IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ෆයිසර්වලින් තෙවැනි මාත්‍රාවක් ඉල්ලයි

(බිඟුන් මේනක ගමගේ)

රට විවෘත කිරීමේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් වයස අවුරුදු 60ට වැඩි පිරිසට ෆයිසර් එන්නතින් තුන් වැනි මාත්‍රාවක් ලබාදීමට ප්‍රමුඛතාව දෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

වයස අවුරුදු 60 ඉක්මවූවන්ට සයිනොෆාම් එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිකරණය අඩු බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා  පැවැසීය.

 සයිනොෆාම් එන්නත ලබාදුන් අවුරුදු 60 ඉක්මවූවන්ගෙන් සියයට 7ක පිරිසකට ප්‍රතිශක්තිකරණයක් වී නොමැති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකින් හෙළි වී ඇතැයි කී හෙතෙම එම අඩුව පිරවීම සඳහා සුදුසුවන්නේ ෆයිසර් එන්නත යැයි අවධාරණය කර කීය.

කොවිඞ් ආසාදිතව මියගිය අයගෙන් සියයට 19ක් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයන් යැයි ද ඔවුන්ගෙන් බහුතරය සයිනොෆාම් එන්නත ලබා දුන් අවුරුදු 60 ඉක්මවූවන් බවට නිරීක්ෂණය වී ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.

සංජානීය ආබාධ සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් පසුව එහි සෙසු තොග මෙම වැඩිහිටි පිරිසට තුන් වැනි මාත්‍රාවක් හැටියට ලබාදීම ඒ අනුව ප්‍රමුඛ විය යුතු යැයි විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කීය.

ලෝකය පුරාම දරුවන්ට එන්නත්කරණය සිදුවන්නේ කොවිඞ් වයිරසයෙන් ඔවුන්ට ඇතිවන සංකූලතාවලට වඩා ඔවුන්ගෙන් අනෙක් සමාජ කොටස්වලට රෝග ව්‍යාප්තිය වැලැක්වීම මූලික අරමුණ කරගෙන යැයි කී හෙතෙම මෙම ප්‍රමුඛතා පටලවා නොගත යුතු යැයි ද අවධාරණය කළේය.

රජය දැනට මෙම වැඩිහිටි පිරිසට නිසි අවධානයක් යොමු කර නැති නමුත් ඇතැම්විට ඊළඟ අවදානම්සහගත තත්ත්වය නිර්මාණය කරනු ලබන්නේ එම පිරිස විසින් වීමට ඉඩ ඇතැයි ද ප්‍රනාන්දු මහතා පැවැසීය.

කොවිඞ් වයිරසයෙන් මිය ගිය මෙරට වයස අවුරුදු 12 ට වැඩි ළමයි සංඛ්‍යාව 7ක් යැයි ද එයින් පස් දෙනෙකුම විවිධ රෝගපීඩාවලට ලක්වූවන් යැයි කී හෙතෙම ප්‍රතිපත්ති සකසන්නන් මෙම කරුණු ගැන අවධානය යොමුකළ යුතු යැයි ද කීය.

සයිනොෆාම් එන්නත තරුණ පිරිස්වලට හොඳ ප්‍රතිශක්තිකාරකයක් යැයි ද එම පිරිස් එය ලබානොගෙන ෆයිසර් එන්නත පසුපස යාම කිසිදු විද්‍යාත්මක පදනමක් නැති කනගාටුදායක තත්ත්වයක් යැයි ද ඒ මහතා කීවේය.

සීත සෘර්තුවේදී සංචාරකයන්ට ලංකාව හොඳ වාසස්ථානයක් වනු ඇත්තේ මෙම විද්‍යාත්මක දත්ත මත තීන්දු ගතහොත් යැයි ද විවිධ කණ්ඩායම්වල වුවමනා එපාකම් අනුව ගනු ලබන තීන්දු නිසා නැවතත් රට අවදානමකට වැටිය හැකි යැයි ද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ෆයිසර්වලින් තෙවැනි මාත්‍රාවක් ඉල්ලයි

Bamunuarachchi Monday, 27 September 2021 05:55 PM

අන්න නියම යෝජනාව... මෙන්න අපේ මොරාල් සපෝට් එක....

:       2       1

අගුපිලගේ රවීන්ද්‍රTuesday, 28 September 2021 07:28 AM

රාජ්‍ය ඇමති බමුණු ආරච්චිටත් චන්න ඇමතිටත් සුව ඇමතිවරයාටත් සයිනොෆාම් සුදුසු එන්නතක් නොවන බව නොතේරීම රටේ අවාසනාවකි

:       0       0

BamunuarachchiTuesday, 28 September 2021 05:48 PM

කව්ද සයිනොෆාම් සුදුසු නොසුදුසු කතාවක් මෙතන කළේ? සයිනොෆාම් අප්සෙට් ගිහිල්ලා වගේ..

:       0       0

අතුල Monday, 27 September 2021 06:16 PM

ඕක 60 පැනපු මහලු දේශපාලකයින්ට තමයි 3 වැනි මාත්‍රාව ඕනෑ වෙලා තියෙන්නේ. අවුරුදු 60 ට වැඩියි කියන්නේ, 70 සහ 80 ගණන්වල අයත් ඔයිට අයිතියි. ඔය කට්ටිය කෙසේවෙතත් තව අවුරුදු 50-60ක් රට වෙනුවෙන් ජීවත් වෙන්න ඉන්න... "ළමයින්ට දෙන්න".

:       4       1

BamunuarachchiTuesday, 28 September 2021 05:51 PM

60 වෙනකන් ඉන්නේ නැති බව දැන්ම තේරිලා වගේ... පව්!

:       0       0

Fedric Monday, 27 September 2021 08:12 PM

ඔය අර සයිනොෆාම් ගෙනත් විදින්න දෙන්නේ නැතුව මාස 3ක් ෆ්‍රීසර් වල දාගෙන ඉන්න වැඩ සලස්වපු කිඹුල් පරපුරේ නෑයෙක්. මෙයාලගේ ඒ වැඩෙන් අහිංසක ජීවිත.. නෑ එක්කෝ ඕනැ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 875 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 5153 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5194 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13769 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4702 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 628 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1707 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site