සම්බුද්ධ දේශනාව නොපෙනෙන නොහැඟෙන බලවේගයන්ට වඩා මානව හැකියා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බැවින් බුදුදහමට යුරෝපියයන් වඩ වඩාත් නැඹුරු වෙමින් පවතින බව ජර්මනියේ ඔර්ඩන්බර්ග් නගරයේ බුදුමඟ විහාරස්ථානයේදී ජර්මාන ජාතිකයින් පිරිසක් බුදු දහම වැළඳගැනීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේදී අනුසාශනාවක් කළ පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියෝ කීහ.
බුදුමග විහාරස්ථානයේ ආගමික අධ්‍යක්ෂක හා මයින්ස් සරසවියේ කථිකාචාර්ය රත්මලේ පඤ්ඤාරතන හිමියෝ මේ උත්සවය සංවිධානය කළහ. ඤාණිස්සර නාහිමියෝ මෙසේ ද කීහ.
" කාර්මික කරණයෙන් ඉමහත්සේ මානසික ආතතියකට පත්ව සිටින යුරෝපියයන්හට බුදුදහම මහා සිසිලක් ලබා දෙනවා. ඔවුන් ඒ මඟින් ලබාගන්නා මානසික සැනසිල්ල වෙනත් කිසිදු භෞතික වස්තුවකින් ලබාගත නොහැකි විය.
රත්මලානේ පඤ්ඤාරතන හිමියන් සැබෑ ධර්මදුත ස්වාමින්වහන්සේ කෙනෙකුගේ කාර්ය සාඵල්‍යය මැනවින් අවභෝධ කර ගනිමින් ජර්මනිය ප්‍රධාන කොට ගනිමින් යුරෝපය පුරා මහා ධර්මදුත මෙහෙවරක නියැලී සිටින බවත් අතිමහත් ජර්මන් ජාතිකයන් පිරිසක් උන්වහන්සේ වටා රොද බැදෙමින් සිටින බවත් මෙවන්වූ සාශනික හිතකාමී ක්‍රියා නිසා නිර්මල ථෙරවාද බෞද්ධ දර්ශනය යුරෝපය පුරා ප්‍රචලිත කිරීමේ හැකියාව ලැබී ඇති බවත් ඤාණිස්සර නාහිමියෝ පැවසුහ.
ප්‍රංශයේ ධම්මචක්ක විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද හිමියෝ මූලාසනයේ අනුශාසනාව කළහ.
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාර්තුගොඩ උපරතන හිමි, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා මහාවිහාරාධිපති ලෙඩියන්ගල සුදස්සී, තම්මැන්නාවේ ධම්මානන්ද, බටුවන්ගල සමිද්ධි, මක්කානිගොඩ බුද්ධදත්ත, මහදමනේ ජිනානන්ද, මහදමනේ අස්සජි යන හිමිවරුන්ද වැඩමකර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දුටුවහම හිතට පුදුම සතුටක් දැනෙන්නේ (නි)
බෞද්ධ දර්ශනය පිළිපදින කී දෙනෙක් විතර ලංකාවේ ඉන්නවා ඇති ද?(අ)
අපේ රටේ සිදුවෙන ශාසනික පරිහානිය දිහා බැලුවහම අනාගතයේදී බුදුදහම යුරෝපයෙන් ගෙන්න වෙයි.(අ්)
බුදුන් මග අනුගමනය කරන ඕනෑම කෙනෙක් ධර්මයෙහි ජිවත් වෙති. (දී)
එහෙනම් උපසම්පදාව ජර්මනියෙන් ආනයනය කරන්න වෙන දිනයකුත් එන්න පුළුවන්. සාදු සාදු. (දී)
පින්බර ඔබ වහන්සේගේ කැපවීමේ ප්‍රතිපල නිසාවෙන් මුළු මහත් ලෝකයාටම සත්‍ය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා! (නි)
පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියෝ යුරෝපයට වැඩම කළ අවදියේ සිටම ඉටුකරන ශාසනික හා සමාජ සේවය මෙතකැයි කියා නිමකරන්න බැහැ. ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල් වලින් වෛද්‍ය විද්‍යාලයට බැඳුන දරුවන් 800 කට වඩා පිරිසක් දේශයේ වෛද්‍යවරුන් ලෙස බිහිවුයේ ඒ හිමියන් ලබාදුන් ශිෂ්‍යත්ව ආධාර වලින්. ප්‍රංශය අවට තිබෙන ප්‍රධාන රටවල් ගණනාවක සිටින විදේශිකයින් මේ හිමියන්ගේත් පැරිස් නුවර ලා කුර්නේ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේත් ධර්ම දේශනා වලින් උපරිම ඵලයක් ලබා ගැනීම අප කාගේත් සතුටට හේතුවක්. (නි)
අපේ අය නිර්මල බුදුදහම විනාශ කරන්න හදනකොට යුරෝපියන්ට එහි වටිනාකම දැනිලා. සාදු සාදු.. (නි)
පද්මිණි,මෙතන චමින්දලාත් කීප දෙනෙක් ඉන්නවා. ගණන් ගන්න එපා.ආතර් සී.ක්ලාක් මහත්මයා අනාවැකියක් කියලා තිබුනා තව අවුරුදු පනහකින් පමණ ලෝකයේ ඉතුරු වෙන්නේ බුදුදහම පමණයි කියලා.ඒ ඉලක්කය කරා ලෝකය සෙමින් සෙමින්,ගමන් කරමින් සිටින බව, මේ කරුණු කාරණා වලින් පෙන්නුම් කරනවා. (නි)
රත්මලේ හිමියන්ගේ ධර්මදූත සේවාව අපි අගය කරමු.චරථ භික්ඛවේ චාරිකං ..... (නි)
බුදුගුණ අනන්තයි. සත්‍යය ජයගනී (නි)
තවත් පද්මිණි කෙනෙක් ඉන්නවා වගේ. මම වැඩකරන ආයතනයේ මගේ යහළුවෝ කියන්නේ ලෝකයේ තිබෙන එකම අවිහිංසාවාදී ආගම බුදුදහම කියලා. (නි)
බොහොම හොඳයි. (නි)
බුදු දහම සත්‍යයයි. ආතර් සී ක්ලාක් මහත්තයා කියූ අනාවැකිය සත්‍ය වෙනවා. (නි)
කමලා සහ නුවන්තලාගේ කතා වලින් අපට වැඩක් නැහැ. "බල්ලෝ බිරුවට කදු පහත්වෙන්නේ නැහැ" මේ තරම් ඉමහත් පින්වත් පුණ්‍යකර්මයක් ගැනත් සමහරු නිගාකරන හැටි (නි)
සැමට සම්මා සම්බුදු සරණයි! (නි)
කොපමණ වටිනවද පින්තූර ටිකක් දැම්මා නම් (නදී)
ජීවිතය තුළින් නිර්වාණය ළඟාකරගන්න නම් බුදු දහම ඔස්සේ ගමන් කළයුතු වෙනවා. නිර්වාණය යනු සසරෙන් එතෙරවීමයි (නි)
බුදුදහම සැමදා සත්‍යයයි (නි)
සාධු , සාධු, සාධු!!! සත්‍ය ජයගනී (නි)
හරිම සතුටුයි අපිට (නි)
සාදු සාදු සාදු!! (නි)
හිතට ලොකු සතුටක් දැනුනා (නි)
මෙහි ලියන නුවන්ත මහත්තය කිවා වගේ ඉතාලියේ වෙරෝනා, මිලානෝ, රෝමයේත් එහෙමමයි. එ් නිසා තමන්ගේ රටේ අයට දහම උගන්වලයි අන් අයට බෙදාහරින්න ඕනා. (නදී)
ජර්මනියේ පන්සල් විතරක් නෙමෙයි හාමුදුරුවන්වත් බෙදා ගෙන තියෙන්නේ. ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් දාන දෙන්නෙත් පින් කරන්නෙත් තරඟකාරිතත්වයකට. (නදී)
පූජ්‍ය රත්මලේ නාහිමියන්ගේ විදේශීය ආගමික සේවාව මෙන්ම "කරුණා සමාධි" පදනම හරහා මෙරට සිදුකරන සාමාජික මෙහෙවර ද පැසසුමට ලක්විය යුතුය. (නදී)
බුද්ධ දේශනාවට අනුව ගත්තත් බුදු දහම ගැඹුරුයි. උගතුන්ට බුද්ධිමතුන්ට මිසක් මේ දහම තේරුම් ගැනීමට අපහසුයි. මොනවා වුණත් අපේ හාමුදුරුවන් වහන්සේලාගේ උත්සාහයට අපේ නමස්කාර පුර්වක ස්තුතිය! (නි)
අපි ලංකා ඉතිහාසය ගැන සලකා බැලුවොත් අපිට පෙනෙන දෙයක් තමයි බුදු දහම අත්හැර වෙනත් ආගම් වලට හැරවි ඇත්තේ තාන්න මාන්න වලට, තනතුරුවලට, මුදලට. දැනුත් සිදවන්නේ එයයි. නමුත් බුද්ධ දර්ශනය ඇදහීමට පටන් ගන්නේ මුළු හදවතින්ම පැහැදීමකින් බව මේ වාර්තාවෙන් හොඳට පේනවා. බලකිරීමක් නැහැ තනතුරු නැහැ පගාව නැහැ මුළු හදවතින්ම පැහැදීමකින්. බුදු සසුන ලොව අමරණීයයි (නදී)
සත්‍ය වටහා ගැනීම අගය කරමි. බුදුසරණයි (නදී)
බුදු දහමේ වටිනා කම බුද්දි මතෝ ඉක්මනින් වට හා ගනිති. අද යුරෝපේ සහ ඇමරිකාවේ මේ බිලිබදව විශේෂ උනන්දුවක් පවතිනවා (නදී)
ජර්මනියේ පන්සල් බෙදා ගෙන දෙකට බෙදිලා ඉන්න අය සමගි කිරීමත් කල යුතුයි නේද? (නදී)