(රංජන් කස්තුරි)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීරඝ නොකරන බව ද වාජින බැංකු කියයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා වාර්ෂිකව සියයට 15ක ඉහළ ප්‍රතිශතයක් ලබාදීමට වානිජ බැංකු වසර ගණනාවක සිටම කටයුතු කළේය.
මේ පිළිබඳව කළ විමසුමකදී වානිජ බැංකුව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂ 15ක් තැන්පත් කරන්නන්ට මේ වන විට සියයට 23ක පොලී ප්‍රතිශතයක් ලබ ගත හැයි.
එම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් අහිමි කිරීමෙන් තැන්පත් කරුවන්ට පාඩුවක් නොවන බව ද ඔහු කීය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුව අවලංගු කරයි
පේදුරැ Sunday, 16 October 2022 03:05 PM
ලක්ෂ 15ක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද? ලක්ෂ 5 කටවත් සියයට 15 දෙනවා නම් බෙහෙත් ටික ගන්නවත් යාන්තම් ඇතිවේවි. මෙම උපදෙස් දෙන අයට වැහි නැති හෙණ නොගහනවා නම් තමයි පුදුමේ.
සමන්Monday, 17 October 2022 04:20 AM
එහෙම තමයි තිබුණේ. උපරිමය ලක්ෂ 15යි. තමුන්ට තියෙන්නේ රුපියල් 50,000 නම් ඒකත් දාලා 15% ලැබුණා. දැන් ඉතින් ඒක ඉවරයි. කලිනුත් ඕක රනිල් නවත්වන්න ගියා. එක පාරක් නවත්වලා මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වෙලා ඒ වැඩේ නැවැත්තුවා. ඒ නිසා තමයි අපි මේ වනතුරු 15% ගත්තේ. දැන් ඉතින් ඔය ඉහළ පොලී හැමදාම තියෙන්නේ නැහැනේ. උද්ධමනය වැඩි නිසයි පොලී වැඩි. උද්ධමනය අඩු කරගත්තොත් අනිවාර්යයෙන්ම බැංකු පොලිය පහළට දාන්න වෙනවා. ඒ තමයි මුදල් පාලන ක්‍රමය. එතකොට ඉතින් 23% තියා 15%ක් නෙවෙයි ගිය අවුරුද්දේ වගේ 5% ඉන්නයි වෙන්නේ. හැබැයි බඩු මිල අඩුවෙන්නත් ඕනා. නමුත් එහෙම වෙයිද දන්නේ නෑ.
Prabha Sunday, 16 October 2022 03:50 PM
ඕකෙන් වෙන්නේ වැඩි පොලියක් හොයන්න ගිහින් ජාවාරම් කාරයින්ට රැවටෙන එක...
Bamunuarachchi Sunday, 16 October 2022 05:09 PM
ජ්‍යෙෂ්ඨ නිලධාරියා කාවද මේ ගොනාට අන්දන්නේ? ලක්ෂ 15 අඩු පොලියට බැංකුවේ තිබෙනවා නම් රජයටනේ වාසි. අපිට වාසි අරන් දෙන්නද මේ අය ලැහැස්ති වෙන්නේ? මේ හරකා හැරෙන්නේ අපේ තැන්පත් පොලිය කන්නයි. දෙන්නම් උඹලාට කන්න බලන් ඉන්න. අපිටත් තිබෙනවා ක්‍රම සහ විදි. සත 5 රටට එවන්න ඉඩ තියන්නේ නැහැ...
pradeepMonday, 17 October 2022 07:06 AM
අනේ බන් ගල් බමුණෝ,උඹ එවන්නේ නැතිව හිටපන් .උඹ අපිට සල්ලි එවුවේ නැහැනේ .ගෑනිට ළමයින්ට එවුවා මිසක් .ඕනේ නම් එවපන්.එපානම් නිකන් ඉඳහන්
සුරංග Sunday, 16 October 2022 06:34 PM
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඔය කියන තැන්පතු ක්‍රමය අවලංගු කරන්නේ නැහැ කියලා ආරංචියක් ලැබුණා.. ඒක ඇත්තද?
Kamal Sunday, 16 October 2022 09:34 PM
දේශපාලුවන්ට පෝස්ටර් ගහපු අතපය හතර හොඳට වැඩ කරන තරුණයන්ට කිසිම රාජකාරියක් නැති රජයේ පින් පඩි රැකියා දීල මහජන මුදලින් නඩත්තු කරනව. මහලු අයට මෙහෙම සලකනව.
පුණ්‍යදාස රත්නායක Monday, 17 October 2022 05:14 AM
ජ්‍යේෂඨ පුරවැසියන් වෙනුවෙන් ඇරඹූ ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් අත්හිටුවීම මේ සමාජයේ ජීවත් වෙන තරුණ කාලයේ රටට දැයට තමන්ගේ අනාගත සුරක්ෂිත භාවය නොතකා පුද්ගලික අංශයේ දීර්ග කාලයක් දහඩිය හෙලූ දැනට වියපත්, අසරණව සිටින මොහොතේ මේ මහලු පුරවැසියන්ට කරන මහ පොලොව නොහුලන අසාධාරණයකි. මෙතෙක් කල් ඔවුන් තමන්ගේ මාස්පතා මිලට ගන්නාවූ බෙහෙත් ටික ගත්තේ මේ ගිණුමට පින්සිදු වන්නටය.මෙය වහාම ක්‍රියාත්මක නොකරන මෙන් ඉල්ලමි.
Rohana Monday, 17 October 2022 07:51 AM
ජ්‍යෙෂ්ඨ නිලධාරියා පොඩිදෙයක් හැංගුවා. දැනට 23% වාර්ෂික පොලියක් ගෙව්වත් මේ පොලී අනුපාත යම් කාලකදී 15% ටත් අඩුවෙන්න පුළුවන්. එය සිදුවන්නේ රටේ උද්ධමන අනුපාතිකය අනුවයි. මේ කාලයේ උද්ධමනය ඉතා ඉහල අනුපාතිකයක් වන නිසා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට අනුකූලව තැන්පතු සදහා ඉහල පොලියක් ලැබෙනවා. උද්ධමන අනුපාතය යම් දිනකදි තනි ඉලක්කමට වැටුනොත් පොලී අනුපාතයත් තනි ඉලක්කමේ පවතිනවා.
ජානක ජානක ඕපනායක Monday, 17 October 2022 08:37 AM
හොඳ වැඩක් ඕක
asanka Monday, 17 October 2022 12:12 PM
ලක්ෂ 20 ට වැඩි නම් විතරයි ලොකු පොලියක්... 20 ට අඩු ඒවට 16% යි...