බෙල්ජියම් බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත මොන්ටානා සමුළුවට සහභාගී වූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කිසිදු අවස්ථාවක එම සමුළුව අමතා නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
2013.10.25 වැනි දින ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පළ වූ පුවතක් ගැන කරුණු පැහැදිලි කරමින් ඒ මහතා එසේ කියයි.
පොලිස් දෙපාර්තමේන්තුව හා මහජනයා අතර මිතුරු සබඳතාවය වර්තමානයට වන විට ඉතාමත් දුර්වල තත්ත්වයක පත්වී ඇති බවට කිසිදු ප්‍රකාශයක් ජයසුන්දර මහතා කර නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි විශ්වාස කරන්න ඕනේ කවුද? (ස)
කෙසේ වෙතත් වැදගත් වන්නේ පුජිත ජයසුන්දර මහතා තම කාර්යය අකුරට ඉටු කරන අති දක්ෂ පොලිස් නිලධාරියෙක් යන්නයි. එතුමා පොලිසියට සම්පතකි. (ස)
එහෙම බොරු කරන එක හරි නරකයි (නි)
කිවුවත් නොකිවුවත් ඒක තමයි ඇත්ත (නි)
පුදුම කතාවක්නේ. (නි)
දැන් එතකොට එහෙම නොකියපු එක ජනතාවගෙන් පැත්තෙන් හොඳයිද? නැත්නම් ඔබතුමාලගේ පැත්තෙන් හොඳයිද? නැත්නම් පාලකයන්ගේ පැත්තෙන් හොඳයිද? (නි)
එයා එහෙම නොකිවුවා නම් ලොකු වරදක් නේ කරලා තියෙන්නේ. (නි)
ඔය හුඟක් රාජ්‍ය තාන්ත්‍රිකයෝ විදේශ සමුළුවලට,වැඩ සටහන් වලට කියල රජයේ වියදමින් ගියාට ගිහින් ෂොපින් යනවා යාළුවො එක්ක සෙට් වෙනවා, ඇවිදිනවා, තරු පන්තියේ හෝටල්වල නිවාඩුවේ ඉඳලා එනවා, කාලා බීලා නිදාගන්නවා, එච්චරයි. රට වෙනුවෙන් කතා කරන්නේවත් නැහැ. ඕකට ඉතින් ඉරිසියා වෙන් කතා කරන්න හොඳ නැහැ . එක ඒගොල්ලන්ගේ වාසනාව. මේක අපේ අවාසනාව.(දිල්)
එහෙම කතාවක් කළා නම් ඒකේ වීඩියෝ එක ඇතිනේ. එහෙම නැත්නම් අපිට පිළිගන්න වෙන්නේ අජිත් මහත්තයා කියන එක . (නි)
පොලිසියයි මහජනතාවයි අතර කිව යුතු තරමේ සම්බන්ධතාවයක් ලංකාවේ තියෙනවා යැ. අනික ලංකාවේ ජයසුන්දර කයිවාරු ගැහුවාට රට කවුරුත් ඕවා අහන්නේ නෑ. ඒක එතුමා දන්නවා. ඒකයි කට ඇරලා නැත්තේ . ලංකාවේ නම් පොලිස් පොඩ්ඩෝ හරි අහ ගෙන ඉන්නවා. (නදී)
ඔයගොල්ලම කතා කලා කියනවා ආයෙත් කතා කලේ නැහැ කියනවා. (නදී)
පොඩි අමතක වීමක්. හොයලා බලන්න ඕනේ මොකද අපට කතා කරන්න තහනම් කලේ කව්ද කියාලා.(නදී)
ඔය කතාව අර ගොරක දඩමස් කිරීම හා දඩමස් ගොරක කිරීමක් වගෙයි .ජයසුන්දර මහත්මා ඉදිරියට එනවට අකමැති අයත් ඉන්නවා නේද ? (ස)
පුජිත ජයසුන්දර යනු ආදර්ශමත් පොලිස් නිලධාරියෙකි. ඔහුට කවුරු මඩ ගහන්න හැදුවත් පොදු ජනතාව ඔහුව හොඳින් අඳුනනවා. (ස)
ජයසුන්දර මහත්තයා කියල තියෙන්නේ ඇත්තනේ. (ස)