IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ජෙරම්ගේ මව්පියෝ සමාව අයදිති

බුදුරජාණන් වහන්සේට සහ දේශනාවට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරම් ප්‍රනාන්දු මහතාගේ මව සහ පියා මහා සංඝරත්නය හමුවේ අද සමාව ඉල්ලා සිටිය.

ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන් බැහැදුටු එම දෙපළ පුතාගේ ප්‍රකාශයෙන් බුදු දහමට මෙන්න බෞද්ධ ජනතාවට වූ අපහාසයට සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවත් සිය දරුවා වෙනුවෙන්  මහා සංඝරත්නයෙන් මෙන්ම සමස්ථ බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රතිඤ්ඤා දුන්හ. තමන්ට මෙම අවස්ථාව ලබාදිම සම්බන්ධයෙන් තමන් මහා සංඝරත්නයට ස්තුති වන්ත වන බවත් සියලු දෙනාගෙන් කෝටි වරයක් සමාව අයදින බව ද ජෙරම් ප්‍රනාන්දු ගේ මව පැවැසුවාය.

තමන් කළ වරද පිළිගෙන ඒ සම්බන්ධයෙන් සමාව අයදැන්නේ නම්  ඊට සමාදීමට බුදුරජානන් වහන්සේගේ ධර්මය තුළ ඉඩක් ඇති බවට ඊට කිසිදු බාධාවක් නැතැයි ඕමල්පේ සෝභිත හිමියෝ මෙහිදි ප්‍රකාශ කළහ.

ඉතාමත් සුහද ශීලිව සාකච්ඡාව පැවැති බව නා හිමියෝ ප්‍රකාශ කළහ.

 



අදහස් (10)

ජෙරම්ගේ මව්පියෝ සමාව අයදිති

යෝගා Saturday, 19 August 2023 11:12 AM

ඕමල්පේ හාමුදුරුවෝ සියලු බෞද්ධයින්ගේ නායකයා වුනේ කවදා ඉඳන්ද? නඩු ඉල්ලා අස් කරගන්න එපා...

:       32       176

Gunendra Saturday, 19 August 2023 04:30 PM

ඔබත් සමග එකඟයි...

:       50       9

පැරකුම්Sunday, 20 August 2023 01:41 PM

අට පිරිකර ගණන් කරමින් මුණිවත රකින නිසා නොවැ දේශපාලු හාමුදුරුවෙක් ළඟට ගිහින් තියෙන්නේ...

:       0       0

මහසෙන් Saturday, 19 August 2023 11:37 AM

හරි සියලු පව් කමා වුණා. මේ ස්වාමීන් වහන්සේ තමයි සියලු දේ තීරණය කරන්නේ. පුතා කළ දෙයක් වෙනුවෙන් සමාව ඉල්ලන්න දෙමාපියන්ට ගිය කාලයක්. මේ සිද්ධිය වුණු කාල සීමාවේදීම මේ දිවැසිවරයා කිව්වනේ එයා ලංකාවට එනවා. මේ කීව දේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. අන්තිමට ලෝයර්ලා පෙනී උන්නා දිවැසිවරයා වෙනුවට. අපේ පොලිසිය ගුවන්තොටුපලේ පාලු මැකුවා ජෙරම් එවී කියලා. මාර නාට්‍ය තමයි මේවා. මේත් ඒ නාට්‍යයේ ජවනිකාවක්. මේ දවස්වල ඕක බලන්න වේලාව නෑ.13 වෙනි සංශෝධනය පෙන්වනවා. ඒක බලන්න ඕනෑ අපිට...

:       1       44

මැක්ස් Saturday, 19 August 2023 12:27 PM

සිංහල බොදු බලය ඉවරයි කියලා පාරම්බාපු උන්නාන්සේ ළඟටම ගිහින් සමාව ඉල්ලපු එකනේ බොලේ වැඩේ! කුමන්ත්‍රණ කරලා සිංහල බොදු නායකයින්ව ඉවත් කළ පලියට සිංහල බොදු බලවේගය මේ රටේ ඉවර නැහැ සහ ඉවර කරන්නත් බැහැ කියන එකට හොඳ සාධකයක් මේ බොරු සමාව ගැනිල්ල....

:       5       51

darma Saturday, 19 August 2023 03:02 PM

ගෞරවයක් තියෙන ස්වාමීන් වහන්සේලා මෙච්චර ඉද්දී සමාව ගන්න ගිහින් තියෙන්නේ දේශපාලුවෙක්. NGO ලොක්කෙක් හිටපු මන්ත්‍රී කෙනෙක් සහ අරගල නායක සිවුරු දරන්නෙක් ගාවටනේ...

:       3       45

Deepal Nirosh Saturday, 19 August 2023 04:07 PM

ජෙරම් ප්‍රනාන්දු, දෙමව්පියන්, මෙකී නොකී හැමෝම නාටකයේ නළු නිළියන් පමණයි. තාම අධ්‍යක්ෂකවරයා කවුද කියලා හඳුනාගන්න බැරි වුණා. අර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වගේ හැමදාම හොය හොයා ඉන්න පුළුවන්...

:       2       20

ගමේ එකාලා Saturday, 19 August 2023 04:27 PM

හරි නම් සමස්ථ ජනතාවගෙන්ම සමාව ගන්න ඕනේ.. ජෙරම් කියන එක්කෙනා මිසක් දෙමාපියන් නොවේ...

:       3       28

Bamunuarachchi Saturday, 19 August 2023 08:54 PM

මේකත් හරියට රන්ජන් ගොයියාගේ කතාව වගේ... වැරැද්ද කළ කෙනා නොවෙයි සමාව ඉල්ලන්නේ වටේ ඉන්න අය... පව් සමා කිරිල්ලක් අපේ නැහැ. කල පව්වලට කරුමේ ගෙවන්න ඕනේ.

:       0       2

පැරකුම් Sunday, 20 August 2023 11:34 AM

මොකවත් වෙන්නේ නෑ. අර දළදාවට අපහාස කරපු “සේපාල්” වගේ යහතින් ඉඳීවි. බෞද්ධ ආගමික බලධාරින් නිහඬයි. එයාලාට අටපිරිකර ලැබෙනවානේ...! 

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 10 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 177 0

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1413 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 208 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 472 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 554 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1384 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site