IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජයන්ත ධනපාල ජිනීවා යයි

එක්මත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා සඳුදා (25) ජිනීවා නුවර බලා පිටත් වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමෙන් සිදු කැරෙන යුද අපරාධ පරීක්ෂණ ගැන සාකච්ඡා කිරීමට ජනපති විශේෂ නියෝජිතයා ලෙස මේ ගමන යයි.

ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ සඳහා එම කොමිසම අවසර ඉල්ලූ නමුත් එදා රජය ඊට එරෙහි විය.

මානව හිමිකම් කොමිසමේ 28 වැනි සැසිවාරයට පසුව සිදුවූ ප්‍රගතිය ගැන ධනපාල මහතා කොමසාරිස්ට කරුණු කීමට නියමිතය.

යුද අපරාධ සිදුවී ඇත්නම් ඒ ගැන ශ්‍රී ලංකාවේ නව රජයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව නව විදේශ ඇමැති මංගල සමරවීර මහතා කියයි.

 

 



අදහස් (0)

ජයන්ත ධනපාල ජිනීවා යයි

සත්‍යපාල Sunday, 25 January 2015 10:32 AM

අපේ අලුත් ජනාධිපතිතුමත් මොනවා කරනවාද මන්දා ඕකට යවන්න නියම සුදුස්සා සජින්ද වාස් මන්ත්‍රීතුමා විත්තිය මුළු රටම දන්නා එකේ.(හේ)

:       0       0

ඩි.වයි. Sunday, 25 January 2015 12:49 PM

වසර ගනණාවක විදේශ කටයුතු පිලිබද පලපුරුද්ද ඇති ජයන්ත ධනපාල මහතාගේ සේවය රටට අවශ්‍යයයි. (ර)

:       0       0

පියුමි ලක්මාලි Sunday, 25 January 2015 02:44 PM

මේ වගෙ අය රටට ඕනේ. ඒ වගේම මෙතුමා වසර ගානක් විදේශ කටයුතු පිළිබද පළපුරුද්දක් ඇති අයෙක්. මෙතුමන්ට තෙරුවන් සරණයි (නදී)

:       0       0

චමී Sunday, 25 January 2015 03:02 PM

මේ වගේ බුද්ධිමතුන්ගේ සහාය ලබා ගන්න ජනාධිපතිතුමා පියවර ගැනීම අගය කළ යුතුයි (නදී)

:       0       0

උයන්ගොඩ Sunday, 25 January 2015 06:16 PM

උගත් බුද්ධිමත් විදේශ සේවය අවංකව කළ , විශාල හැකියාවක් තිබෙන මහතෙක්. මා කාලයක සිට මොහු ගැන දන්නවා (නදී)

:       0       0

ලෝසා Sunday, 25 January 2015 07:29 PM

මේ වගේ කෙනෙකුට පුලුවන්ද මන්දා ගරු සජින් වාස් මන්ත්‍රී තුමා වගේ ජාත්‍යන්තරය ජයගන්න. (නදී)

:       0       0

රංජිත් Sunday, 25 January 2015 11:42 PM

දයාන් ජයතිලක වැන්න උන් ළගට ගන්න එපා. සමහර විට ඔබ තුමාගෙන් ජිනිවා හි තනාපති කම ඉල්ලයි. කරන්න පුලුවන් කෙන් ගෙඩියක් නැහැ බොරු කයිවාරු විතරයි. ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා රැවැට්ටුවා. උරුලෑවා ගියා වාගේ ගඳ විතරයි (නදී)

:       0       0

සමීර Sunday, 25 January 2015 08:44 AM

ඔබේ රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්දෙන් රටට යහපතක් කරන්න ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 415 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 129 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1887 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2361 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3748 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site