පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය අද (14) යුගදිවියට එක්විය. උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ රැසක් විවාහ උත්සවයට සහභාගී වූහ.
2015 වසරේ දී මහනුවරදී පැවැති ‘මහින්ද සුළග‘ රැලියේ දී මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ඇරැඹුණු බව දේශපාලන ආරංචි කියයි.
සමන්මලී සකලසූරිය මෙනවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය යි. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ මහතාගේ ද ඥාති දියණිකි.
බොරළුගොඩ සිංහයා ලෙස විරුධාවලිය ලත් පිලිප් ගුණවර්ධන මහතාගේ මුණුබරකු වන යදාමිණී, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාය. සූරියමල් ව්‍යාපාරයේ නියමුවකු වූ පිලිප් මහතා ඇන්.ඇම් කොල්වින්, බර්නාඩ්, ලෙස්ලි හා විලියම් වැනි වාමාංෂික නායකයන් සමග සිරබත් කෑ වාමාංශික නායකයෙකි.
පිලිප්ගේ මුණුබුරාද පිලිප් මෙන් ඇමෙරිකාවේ විස්කොන්සින් සරසවියේ අධ්‍යාපනය ලැබීය. ඔහු වේල්ස් සරසවියේ ද අධ්‍යාපනය ලැබීය. ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ කෙනඩි පාසලේ විධායක අධ්‍යාපනය ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙනුත් සුබ පැතුම් හදවතින්ම! (නි)
නියම ගැළපීමක්. සුබ පැතුම්! (නි)
හරිම චාම් ලස්සන මනමාලියක් (නි)
මෙවැනි උගත් අයගෙන් රටට සේවයක් ලබාගත යුතුයි (නි)
බොරු ආටෝප නැති සරල විවාහ උත්සවයක් (නි)
අනාගත ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
ඔය දෙපලගේ යුග දිවිය සාර්ථක වේවා! යහගුණ පිරි දරු සම්පත් ලැබේවා! යදාමිනී - සමන්මලී, අනාගත ලක් දේශපාලන අඹරේ දිදුලන තාරකාවන් වේවා! (නි)
ඔබ දෙපළගේ යුග දිවිය සාර්ථක වේවා! ජය මංගලම්! (නි)
දෙමාපියන්ගේ අඩිපාරේම යන දරුවෙක් බව මේ සිදුවීමෙන්ම ඔප්පු වෙනවා. (නි)
දැයට බොහෝ සිංහල දරුවෝ දායාද කරන්න ජය මංගලම්! (නි)
සිරි සුබ මංගලම්! (නි)
මේ යුවළගේ චාම් ගතිය අපි අගය කරනවා (නි)
ලස්සන මනමාලියක්. සුබ මංගලම්! (නි)
ඔබ දෙපලට වාසනාවන්ත යුග දිවියකට මගෙන් සුබ පැතුම්! (නි)
ඕගොල්ලෝ කසාද බැන්ඳට අපේ අහිතක් නම් නැහැ. ඒත් ඔයාලගේ දේශපාලන කෙරුවාව ගැන නම් අපේ පැහැදීමක් නැහැ. ඔයාලා දේශපාලනය නොකරන තාක්කල් අපි ඔයාලට සුබ පතන්නම්! (නි)
හොඳ වාසනාවන්ත යුවලක්. ජයවේවා! (නි)
ඔබගේ යුග දිවිය සාර්ථක වේවා! (නි)
හරිම ලස්සන චාම් මනමාලියක් (නි)
සිරි සුභ මංගලම්! (නි)
පොළවේ අඩි හප්පලා අධිරාජ්‍යවාදීන්ට පලු යන්න බනින සමාජවාදියෝ හැමෝගෙම කෙරුවාව මේක තමයි. තමන්ගේ දරුවන් උගන්වන්න යවන්නේ අධිරාජ්‍යවාදී රටවලටම තමයි. (නි)
ඔබට සුබ මංගලම්! (නි)
ලස්සන මනමාලියක්. හිතට ප්‍රිය උපදවන දසුනක් (නි)
සිරි සුබ මංගලම්. (ර)
චාම් මගුලක්. සිරි සුභ මංගලම්! (ර)
සුබම සුබ අනාගතයකට අසිරි පතමි. (ර)
ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයකට සුබපැතුම්. (ර)
ඔබ දෙපලට ජයසිරි මංගලම්.! (ර)
ඇන්ජලෝ, ඔය භූත දේශනාව පැත්තකින් දාලා මේ දෙදෙනාට සුබ පතන්න (නි)
සුබ අනාගතයකට අාසිරි පතමි! (නි)
මනමාල යුවලට අපගේ සුබ පැතුම්.(හේ)
ඔබ දෙපළට කිරි ඉතිරේවා! (නි)
ජනාධිපතිතුමා ඊයේ පිටරට ගියා නේද? (නි)
මොනතරම් ලස්සන චාම් මඟුල් ගෙයක්ද? අපේ සුබ පැතුම්! (නි)
සුබ මංගලම් ඔබ දෙදෙනාට! (නි)
මෙයාලට කොහොමත් ඉතින් රජසැප. රටේ ජනතාව බඩ පටි තදකරගෙන ඉන්න වෙලා. (නි)
බොරු විච්චූරණ නැති චාම් මනාලියක් (නි)
සුබ මංගල්‍යයක්ම වේවා! එ්ක තමා කියන්නේ හොඳට නරකට දෙකට කටමය කියලා. (නි)
යහපත් යුග දිවියකට අපේ සුබ පැතුම්! (නි)
හොඳ ජීවිතයක් ගත කරන්න නම් දේශපාලනයෙන් ඉවත් වුණොත් හොඳයි (නි)
"මහින්ද සුළඟින්" ජනාධිපති මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද වුණා. හැබැයි යදාමිණිට වගේම ඒ සුළග තවත් පවනක් වූ බොහෝ දෙනෙක් නම් ඉන්නවා. (නි)
වාසනාවක්ම වේවා.(හේ)
ශ්රී සුබ මංගලම්.(හේ)
සුබ මංගලම්....(හේ)
සුබ මංගල දිනයක් වේවා.(හේ)
අගමැති ජනාධිපති මෙතන නම් නැහැ වගේ (ම)
සුබ මංගලම්, ඉදිරිය ජීවිතේ වසනා වේවා. (හේ)
ජය මංගලම්...! සුබ මංගලම්...! (නි)
සුභ මංගලම්! (නි)
එක වගේ කුරුල්ලොනේ එකට හමුවෙන්නේ. (නි)
බැලුවහම මේ වාමාංශිකයෝ ඔක්කොම වගේ බටහිර ධනවාදී රටවල තමයි ඉගෙනගෙන තියන්නේ. නමුත් අපිට දෙන්නේ වෙනම පින්තූරයක්. මේක මේ රටේ ඉන්න අයට තේරෙන්නේ නැහැ (නි)
වාසනාවන්ත යුග දිවියක්! (නි)
සුබ අනාගතයකට ආසිරි පතමු! (නි)
මමත් හදවතින්ම සුබ පතනවා! (නි)
ශ්රී සුභ මංගලම්! ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය වේවා! (නි)
බුද්ධිමත් ඔබ දෙපලට ජීවිතය පහසුවෙන් ජයගත හැකිවනු ඇත (නි)
සුබ මංගල දිනයක් සහ සුබ පවුල් ජීවිතයකට හද පතුලෙන්ම ආසිරි පතමි! (නි)
අපේ හිටපු ජනාධිපතිතුමා විතරයි වගේ පෙනෙන්න නම් ඉන්නේ (නි)
මේ ඉන්නේ මිනිසුන්ගේ සිත් වල සැමදා ජනපති. එයා තමයි ඉතිහාසයේ ලියවෙන්නේ. (නි)