ලෝක ප්‍රසිද්ධ ප‚වුඩ හුවමාරු ක්‍රමයක් වන ජී මේල් හි අතුරු මුහුණතට සිංහල ඇතුළු භාෂා දහතුනක් අලුතින් ඇතුළත් කිරීමට ගූගල් සමාගම පියවර ගෙන ඇතැයි පී.සී වර්ල්ඩ් වෙබ් අඩවිය සඳහන් කරයි.
‘ජී මේ‘ල් යනු විද්‍යුත් තැපැල් පහසුකම් සැපයීම සඳහා ගූගල් සමාගම හඳුන්වාදුන් සන්නිවේදන ක්‍රමයකි.
මීට පෙර ජී මේල් හි භාෂා 58ක් තිබූ අතර නව භාෂා එක්වීමත් සමඟ එය භාෂා 71 දක්වා වැඩිවිය.
ජී මේල් අතුරු මුහුණතට අලූතෙන් එක් වූ භාෂා වනුයේ ඇෆ්‍රිකාන්ස්, ආර්මේනියන්, අසර්බයිජානී, චීන (හොංකොං), ප්‍රංශ (කැනඩා), ගැලීෂියන්, ජෝර්ජියන්, කෙමර්, ලාඹ්, මොංගෝලියානු, නේපාලි, සිංහල හා සූලුය.
ජී මේල් වෙත එක්කළ භාෂා පෙරේදා (7) ක්‍රියාත්මක වන අතර එය ජංගම දුරකථන ඇතුළු ගූගල් සමාගමේ ජී මේල් ක්‍රියාත්මක වන සෑම උපකරණයකම ක්‍රියාත්මක වන ගූගල් සමාගම කියයි.
ජී මේල් හි අතුරු මුහුණතෙහි (ඉන්ටර්පේස්) භාෂාව වෙනස් වීම නිසා මිනිසුන් සන්නිවේදනය කරන, එනම් පණිවුඩ යවන හෝ පණිවුඩ ලැඛෙන භාෂාවේ වෙනස් වීමක් නොවන බවද ගූගල් සමාගම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තොරතුරු ආයතනය එයිද ලකුණු දාගන්න. (ස)
අපිට නම් තවම හමුවුණේ නැහැනේ (නි)
ගූගල් ඇමරිකන් නිසා අපි වර්ජනය කරමුද? (නි)
අර අපේ ඇමරිකන්වීරෝධී මහත්තයා මේකට කැමතිද? (නි)
මේක පරිගණක සංනිවේදන තාක්ෂණයේ හොඳ ප්‍රගතියක්. නමුත් මිනිස්කමින් දිනපතාම ඈත්වන මිනිසුන් මේ දියුණුවෙන් කෙසේ ප්‍රයෝජන ගනීද කියා මට හිතාගන්නවත් බැහැ. (නි)
මේක කවදා ඉඳලද දන්නෙ නැහැ නේද අපිට බලන්න පුලුවන්? (නි)
කමල්, අනිවාර්යයෙන් එයි (නි)
එයි අපි තාමත් ජී මේල් පාවිච්චි කරන්නේ? අපිටම කියල අපේ එකක් හදාගන්න උනන්දු වෙන්නේ නැත්තෙ මොකද? අපි ජී මේල් වලින් යවන දේවල් ඔක්කොම ඇමෙරිකාවට බලන්න පුළුවන්. (ස)
මොකද අමල් කමල් දෙන්න අරයල එක්ක ඔය තරම් තරහ. එයාල හොඳ දේවලුත් කරලා තියනවා නේ. (ස)
මේ ලින්ක් එක බලන්න. http://www.pcworld.com/article/2451420/google-adds-13-more-languages-to-gmail.html (නි)
ජයත් කිසිම පෞද්ගලික තරහක් කා සමගවත් නැහැ. රට දියුණු කරන ප්‍රතිපත්ති හරියට නොගැනීම සහ ඥාති හිතවතුන් සදහා ව්‍යාපෘති නිර්මාණය කිරීම සහ රටට නොගැලපෙන සෝබන ව්‍යාපෘති වලට තමයි විරෝධය. (ස)