       0       0

එදිරිවීර Tuesday, 06 October 2015 12:11 AM

අපිට ජපානය සමඟ දිගු ගමනක් යන්න පුළුවන් (නි)

:       0       0

උපුල් Monday, 05 October 2015 09:41 AM

ඔබ වැනි නායකයෙක් ලැබීම රටට වාසනාවක්. ඔබ තුමාට තුනුරුවන් පිහිටයි (බ)

:       0       0

සෙන්තෝ Monday, 05 October 2015 10:27 AM

ජපන්නු ජිවත් වෙන්නෙත් පුදුම අමාරුවෙන් . (අ)

:       0       0

දයාල් Monday, 05 October 2015 12:08 PM

රනිල් මහතාට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම ඉහළයි (නි)

:       0       0

දිනිති Monday, 05 October 2015 12:08 PM

ජේ.ආර්. ගෙන් පසුව ජපානය ගරුකරන ආසියානු නායකයා රනිල් තමයි. (නි)

:       0       0

තිළිණ Monday, 05 October 2015 07:06 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1446 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1728 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1276 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1339 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1929 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 787 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site