IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘‘ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට 15% ක ස්ථාවර පොළියක් ලබාදී ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අඛණ්ඩව හඬ නගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ජීවිතයේ සැදැ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15%ක පොලි ආදායම මේ වන විට 6%ට 8%ට පහත දමා ඇති බවත් මොවුන් දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

එම පොලි අනුපාත අඩු කර ඇති මොහොතක වැඩිහිටියන්ට අත්වන ඉරණම පිළිබඳ සියලුම දේශපාලනඥයන් අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ හඬ නඟා එම පොලිය 15%ට ලබා දෙන ලෙස යෝජනා කළ බවත් එම යෝජනාව මහපොළොවේ යථාර්ථයක් වී ක්‍රියාත්මක වන තෙක් තමා ඒ වෙනුවෙන් හඬ නගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දූදරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ට අදාළ රැකවරණය හා පහසුකම් ලබා දීම ශිෂ්ඨසම්පන්න ජන සමාජයක තිබිය යුතු උතුම් ගුණාංගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 



අදහස් (6)

‘‘ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිනවා‘‘

pj Friday, 05 April 2024 05:38 AM

ඔව් ඔව් තමන්ගේ පවුල්වලත් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ගොඩක් ඇතිනෙ. දුප්පත් ජ්‍යෙෂ්ඨ පුරවැසි අයගේ ගිණුම්වලට නම් 15% දැනෙන එකක් නැහැ. තමනුත් දැන් පෙර විශ්‍රාමික වයසෙනෙ. අදහස නරකමත් නැහැ. දුර දිග බලල වැඩ කිරීම අගය කළ යුතුයි

:       5       1

Bamunuarachchi Friday, 05 April 2024 06:11 AM

මහින්ද මහතා ඕවා කිය කියා කරපු දේවල් නොවෙයි. මහ බැංකු හැත්ත ලක්ෂ ගණන් වලින් පඩි වැඩිකර ගත්ත හැබැයි 15% පොලිය නැතිකර දම්ම. මේ සල්ලි වලින් අපි ලෝකේ පුරා විනෝදගමන් ගියේ නැහැ. මේ කාල් හැදෙන ලෙඩ වලට බෙහෙත් ගත්තා. රනිල් බොට දෙන්නම් චන්දෙ බලාගෙන හිටු.

:       3       8

චමින්ද Friday, 05 April 2024 11:40 AM

බමුණෝ ඔබේ මහලොකු මහින්ද මහත්තයා කොහේද හලෝ... 15% බැංකු පොලිය දුන්නේ... ඒක දුන්නේ රවී කරුණානායක ඇමැතිවරයා මුදල් ඇමැති ලෙසට තමයි... තමුන්නැහැ නොදන්නවා ඇති ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක් තියෙනවා... ඒ අනුව විමසා බැලුවොත් ඔබට 15% පොලිය දුන්නේ කවුදැයි තේරුම් ගන්න පුළුවන් වේවි...! 

:       0       4

අනිල් Friday, 05 April 2024 08:56 AM

මෙයා බලයට පත් චුනොත් පොලී අනුපාත වැඩිකරලා හොද පිස්සුවක් නටයි. ගෝටගේ පෝර කතාව වගේ. බැලුවහම ආර්ථිකය ගැන කතා නොකරන ජෙප්පො තව හොදයි.

:       5       4

Roshan Friday, 05 April 2024 12:12 PM

අනේ මේ.... ඔක්කොටම කලින් උඹේ අම්මව මේ රටේ මිනිස්සුන්ට බරක් වෙලා ඉන්න එක නවත්තපන් කයිවාරු ගහන්නේ නැතුව

:       3       1

අප්පුහාමි Friday, 05 April 2024 03:27 PM

විපක්ෂයේ නායකතුමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% පොලිය අහිමි කලේ 2023 ජනවාරි මාසයේ සිට තමයි ඒත් ජනාධිපතිවරණයට මාස පහක් තරමට ලංවෙන තුරුම ඔහේට ජ්‍යේෂ්ඨ පුරවැසියන් අමතක වුණා එහෙම වුණත් ඔබතුමාට මතක් වීම ගැන සතුටුයි.. ඊළඟට කියන්න ඕනෑ ඔය පොලියෙන් කපාගත් මුදල් ආපසු ගන්න මාස තුනකට වරක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්න කියලා නියෝගයක් තියෙනවා... ඒක හරියට වැරැදි කරුවෙක්ට සතිපතා පොලිසියේ පෙනී සිටින්න කියනවා වගේ වැඩක්... ඒ දඬුවම ගැනත් අවධානය යොමුකර අපිට සහනයක් සලසා දෙනවා නම් හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 1 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 1 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 10 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 44 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 48 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2316 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site