IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ජපානයේදී අසියෝ රොබෝ හමුවූ මොහොතක්

2017-01-05-ent-22

2017-01-05-ent-21ලෝකය වටේ සංචාරය කරන අතරවාරයේදී ජපානයේ සංචාරයේ නිරත වෙමින් සිටියදී "හොන්ඩා" කම්පැනියටත් ගොඩවැදුණොත් හොඳයි කියලා හිතුණා. හොන්ඩා කම්පැනියෙ පරිපාලන කටයුතු සිදුකෙරෙන මෙන්ම ප්‍රදර්ශනාගාරයත් පිහිටා තිබෙන්නේ තෝකියෝ නුවර මිනාමි අඕයාමා මිනාතෝකු (2-1-1 Minami Aoyama Minato ku - Tokyo) ස්ථානයේයි. මෙතෙක් හොන්ඩා මෝටර් කම්පැනිය වෙතින් නිර්මාණය වූ අනර්ඝ නිර්මාණ මෙන්ම, අලුතින්ම නිර්මාණය වී වෙළෙඳ පොළට හඳුන්වා දෙන නිර්මාණ මෙම හොන්ඩා කම්පැනිය සතු ගොඩනැගිල්ලේ පහත මාලයේ ප්‍රදර්ශනය කෙරෙනවා. මා මේ විස්තර කිරීමට සූදානම් වන්නේ හොන්ඩා මෝටර් රථ ගැන නම් නොවේ. ඒ ගැන පසුවට කතා කිරීමට ඉඩ තබා ඔබ වෙත විස්තර කිරීමට සූදානම් වන්නේ හොන්ඩා සමාගම බිහිකළ රොබෝවරයා ගැන විස්තරයක් පැවසීමටයි. තවත් විදියකට කිව්වොත් කතා කරන රොබෝ සඳහා වූ විස්තරයක්.

 

කවුද මේ කතා කරන රොබෝ?

2017-01-05-ent-24මෙයාගේ නම "අසිමෝ"ය (Asimo). 1986 දී පමණ මේ ඇවිදින රොබෝ නිර්මාණය කිරීමට හොන්ඩා සමාගම සමත් වූ අතර, වත්මනෙහි අසිමෝ යනු මානවයාගේ ක්‍රියාකාරීත්වයට වඩාත් සමීපව හැසිරවිය හැකි රොබෝ යන්ත්‍රයක්.

නටන්න, ගයන්න ඒ වගේම තවත් බොහෝ දේ ගැන කතා කරන්න මේ අසිමෝ රොබෝ සමත්ය. ජනයා ගැවසෙන තැන්වලට, වෙළෙඳ සංකීර්ණ වෙත, ඒ වගේම තවත් ඕනෑම පරිසරයකදී මේ අසිමෝ ක්‍රියාත්මක කරවිය හැකිය. දුම්රිය ස්ථාන, කෞතුකාගාරවලට එහෙම ගියාම ජනතාව බය වන අවස්ථාද නැතුව නොවෙයි. තරප්පු නැග යාමට වගේම වෙනත් උස් ස්ථාන කරාද මේ රොබෝ මිනිසාට යාමේ හැකියාව තිබෙනවා. චලනය වන වස්තූන් හඳුනාගෙන ඊට ප්‍රතිචාර දැක්වීම සහ අංග චලනයෙන් එය ප්‍රකාශ කිරීමට මේ අසිමෝට පුළුවන්.

රොබෝ යැයි කී විගසින්, මනසට මැවෙන්නේ යකඩ සහ ලෝහවලින් සමන්විතව නිර්මාණය වූ යන්ත්‍රයක් වුවද මේ රොබෝ නම් යකඩ හෝ ලෝහවලින් තනා නැතැයි නොසිතෙන තරමට වඩාත් සුමට සහ මෘදු බවක් පෙන්නුම් කරනවා.

ජපානයෙන් ලොවට බිහිකළ මේ රොබෝ ලොව මිල අධිකම රොබෝ ලෙසත්, වඩාත් දියුණු ලෙස නිර්මාණය කළ රොබෝ ලෙසත් හැඳින්වෙනවා. මීට ටික කලකට පෙරදී මෙයාගේ මිල ලෙස සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 250,000 ක මිලක්.

හොන්ඩා මෝටර් රථ සමාගමේ ප්‍රධාන ශාඛා කාර්යාලය සහිත ගොඩනැගිල්ල පිහිටි තෝකියෝවේ මිනාටෝ කු මිනාමි අඕයාටාහි වෙත ගියොත් මේ අපූරු අසිමෝ රොබෝගේ හැඩ වැඩ සියල්ල දැකගැනීමට පුළුවන්. අසිමෝ රොබෝගේ හැඩවැඩ ගැන ප්‍රකාශවන සංදර්ශන කිහිපයක්ද මෙහිදී පැවැත්වෙනවා.

 

ස්තූතිය - සංචාරක අනුග්‍රහය දැන්වූ Nicey Travels (රාජගිරිය) ආයතනයට

සටහන හා ඡායාරූප - සඳුන් ගමගේ

 

 

2017-01-05-ent-27
2017-01-05-ent-26
2017-01-05-ent-25
2017-01-05-ent-23

 



අදහස් (0)

ජපානයේදී අසියෝ රොබෝ හමුවූ මොහොතක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1186 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2124 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9182 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3345 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site