IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජපානයේදී මියගිය සඳමාලිගේ චෝදනාව ඉවතට

(විමුක්ති එස් රුද්‍රිගු)

ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ශ්‍රී ලංකික තරුණියක මියයාම සම්බන්ධයෙන් එරට ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම නගෝයා හි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත වරක් ප්‍රතික්ෂේප කර ඇති බව එරට එන්.එච්.කේ රූපවාහිනි සේවය වාර්තා කර ඇත.

මියගොස් සිටිය විශ්මා සඳමාලි නමැති තරුණියකි

විශ්මා සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් පසුගිය සිකුරුදා සිදු කළ නව විමර්ශනයකින් පසුව නිලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව එන්.එච්.කේ රූපවාහිනි සේවය පෙන්වා දී තිබේ.

වීසා අවසන් වීමෙන් පසුවත් ජපානයේ රැඳී සිටීම නිසා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 2021 වසරේ මාර්තු මාසයේදී ඇය මිය ගිය බව එම රූපවාහිනී සේවය වාර්තා කර ඇත.

සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් ජපාන ආගමන විගමන නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල කරමින් අපරාධ පැමිණිල්ලක් ගොනු කරනු ලැබිය.

2022 වසරේ ජූනි මස නගෝයා හි නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් එම පැමිණිල්ලේ විමර්ශන කටයුතු අවසන් කරමින් එම නිලධාරීන් 13 දෙනාට එරෙහිව චෝදනා ගොනු කිරීමට පදනමක් නොමැති බව ප්‍රකාශ කළේය.

 



අදහස් (5)

ජපානයේදී මියගිය සඳමාලිගේ චෝදනාව ඉවතට

පියනන්ද Sunday, 01 October 2023 07:38 PM

අපරාදේ. එයාලා හිතන්න ඇත්තේ එහෙම චෝදනා කළොත් ජපානේ පදිංචි වෙන්න කට්ටියටම වීසා දෙයි කියලා. මදැයි කොලා. ජපන්නු තම්බන්න ඒ ලුණු, ගොරකා මදි වුණා එහෙනම්...!

:       7       7

chandima Sunday, 01 October 2023 08:58 PM

හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් තියෙනවද? අපේ රටින් ණය ඉල්ලන් ආපු වෙලාවක බලපෑම් කළාම අපේ රනිල් තුමාලා සඳමාලිගේ පවුලම අල්ලලා හිරේ දමන්නත් බැරි නැහැ.. අර සේපාල ඒකනායකට වුණේ ඒකමනේ...

:       2       0

Kieth Sunday, 01 October 2023 09:23 PM

මොන වරද කළත් ජපානය ඔවුන්ගේ ජාතියට නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන රටක්, ලෝකයේ අංක එකේ වර්ග වාදීන්...

:       3       0

Prase Monday, 02 October 2023 09:31 AM

වැරැද්ද කරලා තව නඩු දාන්න යනවා. ගිය අය ටිකත් හිරේට දාන්න තිබුණා. වීසා ඉවර වුණා නම් ගෙදර යන්න තිබුණා හොරෙන් පැනලා...

:       4       5

කෝබෙ ජගත් Monday, 02 October 2023 04:04 PM

බාබර් ලව්වා කොන්ඩෙත් කපාගෙන ආපහු සල්ලිත් ඉල්ලනවා වගේ වැඩක් කරන්ට ගියේ... රටක නීති කඩකරලා හොරෙන් පැනලා ඉඳලා කෙළවුණාට පස්සේ ආයෙ ඒ රටටම විරුද්ධව නඩුත් දාලා. මෙහෙ හොරෙන් ඉන්න අනික් අයටත් පාඩමක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1658 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 744 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 248 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 351 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 158 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 107 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site