(විනීතා එම් ගමගේ)
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ශාඛාවන් දුෂ්කර පළාත්වල ආරම්භ කිරීමට අවශ්‍ය වන ප්‍රතිත්තිමය කරුණු හා උපාය මාර්ගික කරුණු ඇතුළත් වාර්තාවක් ඉක්මණින් ලබාදෙන්නැයි නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ආයතනයේ නිලධාරින්ට උපදෙස් දී ඇත.
එම ආයතනයට ඇති ඉල්ලුම වැඩි කරමින් රටේ දුෂ්කර පළාත්වලට එය ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම වාර්තාව ලබා ගන්නා බව ද ඇය පවසා ඇත.
අමාත්‍යවරිය මේ වාර්තාව ඉල්ලා ඇත්තේ පසුගියදා එම ආයතනයේ කළ නිරික්ෂණ චාරිකාවකින් පසුවය.
පාසල් අධ්‍යාපනයේ බැහැර වන නිපුණතාවක් නොමැතිව සමාජගත වන තරුණ පිරිස ආකර්ශනය කර ගත හැක්කේ මෙම ආයතනය වැනි ආයතනවලින් යැයි ද ලංකාදීපයට අදහස් දක්වමින් ඇය කියා සිටියාය.
කෙසේ වෙතත් රටේ විවිධ පළාත්වලට ගැලපෙන ආකාරයෙන් ප්‍රාදේශීය විෂමතාවයන් හඳුනාගනිමින් කටයුතු කළ යුතු ආකාරයත් ඇතැම් ප්‍රතිපත්තින් එයට ගැලපෙන ආකාරයෙන් සංශෝධනය කර ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳවත් කඩිනම් වාර්තාවක් තමන් බලාපොරාත්තු වන බව ද ඇය කීවාය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජර්මානු තාක්ෂණ අභ්‍යාස ආයතනයේ ශාඛා රට පුරා අරඹනවා
sena Thursday, 20 August 2020 11:37 AM
දැනට එළියට ඇවිත් ඉන්න කට්ටියට අවශ්‍ය ප්‍රමාණයට රස්සා තියෙනවද?
විජේThursday, 20 August 2020 01:02 PM
එහෙම කියලා තව මනුස්සයෙක්ට ඉගෙනගන්න අවස්ථාව නොදී ඉන්න බෑනේ මහත්තයෝ...
වික්‍රම Thursday, 20 August 2020 01:21 PM
ජර්මන් ටෙක් එකෙන් එළියට එන මිනිස්සුන්ට ලංකාවේ ජොබ් වැඩක් නැහැ. ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල කෙලින්ම එන්නේ හොයලා බලන්න. ජර්මන් ටෙක් කට්ටිය කොතරම් ප්‍රමාණයක් පිටරටවල ඉන්නවද කියලා...?
ABCThursday, 20 August 2020 01:40 PM
මෙයාට වෙදකම ගැන තනතුරක් නොදී, කර්මාන්ත ගැන තනතුරක් දෙන්නේ මන්ද?
BamunuarachchiFriday, 21 August 2020 12:48 PM
වෙන වැඩක් නැහැනේ... උගන්නලා රස්සාවලුත් හොයලා දෙන්නලු.. රැකියා සොයාගැනීම තමුන්ගේ දක්ෂතා අනුව වෙන දෙයක්... ඊළඟට අහයි උගත්කමයි, රැකියාවයි, දෙකම තියෙනවා... බැරිද කසාදෙකුත් කරලා දෙන්න කියලා..? වෙන රටවල අධ්‍යාපනය ලබන්නත් වියදම් කරලා... මේ අය හැමදේම පිනට අතළඟට ගෙනත් දෙනකල් බලාගෙන ඉන්නවා.
empire21 Thursday, 20 August 2020 11:44 AM
ඒත් ජර්මනිය මේ ආණ්ඩුවට කියන්නේ... ‘‘ හෙරොයින් කාරයින්ගේ ආණ්ඩුව‘‘ කියලයි.
Kumar (Galf)Thursday, 20 August 2020 12:09 PM
එම්පයර්.., ඔයා සීනු කාරයෙක් කියන එක නම් දාලා තියෙන අදහසින්ම පේනවා. සාමාන්‍යයෙන් සීනු කාරයින්ගේ ජානවල ලක්ෂණයක් තමයි මොන හොඳ වැඩේ කරන්න ගියත් ඒකට වැරැද්දක් කියන එක හරියට චව්.චව්. වගේ (කොහොමත් ඔයගොල්ලො වඳවී යන සත්තු කොට්ඨාශයක්නේ)... අර ඔයාලගෙ අනුර කුමාරත් ජවිපයට මුක්කු ගැහුවා. රනිල් වික්‍රමසිංහ හදපු කැඳහැලි ආණ්ඩුවට නම් ජර්මනිය කියනවා කුඩ්ඩන්ගේ කැඳ හැලි ආණ්ඩුව කියලා. මොකද ඒක හැදුවේ ඔයාලා වගේ අය නිසා...
kap Thursday, 20 August 2020 12:12 PM
නෝනා, කාර්මික විද්‍යාල හෑම දිස්ත්‍රික්කයේම ඈති කරලා ඒකට සිසුන්ව බඳවාගෙන හොඳ දැනීමක් දෙන්න. හැම අමාත්‍යාංශයේම තියෙනවා අබලි වෙච්ච වාහන, මැෂීන්, යන්ත්‍රෝපකරණ... ඒවා සියල්ල මේ වගේ තැන්වල උගන්වන්න ගන්න. ජර්මන් ටෙක් එකයි ලංකාවටම තියෙන්නේ.. ඒකට ආධාර ලැබිලා ඕක පටන් ගත්තෙ ජර්මන් ආධාර ඇතුව... මේකෙ ඉගෙන ගත්ත අයගෙන් වැඩි දෙනෙක් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ..
jambo Thursday, 20 August 2020 12:15 PM
ඕවා නිකන් මේ ‘‘ රනිල් මහත්තයාගේ වොක්ස්වැගන්‘‘ කර්මාන්තය වගේ නේද?
Kumar (Galf)Thursday, 20 August 2020 01:53 PM
ඔව්, ජෙප්පන්ට නම් එහෙම තමයි...
jagath#02Saturday, 22 August 2020 07:42 AM
හොඳයි, තාම මේ බෙරේ එල්ලගත්තා විතරයිනේ.. ගහලා පෙන්නන්නකෝ... අඩුමගානේ ‘‘ බෙරේ පලුත් නැහැ.. නටපු නැටුමකුත් නැහැ..‘‘
Lakmal Thursday, 20 August 2020 01:23 PM
කාර්මික දැනුම ගන්න තියන හොඳම තැන අන්තර්ජාලය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය චිත්‍රපට බලන්න අනිලිමිටඩ් දත්ත දෙනවා. ඒත් ඉගෙන ගන්න දේට අසාමාන්‍ය විදියට ගාස්තු කරනවා. මේ අසාධාරණයට විසඳුමක් දෙන්න.
samantha Thursday, 20 August 2020 01:32 PM
රටපුරා කලා උපාධි ප්‍රදානය කරන විශ්ව විද්‍යාල ඇති කරන්නේ නැතිව, තාක්ෂණ විද්‍යා ආයතන බිහිකිරීම හොඳ දෙයක් යයි සිතමි. මෙවැනි ආයතන දුෂ්කර පළාත්වල ඇති කිරීමෙන් සිසුන්ට අධ්‍යයන කටයුතු සඳහා සැමවිටම කොළඹට පැමිණිය යුතු නැහැ. නමුත්, මේ ආයතනවලින් ඉගෙනුම ලබන අයට රැකියා අවස්ථා ඇති කිරීමට නම් පුද්ගලික අංශයේ හවුල්වීම අත්‍යාවශ්‍යයි.
samira Thursday, 20 August 2020 02:56 PM
කරනවා නම් ඉතාමත් හොඳ වැඩක්...
Nimal Thursday, 20 August 2020 03:04 PM
ඒවා ඇරඹුවාට පස්සේ අපිට ඒ ගැන කිව්වාම ඇති... අරඹන්නට කළින් කියන්න අවශ්‍යම නැහැ.
බද්රානි Thursday, 20 August 2020 03:23 PM
ඉතාමත්ම හොඳ සංකල්පයක්... ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ පාඨමාලාව හදාරපු කිසිවෙකුට වැරදිලා නැහැ. ලෝකයේ ඕනෑම රටකට සරිලන ප්‍රායෝගික පාඨමාලාවක් මේ ආයතනයෙන් ලබාදී තිබෙනවා. මේ ආයතනය ප්‍රාදේශීය මට්ටමෙන් රටපුරා විස්ථාරනය කිරීමට සැලසුම් කිරීම අප අගය කල යුතුයි. ලංකාවේ වැඩ බැරි ඉංජිනේරු උපාධි කාරයින්ව පිළිගත්තට, ලෝකය පිළිගන්නේ සැබෑම දක්ෂයින් ඒ නිසාම, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ලාංකික ජර්මන් කාර්මික ඩිප්ලෝමා ධාරීන්ට ඉහල වැටුපකට හොඳ රැකියා අවස්ථා ලබාදී තිබෙනවා.
Dasa PThursday, 20 August 2020 05:12 PM
එතකොට ඒ රටවල ලංකාවෙන් ගිය ඉංජිනේරු උපාධිකාරයෝ නැද්ද?