IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ජෝර්දානයේ ඇඟලුම් කම්හලක ශ්‍රී ලාංකිකයන් 350 කට කෙරෝනා

( තිළිණි ද සිල්වා )
ජෝර්දානයේ ‘අම්මාන් නුවරට‘ ඈතින්  පිහිටි එරට කර්මාන්ත පුරයක ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා  අද  (04) ලංකාදීපයට පැවසීය.
 
එලෙස කොරෝනා වයිරසය ආසාදනය වී රෝගාතුරව සිටින ලාංකිකයින් පිරිස අතුරින් එක් අයෙකු ඊයේ (03) ජීවිතක්ෂයට පත් වී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 
මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත්තේ කුරුණෑගල පදිංචිකරුවෙක් යැයි ද පැවසේ. රෝගාතුරවූ ඇඟළුම් කම්හලේ සේවයේ නියුතු ලාංකිකයින් 350 දෙනා මේ වනවිට එම කර්මාන්ත පුරය පිහිටි ජෝර්දානයේ මළ මුහුද වෙරළ තීරයට ආසන්නයේ එරට රජය විසින් සැකසූ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා අදාළ ප්‍රතිකාර සිදු කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
 
මොවුන් පිළිබඳ සොයා බැලීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක්ද ඊයේ  (03) දිනයේ අදාළ ස්ථානයට ගිය අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර එරට සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් සොය බලමින් සිටින බවද මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
මියගිය පුද්ගලයා සේවය කළ ජෝර්දාන් ඇගළුම් කර්මාන්ත ශාලාව පිහිටි කර්මාන්ත පුරයේ  සේවය කරන 1200 ආසන්න පිරිසක්  සේවය කරන අතර ඉන් 400 දෙනෙකු ලාංකිකයින් වන අතර  ඉන් 350 කට පමණ මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ගෙන ඇත.
 
මොවුන් සියලු දෙනාම එම කර්මාන්ත ශාලාවල පිහිටි නේවාසිකාගාර වල නවාතැන් ගෙන සිටීම නිසා මෙම වයිරස සීඝ්‍රයෙන් පැතිර යන්නට ඇතැයි විශ්වාස කරන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා කීය.



අදහස් (2)

ජෝර්දානයේ ඇඟලුම් කම්හලක ශ්‍රී ලාංකිකයන් 350 කට කෙරෝනා

බද්රානි Sunday, 04 October 2020 05:09 PM

ඕමාන් රජයේ වියදමින් කොරෝනා රෝගයට බෙහෙත් කරගෙන අතේ ඉතිරි වෙලා ඇති මුදල කරුණාකර ලංකාවට එවන්න. ලංකාවට විදේශ විනිමය අත්‍යවශ්‍ය මොහොතකයි. අපි දැන් ඉන්නේ. දේශප්‍රේමී ලාංකිකයින් මැරෙන මොහොතේ පවා පාලකයින්ට කඹුරන්න ඕනා. නැත්නම් ලබන ආත්මයේදී වත් ආයේ මේ පින් බිමේ උපදින්න වරම් ලැබෙන්නේ නැහැ?

:       1       0

de silva Monday, 05 October 2020 05:59 AM

මුදල් ගෙවලා හෝටල්වල නිරෝධානය වෙන්න පුළුවන්. පුළුවන් කෙනෙක් ණයට හරි මුදල් අරන් හෝටල් වල නිරෝධානය වෙන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 368 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1347 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 2730 2

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1829 2

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 616 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1502 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23354 30


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1823 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site