IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘ජයලලිතා ජන හදවත් දිනාගත්තා‘

මියගිය තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

ඇගේ ජනයාගේ මහත් ආදරයට ලක්වූ නායිකාවක් ලෙස ජයලලිතා හඳුන්වා ඇති ජනපති තමිල්නාඩු ජනතාවටත් ඇයට ආදරය කළ අයටත් තම ශෝකය පළ කරන බව කියයි.

මේ අතර තමිල්නාඩු මහ ඇමැතිනියගේ අභාවය පිළිබඳ තම දැඩි ශෝකය පළකරන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක සටහන් කර ඇත. දෙමළ ජනයාගේ දුක්ගැනවිලි වෙනුවෙන් ඇය ප්‍රබල හඬක් නැගූ බව ඔහු සඳහන් කරයි.

web_msUntitled-1web_NRUntitled-2



අදහස් (0)

‘ජයලලිතා ජන හදවත් දිනාගත්තා‘

ඉසුරන්දි Tuesday, 06 December 2016 07:02 AM

කිව්වත් වගේ බෙදුම්වාදීන්ගේ ආදරයට පාත්‍රවුත්, ශ්‍රී ලංකාවාසී අපගේ වෛරයට බඳුන්වුත් එකම නායිකාව. (නි)

:       0       0

රොක්සි Tuesday, 06 December 2016 07:06 AM

බොහොම හරි සේනක. දුක්විඳින අහිංසක ජනතාවට ඇගෙන් සැනසිල්ල ලැබෙන්න ඇති නේද?මෝඩ නූගත් ජනතාව අන්දවා තමන්ගේ සුඛවිහරණය සළසාගත් තවත් කෙනෙක් පමණයි! (නි)

:       0       0

රොකී‍ Tuesday, 06 December 2016 07:06 AM

ප්‍රසන්න, හොඳ ප්‍රශ්නයක්. අපේ රටෙත් ඉන්නේ මොන වගේ අයද බව රහසක් නොවෙයි! (නි)

:       0       0

චින්තක Tuesday, 06 December 2016 07:20 AM

තමන්ගේ ජාතිය පාවා නොදුන් කෙනෙක් (ර)

:       0       0

නිහාල් Tuesday, 06 December 2016 07:52 AM

කොහොම වුණත් තමාගේ වර්ගයා වෙනුවෙන් නැඟීසිටි ජන නායිකාවක්. අනිත් ජාතීන් එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ වගේ දේශප්‍රේමී ජන නායකයින් නායිකාවන් කවදා අපේ රටේ බිහිවේවිද. (නි)

:       0       0

දොන් Tuesday, 06 December 2016 07:56 AM

සමහරු මහින්ද මහත්තය මත්තෙම නැහෙන්න හදනවා. නමුත් මහින්ද මහත්තයාගේ පුතා මෙතන ඔවුන්ට පිළිතුර දීලා තියෙනවා. පව් අහිංසක ජනයා. (නි)

:       0       0

ෂෙල්ටන් Tuesday, 06 December 2016 08:03 AM

හරිම දුකයි වගේ (නි)

:       0       0

ලංකා පුත්‍ර Tuesday, 06 December 2016 08:34 AM

තමිල්නාඩු දේශපාලකයන් පමණක් නොව සියලුම වට්ටෝරු නළුවන්ද ජනතාවද සිය ජාතිය වෙනුවෙන් පෙනී සිටිති . අපේ දේශපාලකයන් ජනතාව හා නළු නිළි කැල සිංහලකම ගැන පෙනී සිටින්නන් දඩු කඳේ ගැසීමට පුල පුලා බලාසිටිති. ජයලලිතා ජනයා නොමඟ යවා බලයේ සිටියත් බලය උදෙසා ජාතිය හා දෙමළ ජනයාගේ උරුමයන් පාවා නොදුන්නාය. ඔවුන්ගේ ඉදිරි පරපුරට කුස පුරා අහරක් නැතත් ජීවත්වෙන්නට බිමක් තිබේ. අපේ උදවිය බලය උදෙසා ජාතිය භූමිය හා දැයේ දරුවන්ගේ අනාගතයම බිල්ලට දෙති (නි)

:       0       0

කිත්සිරි Tuesday, 06 December 2016 08:45 AM

ජයලලිතාට මිනිස්සු මෙච්චර කැමති ඒකනේ (නි)

:       0       0

බන්දුල Tuesday, 06 December 2016 09:28 AM

තමන්ගේ ජාතිය පාවා නොදුන් කෙනෙක්ලු. ඒකට අපේ අය, ජාතිය විතරක් නොවෙයි අඹු දරුවොයි එක්ක රටත් පාවලා දේවි (නි)

:       0       0

බමුණු සිංහ Tuesday, 06 December 2016 09:31 AM

ජයලලිත දෙමළ ජනයා වෙනුවෙන් හඬ නැගුවේ ඉන්දියාවේ. එ්කට අපට කමක් නැත. ලංකාවේ සිටින සිංහල අයියලා දෙමළ අය වෙනුවෙන් හඬනගන එකනේ ඉවසන්න බැරි. (නි)

:       0       0

සමීර Tuesday, 06 December 2016 11:22 AM

තම ජාතිය වෙනුවෙන් කැප වුන කාන්තාවක්. අප රටට මොන දේ කලත්.. (ර)

:       0       0

සිසිර Tuesday, 06 December 2016 11:48 AM

ජයලලිතා නම් හදවත් දිනාගත්තා කියල ඔබතුමා පවසනවා. ඔබතුමා ඉතින් කවදාද මහජනතාවගේ හදවත් දිනාගන්නේ? (නි)

:       0       0

චින්තක Tuesday, 06 December 2016 11:48 AM

ඔය වගේ හදවත් දිනාගත් අය තව කොච්චර හිටියාද? (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 06 December 2016 04:56 AM

ඇගේ ජනයාගේ මහත් ආදරයටත් අපේ ජනතාවගේ මහත් වෛරයටත් පත්වූ නායිකාවක්. (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 06 December 2016 04:57 AM

අපේ රටට විනකරන අයට දඬුවම් ලැබෙනවාමයි (නි)

:       0       0

ගයාන් Tuesday, 06 December 2016 05:31 AM

මහා තමිල්නාඩුවේ සිතියමට ලංකාවේ උ/නැ අයත්. ඒවා හැදුවේ ඔය අයම තමයි. ඉතින් මොන එහෙකටද අපි ශෝකය ප්‍රකාශ කරන්නේ? (නි)

:       0       0

නිරූ Tuesday, 06 December 2016 05:32 AM

ඔව් දිනාගත්තා තමයි. හැබැයි ඒ බෙදුම්වාදී තමිල්නාඩු ජනතාවගේ. (නි)

:       0       0

දිලාන් Tuesday, 06 December 2016 06:08 AM

කාටවත් මුල මතක නැහැ වගෙයි. (නි)

:       0       0

සේනක Tuesday, 06 December 2016 06:10 AM

ඇයව මහා ඇමතිනිය ලෙස සයවරක් ඔසවා තැබුවේ තමිල්නාඩුවේ දුක්විඳින අහිංසක ජනතාව බව ඔය කොයි කවුරුත් මෙනෙහිකළ යුතුයි. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 06 December 2016 06:12 AM

ජයලලිතාව පැත්තකින් තියමු. අපේ ජන නායකයෝ ජනතා හදවත් දිනාගෙන ඇද්ද? (නි)

:       0       0

විකෝ Tuesday, 06 December 2016 06:18 AM

දැන් සිටින සමහර නායකයින් මෙන් තම ජාතිය පාවානොදුන් නායිකාවක් (නි)

:       0       0

මහින්ද Tuesday, 06 December 2016 06:46 AM

ජන හදවත් දිනාගන්න එක හැමෝටම කරන්න බැහැ (නි)

:       0       0

උපේක Tuesday, 06 December 2016 06:45 AM

අපේ රටිනුත් අවමඟුල් උත්සවයට යයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1537 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2049 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1522 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8608 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2480 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10527 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40125 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site