සුරංගනී එල්ලාවල මහත්මියගෙන් හිස්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර පදවියට නිලූකා ඒකනායක මහත්මිය පත්කරනු ලැබ සිටී.
ලේක්හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ හිටපු උපදේශ කර්තෘවරියක වන නිලූකා ඒකනායක මහත්මිය වත්තල කෙරවලපිටිය විද්‍යාලෝක විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ද මාතලේ විජය විදුහලේ ද්විතීයික අධ්‍යාපනය ද ලැබුවාය.
පේරාදෙණිය සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා සිටින ඇය එක්දරු මවකි.
නව ආණ්ඩුකාරවරිය ජනාධිපති නිල නිවසේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමිය කේන්දර බලන්න එහෙම හොඳට දන්නවා ඇති නේද? (නි)
මේවා දකින කියවන අපිට පිස්සුද, නැත්නම් මේ රජයට පිස්සුද කියලා මට නම් තේරෙන්නේ නැහැ
රාජකීය ජ්‍යෝතිර්වේදියෙක් නෙමෙයි නේද? (නි)
කොහොමද සුමනදසව කැපුනේ එයට නේද වැඩි ලකුණු තිබුනේ මේ ජොබ් එකට?. (අ)
අරගොල්ලෝ සුමනදාසගෙන් වැඩේ කරවගත්තා වගේ මෙතුමිය ගෙන් වෙලාව හදාගෙන වරද්ද ගන්න එකක් නැහැ. (බ)
උපාධිධාරිනියක්නේ ..! කමක් නැහැ. පහුගිය කාලේ තනතුරු දුන් හැටි අපි දැක්කනේ (නි)
තනතුරු හෑල්ලූ කරන්න එපා. තේරීම් නිවැරදිව කරන්න. (නි)